ගනේමුල්ල, බටුවත්ත ප්‍රදේශයේ ඊයේ (01) රාත්‍රියේදී බීමත් රියැදුරෙක් විසින් ධාවනය කළ මෝටර් රථයක් රථවාහන කිහිපයක, නිවසක ඉදිරිපස තාප්පයක සහ ගේට්ටුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පසුව එම ස්ථානයෙන් පලා යාමට උත්සාහ කිරීමේදී ප්‍රදේශවාසීන් විසින් ඔහුව ගනේමුල්ල පොලීසිය වෙත බාරදීමට කටයුතු කර තිබෙනවා. (Sri Lanka Latest News)
අදාළ අනතුර සිදුකළ පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරියෙකු බවටයි ප්‍රකාශ කර ඇත්තේ.
ප්‍රදේශවාසීන්ගේ දැනුවත් කිරීම පරිදි එම ස්ථානයට පැමිණි ගනේමුල්ල පොලිස් නිලධාරීන් විසින් ඔහුව රැගෙන යාමටයි කටයුතු කර තිබුනේ.










