• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මව්රට’ට විශේෂයි! ජලනි ප්‍රේමදාස අතිශය සංවේදී වෙයි! දරුවකුගෙ ප්‍රශ්නය නිසා ආපු ජීවිත අනතුර ගැන කියයි! අමාරු වෙලාවක සජිත් ගත්ත තීරණයත් කියයි! මෙහෙම වෙලාවක මිනිස්සු මඩ ගහපු හැටි මතක් කරයි! අම්මා කෙනෙක් වූ දවසේ ආපු සතුට වචනවලින්ම කියයි! PHOTOS I Sri Lanka Latest News

September 1, 2024
in Exclusive
Reading Time: 13 mins read
A A
‘මව්රට’ට විශේෂයි! ජලනි ප්‍රේමදාස අතිශය සංවේදී වෙයි! දරුවකුගෙ ප්‍රශ්නය නිසා ආපු ජීවිත අනතුර ගැන කියයි! අමාරු වෙලාවක සජිත් ගත්ත තීරණයත් කියයි! මෙහෙම වෙලාවක මිනිස්සු මඩ ගහපු හැටි මතක් කරයි! අම්මා කෙනෙක් වූ දවසේ ආපු සතුට වචනවලින්ම කියයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙවර ජනාධිපතිවරණයේ වැඩිම ජනතා ආකර්ෂණය දිනාගෙන සිටින අපේක්ෂකයා සමගි ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා යැයි පැවැසීම නිවැරදිය. දශක තුනකට ආසන්න සජිත්ගේ දේශපාලන ජීවිතයේ ලොකුම ශක්තිය ඔහුගේ බිරිය ජලනි ප්‍රේමදාස මහත්මියය. මේ, ජලනි සමග ‘මව්රට’ පුවත්පත පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකි.

ඔබට සජිත්ව මුලින්ම මුණගැහෙනකොට ඔහු දේශපාලනයට අවතීර්ණ වෙලාද හිටියේ?

අපි දෙන්නා හමුවුණු කාලය වෙනකොට සජිත් හම්බන්තොට දිස්ත්‍රික්කය මුල්කරගෙන දේශපාලන කටයුතු පටන් අරන් තිබුණේ. හැබැයි ඒ වෙනකොට ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නෙමෙයි. අපි විවාහ වෙනවා කියන තීරණය ගත්තට පස්සෙ සජිත් මට ඔහුගේ දේශපාලන අභිලාෂ ගැන කිව්වා. දේශපාලනය කරද්දී මුහුණ දෙන්න වෙන අභියෝග සහ ප්‍රශ්න ගැනත් කිව්වා. මමත් ඒ දේවල් ගැන සෑහෙන කල්පනා කළා.
අනාගතයේදී දේශපාලනිකව මුහුණ දෙන්න වෙන ඕනෑම අභියෝගයකදී මට සජිත් ළඟ ශක්තිමත්ව ඉන්න පුළුවන් කියන විශ්වාසයෙන් තමයි මම ඔහු සමග විවාහ වෙන තීරණය ගත්තේ. අපි විවාහ වෙලා දැන් අවුරුදු විසිපහකට වැඩියි. ඒ කාලයේ සජිත් දේශපාලනිකව අභියෝග විශාල ප්‍රමාණයකට මුහුණ දීලා තියෙනවා. ප්‍රශ්නවලට මුහුණදීලා තියෙනවා. අපි දෙන්නා එක්ව ඒවාට මුහුණ දුන්න හැටි සිහිපත් වෙනකොට මම එදා ගත්ත තීරණය ඉතාම නිවැරදි බව දැනෙනවා.

සජිත්ව ඔබට මුලින්ම මුණගැහුණේ කොහොමද?

