ජනාධිපතිවරණ උණුසුම පසුගිය සති අන්තයේ සිට වැඩිවෙමින් තිබෙන නිසා පොලිස් ජංගම සහ පාමුර සංචාර වැඩිකොට ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා ‘මව්රට’ට පැවැසීය.
මැතිවරණ නීති කඩකළ පුද්ගලයන් 18 දෙනකු මේ වනවිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
පසුගිය බදාදා වනවිට මැතිවරණ නීති කඩකළ සිද්ධීන් 76ක් වාර්තා වී තිබුණු අතර, දේශපාලන පක්ෂ කාර්යාල කිහිපයක් ගිනිතැබීමට උත්සාහ දැරූ සිද්ධීන් කිහිපයක්ද වාර්තා වී තිබිණි.
දේශපාලන කාර්යාල ආරක්ෂාව සඳහා දිවා රාත්‍රී ඔවුන්ගේ අනුගාමිකයන් යොදවන ලෙසද පොලිසිය අදාළ පක්ෂ සංවිධායකයන්ට දැනුම්දී තිබේ.
මැතිවරණ නීති කඩකර පලා යන පුද්ගලයන් එම මොහොතේම අත්අඩංගුවට ගන්නා ලෙසත්, සිදුවීම් අවට පිහිටා ඇති සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස මැතිවරණ ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිසිවලට නියෝග කොට ඇත.
ප්‍රේමලාල් විජේරත්න