මීට අවුරුදු විසිහතකට විසිඅටකට විතර කලින් එක්සත් ජාතික පක්ෂය වෘත්තීයවේදීන්ගේ සංවිධානය නිර්මාණය කරනකොට අපේ අම්මා එහි ආරම්භක සාමාජිකාවක් වුණා. අම්මට එක්සත් ජාතික පක්ෂය සමග තිබුණු සම්බන්ධය නිසා රණසිංහ ප්‍රේමදාස මහත්තයගෙ ගුණසමරු පින්කමකට සුචරිතයට එන්න කියලා ආරාධනයක් ලැබුණා. ඒ ආරාධනය කරල තිබුණෙ සජිත්. ප්‍රේමදාස මහත්තයගෙ ගුණසමරු පින්කම තිබුණු දවසෙම මගෙ මිතුරියකගේ උත්සවයකුත් යෙදිලා තිබුණා. ඒ නිසා අම්මා කිව්වා ‘දෙන්නම එකම වාහනේ ගිහින් මාව සුචරිතයෙන් බස්සලා ඔයා යාළුවගෙ වැඩේට යන්න’ කියලා. සුචරිතය ළඟට ආවහම අම්මා කිව්වා ‘මෙතැනටම ආපු එකේ වාහනයෙන් බැහැලා විනාඩි පහකට සුචරිතයට ගොඩවෙලා යන්න’ කියලා. ඉතින් මම වාහනයෙන් බැහැලා අම්මත් එක්ක සුචරිතයට ගියා. ඒ වෙලාවෙ තමයි සජිත්ව මුලින්ම දැක්කේ.

එදා සජිත් ඔබත් එක්ක කතාබහ කළාද?

ඔව්. සජිත් මාත් එක්ක එදා කතා කළා. විනාඩි පහකට වාහනයෙන් බැස්ස මට අන්තිමේ පැය තුන හතරක් සුචරිතයේ ඉන්න වුණා. ඒ නිසා මගේ මිතුරියගේ උත්සවයත් මඟහැරුණා.

සජිත් ඔහුගෙ කැමැත්ත ඔබට ප්‍රකාශ කළේ කෙහොමද?

එදා සජිත් මම කාගෙ කවුද කියලා අහල තිබුණේ ගුණසමරු පින්කමට ඇවිත් හිටිය රෝසි සේනානායක මහත්මියගෙන්. ඇය සජිත්ට අපේ අම්මව පෙන්නලා මෙතුමියගෙ දුව කියල කියලා තිබුණා. සජිත් අපේ ගෙදර දුරකතන අංකය හොයාගෙන ගුණසමරු පින්කම තිබුණු දවසට පහුවදාම කතා කළා. ඔහුගෙ ඇමතුම මුලින්ම ගත්තේ අපේ අම්මා. සජිත් පළමු දුරකතන ඇමතුමේදිම අපේ අම්මට කියලා තිබුණා ‘අම්මා මම ඔයාගෙ දුවට කැමැතියි’ කියලා. අම්ම එයට උත්තර දීලා තිබුණෙ ‘දුවගෙන් මේ ගැන අහන්න ඕනෙ, එයාගෙ කැමැත්ත අකැමැත්ත තමයි වැදගත්’ කියලා. එහෙම කියලා අම්මා දුරකතනය මට දුන්නා. එතකොට සජිත් මාත් එක්ක ටිකක් වෙලා කතාබහ කරකර ඉඳලා කිව්වා ‘මම ඔයාට කැමැතියි’ කියලා.

ඔබ මොකක්ද එතකොට කිව්වේ?

මම කිව්වා ‘මට එක පාරටම කැමැති වෙන්න බැහැ, අපි කතාබහ කරලා දැනහඳුනා ගත්තට පස්සෙ තීරණයක් ගමු’ කියලා. එහෙම කාලයක් කතාබහ කරලා දෙන්නට දෙන්නා දැනහඳුනාගෙන තමයි විවාහ වෙන්න තීරණය කළේ. අපි විවාහ වුණේ මුල්ම හඳුනා ගැනීමෙන් අවුරුදු එකහමාරකට පස්සේ.

ගෙවුණු අවුරුදු විසිපහේ සජිත් දේශපාලනික අභියෝග රැසකට මුහුණදුන් බව ඔබ කලින් කිව්වා. දෙදහස් දහනවයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ගත්ත තීරණයත් එහෙම අභියෝගාත්මකයි. ඒ වෙලාවෙ ඔබ මොනවද සජිත්ට කිව්වේ?

ඔබ කිව්වා වගේම සජිත් ඒ වෙලාවෙ බාරගත්තෙ සුවිශාල අභියෝගයක්. මොකද මහබැංකු බැඳුම්කර සිද්ධිය, පාස්කු ප්‍රහාරය ඇතුළුව එවක පැවැති ආණ්ඩුවට එල්ල වුණු සියලු චෝදනා එක්කයි සජිත්ට ජනාධිපතිවරණ සටන කරන්න වුණේ. අනෙක් අතට දෙදහස් දහනවයෙදි සජිත්ට අපේක්ෂකත්වය ලැබෙනකොට ප්‍රතිවාදී ප්‍රධාන අපේක්ෂකයා ඔහුගෙ ජනාධිපතිවරණ කැම්පේන් එක පටන් අරන් සැලකිය යුතු කාලයකුත් ගෙවී තිබුණා. ඔය කාරණා නිසා මම සජිත්ට කිව්වා ‘ඔයා බාර අරන් තියෙන්නෙ ලේසි පහසු අභියෝගයක් නෙමෙයි, අවසානයේ මොන ප්‍රතිඵලය ලැබුණත් මම ඔයාගෙ ළඟින්ම ඉන්නවා’ කියලා.

ජනාධිපතිවරණ පරාජයක් දරාගන්න එක ලේසි පහසු දෙයක් නෙමෙයි. නමුත් දෙදහස් දහනවයේ ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරන්න මැතිවරණ දෙපාර්තමේන්තුවේ පවත්වපු මාධ්‍ය හමුවෙදි ඔබ සජිත් ළඟින්ම හිටියා. ජනාධිපතිවරණය පරාජය වුණු බව දැනගත්තම මොනවද ඔබ ඔහුට කිව්වේ?
ඉතා ඉක්මනින් නැවත දේශපාලන කටයුතු පටන් ගන්න කියලා මම මුලින්ම ඔහුට කිව්වා. ‘මේක පරාජයක් නෙමෙයි ලක්ෂ පනස්පහකට වැඩි ජනතාවක් ඔයා ගැන විශ්වාසය තියලා තියෙනවා, ඒ නිසා දේශපාලනයේ ඉදිරි ගමනට ලෑස්ති වෙන්න’ කියලත් කිව්වා. රටේ බහුතර ජනතාව විශ්වාසය තියල තියෙන නායකයට වැඩකරන්න පුළුවන් පරිමාව ඉදිරියේදී දැකගත හැකිවනු ඇති බවත්, ඒ අනුව මුළු රටම ඉක්මනටම සත්‍ය වටහාගනු ඇති බවත් ඒ වෙලාවේ මම සජිත්ට කිව්වා. එදා මම කියපු දේ පසු කාලයේ ඇත්ත වුණා. හැබැයි ඒ ගැන මම සතුටු වෙන්නෙ නැහැ. මොකද දෙදහස් දහනවයේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය නිසා රටටත් ජනතාවටත් ගෙවන්න වුණු වන්දිය අතිවිශාලයි.

වැඩි ප්‍රසිද්ධියක් නැතිව ඔබ බොහෝ ආගමික කටයුතු කරනවා. මොනවද එහෙම කරන පින්කම්?

තිස්සමහාරාම රජමහා විහාරයෙන් ආරම්භ කරලා මේ වෙනකොට මම කඨින පින්කම් විස්සක් කරලා තියෙනවා. මම කඨින පින්කමකට දායක වෙන්නෙ එයට සමගාමීව කඨින පින්කම කරන විහාරස්ථානය දියුණු කරන වැඩසටහනකුත් එක්ක. ඒ විදිහට විහාරස්ථාන විස්සක් මේ වෙනකොට දියුණු කරලා තියෙනවා. කොවිඩ් වසංගතයෙන් පස්සෙ මුලින්ම කඨින පින්කම කළේ තන්තිරිමලය රජමහා විහාරස්ථානයේ. ඊට පස්සෙ මහියංගණය රජමහා විහාරයේත් සෝමාවතිය රජමහා විහාරස්ථානයේත් කඨින පින්කම් කළා. කඨින පින්කම් හැරුණු විට මම තවත් ආගමික සහ සමාජ සත්කාර රැසකට දායක වෙලා තියෙනවා. සජිත් විපක්ෂ මන්ත්‍රීවරයෙක්ව ඉන්නකොට විහාරස්ථානවලට උදව් කරපු ‘සසුනට අරුණ’ වැඩසටහන සම්බන්ධීකරණය කළේ මම. එයට අමතරව බොහෝ ස්වාමින්වහන්සේලාගෙන් ලැබුණු ඉල්ලීම් අනුව උන්වහන්සේලාගෙ විහාරස්ථානවලට මම හැකි පමණින් උදව් කළා. අදටත් කරනවා. මගේ මේ බෞද්ධාගමික කටයුතු අගයන්න ත්‍රෛනිකායික මහා සංඝරත්නය ‘ශ්‍රී සුගත සාසන ප්‍රසාදිනී’ නමින් ගෞරව නාමයක් මට ප්‍රදානය කළා. ඒ වෙලාවෙ තමයි බොහෝ දෙනෙක් දැනගත්තෙ මම කරන මේ ආගමික කටයුතු ගැන. මේ අවුරුද්දේ මහනුවර දළදා මාලිගාවේ කඨින පින්කම කරන්නෙත් මම. ප්‍රසිද්ධියක් නැතිව නිහඬව මේ දේවල් කරන්න තමයි මම කැමැති.

ඔබෙත් සජිත්ගෙත් පවුලට දරුවෙක් එකතු වුණේ විවාහයෙන් වසර විසිපහකට පස්සේ. ඔබ දෙදෙනා විවාහ වෙලා විශාල කාලයක් යනකම් ඔබට දරුවෙක් ලැබුණෙ නැති කාරණය මත සජිත්ට දේශපාලනිකව ප්‍රහාර එල්ල කළ අවස්ථා තිබුණා. කොහොමද ඒ දේවල් දරා ගත්තේ?

අපි දරුවෙක් හදන්න විශාල කාලයක් ගත්තෙ ඇයි කියලා මුලින්ම කියන්නම්. දරුවෙක් පිළිසිඳ ගැනීම කියන කාරණයෙදි මම සෑහෙන සෞඛ්‍ය ප්‍රශ්නවලට මුහුණදීපු කෙනෙක්. දරුවෙක් හදනවා කියන මාර්ගයේ සැලකිය යුතු කාලයක් නොයන්න අපි තීරණය කළේ මට මුහුණ දෙන්න වුණු ඒ සෞඛ්‍ය ප්‍රශ්න නිසා. ‘අපි දරුවෙක් නොහදා ඉමු’ කියලා සජිත් යෝජනා කළ අවස්ථාවකුත් තිබුණා. මොකද දරුවෙක් හදන්න ගන්න උත්සාහයකදී මගෙ ජීවිතයට අනතුරක් වුණත් වෙන්න තිබුණා. ‘ඔයා නැතුව මට දරුවෙක් අවශ්‍ය නැහැ’ කියලා සජිත් කියපු අවස්ථාත් තිබුණා. මගේ සෞඛ්‍ය ප්‍රශ්නයක් නිසා සජිත්ට දේශපාලනිකව ප්‍රහාර එල්ල කරනකොට මුලදි නම් මට සෑහෙන කනගාටුවක් ඇතිවුණා. හැබැයි පසුකාලීනව මම තේරුම් ගත්තා දරුවන් නැහැ කියන අතිශය සංවේදී කාරණය අල්ලගෙන අපට මඩ ගහපු අයට මොන තරම් දුර්වල මානසිකත්වයක්ද ඇත්තෙ කියලා.

එහෙම මඩ ගහපු හැමෝම මවු කුසකින් බිහිවුණු අය. ඒ වගේම බිරිඳක්, සහෝදරියන්, දරුවන් ඉන්න අය. දරුවන් සම්බන්ධ කාරණය මුල්කරගෙන මටත් සජිත්ටත් මඩ ගහපු අය තමන්ගෙ මවට, බිරිඳට, සහෝදරියන්ට සහ පොදුවේ කාන්තාවන්ට ගරු කරන අය නෙවෙයි කියලයි මම හිතන්නේ. අනෙක් අතට සජිත්ට කරන්න වෙනත් චෝදනා නැති නිසයි මෙවැනි මඩ ගහන්නේ.

වසර විසිපහකට පස්සෙ අම්මා කෙනෙක් වුණාම මොන වගේ හැඟීමක්ද ඇති වුණේ?

ඒක වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සතුටක්. මම හිතන විදිහට විවාහ වෙන ඕනෙම කාන්තාවකගේ ලොකුම හීනය තමයි අම්මා කෙනෙක් වෙන එක. මටත් සජිත්ටත් ලොකු විශ්වාසයක් තිබුණා කවදා හරි සොබාදහම අපව මවුපියන් බවට පත්කරයි කියලා. මොකද අපි දෙන්නම සොබාදහමට ගහ කොළට ආදරෙන්, රටට සමාජයට මිනිසුන්ට හැකි පමණ උදව් කරමින් ජීවත් වෙන අය. අන්තිමට සොබාදහම අපිට ඒ තෑග්ග දුන්නා. දුව ඉපදුණාට පස්සෙ අපේ පවුල සම්පූර්ණ වුණා.

සජිත්ගෙ බිරිඳ විදියට ඔබ ඔහු තුළ දකින හොඳම ගුණාංගය මොකක්ද? ඒ වගේම දුර්වලම ගුණාංගය මොකක්ද?

ඉවසීම තමයි මම ඔහුගෙන් දකින හොඳම ගුණාංගය. පුදුම විදියේ ඉවසීමේ හැකියාවක් සජිත්ට තියෙනවා. ඒ වගේම සජිත් අන්‍යයන් කෙරෙහි දක්වන ගෞරවය ගැනත් මම මෙතැනදි කියන්න ඕනෙ. ඒකත් ඔහුගෙ බොහොම හොඳ ගුණාංගයක්. බෞද්ධ දර්ශනයෙත් දැක්වෙන්නේ තමන් උපමාකොට ගෙන අන්‍යයන්ට ගෞරව කරන්න කියලා.

දුර්වලම ගුණාංගය කියලා දෙයක් නම් මම සජිත්ගෙන් දකින්නෙ නැහැ. හැබැයි ඒ ගැන මෙහෙම දෙයක් කියන්න පුළුවන්. සජිත්ට හැම දෙයක්ම සියයට සියයක් අකුරට පිළිවෙළට තියෙන්න ඕනේ. හැම වැඩකදීම ඔහු ඒක බලාපොරොත්තු වෙනවා. සජිත්ගෙ දුර්වලතාවක් විදියට මට කියන්න පුළුවන් ඔය කාරණය තමයි.

සජිතුයි ඔබයි දෙන්නම බොහොම කාර්යබහුල ජීවිත ගතකරන්නේ. ඒ කාර්යබහුලත්වය අතරේ සින්දුවක් අහන්න, පොතක්පතක් කියවන්න, චිත්‍රපටයක් බලන්න වගේ දේවලට දෙන්නත් එක්ක වෙලාවක් වෙන් කරගන්නවද?

සජිත් කොළඹ ඉන්න හැම දවසකම වගේ අපි දෙන්නා අපි දෙන්නා වෙනුවෙන් දවසට අඩු තරමින් පැය භාගයක් හරි වෙන්කර ගන්නවා. ඒ වෙලාවට අපි ගීත අහනවා. සමහර වෙලාවට සජිත් පියානෝ එක ප්ලේ කරනවා. පොත්පත් සඟරා වගේ දේවල් කියවනවා. සතියකට දෙකකට සැරයක් ෆිල්ම් එකක් බලන්නත් වෙලාව හදාගන්නවා.

මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය ගැන මොන වගේ විශ්වාසයක් ද ඔබට තියෙන්නේ?

එළැඹෙන විසිඑක් වැනිදා බහුතර ජනතාව මෙරට මීළඟ භාරකරු විදියට සජිත්ව තෝරාගන්නා බව මට සියයට සියයක්ම විශ්වාසයි. මොකද දෙදහස් දහනවය ජනාධිපතිවරණයෙන් පස්සෙ රටටත් ජනතාවටත් මුහුණ දෙන්න වුණු ඛේදනීය තත්ත්ව එක්ක රටේ අතිමහත් බහුතරයක් ඇත්ත වටහාගෙන තියෙනවා. ඒ නිසා මෙවර ජනාධිපතිවරණයෙදි ජනතාව නිවැරැදි තීන්දුව ගනීවි. නිසි දේශපාලන දැනුමක් සහ අත්දැකීම් නැති පුද්ගලයෙක් රටේ මුල් පුරවැසියා කරලා රටට වුණු වින්නැහිය මිනිස්සුන්ට අමතක නැහැ. ඒ නිසා එවැනි තීරණයක් ජනතාව නැවතත් ගන්න එකක් නැහැ. අනෙක් අතට රට ගොඩනගන්න පුළුවන්, දූෂණ චෝදනා නැති, ජාත්‍යන්තර සබඳතා තියෙන, රටේ ආර්ථිකය නිවැරැදිව හැසිරවීමට හැකි කණ්ඩායමකට විතරයි. ඒ කණ්ඩායම ඉන්නෙ සජිත් එක්ක.

නාඋයන ආරණ්‍ය සේනාසනයේදී…

ආගමික උත්සවයකට එක්ව

උත්සව අවස්ථාවක

සජිත් සහ ජලනි දියණිය සමග

දියණිය සමග

– දහම්ප්‍රිය ලොකුබණ්ඩාර

SendShareShare
Previous Post

ආනයන ආදායම අඩුවෙයි! අපනයන වියදම වැඩිවෙයි! වෙළෙඳ හිඟය නගී! Sri Lanka Latest News

Next Post

පැමිණිලි නගින්න පටන්ගනී! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.