• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෆොන්සේකාට වෙච්ච දේ අනේ අනිච්චං! Sri Lanka Latest News

September 1, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ෆොන්සේකාට වෙච්ච දේ අනේ අනිච්චං! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියන්නේ ශ්‍රී ලංකා ඉතිහාසය වෙනස් කරපු යුද විරුවෙක්. අපි ජාතික වීරයෝ ගැන කතා කරනකොට අන්තිමටම මේ ජාතික වීරයන්ගේ ලැයිස්තුවට එකතු වෙච්ච ජාතික වීරයෙක් සරත් ෆොන්සේකා කියලා කියන්නේ. අපි අහලා තියෙනවා ඔහු යුද්ධය වෙනුවෙන් නිදි නොලබා වෙහෙසුණු හැටි. රට වෙනුවෙන්. රට බේරගන්න. තමන්ගේ මරණය ගැන නොහිතා තමන්ගේ ජීවිතේ ගැන නොහිතා සටන් බිමට ගිය උදාර රණවිරුවෙක් තමයි සරත් ෆොන්සේකා කියන්නේ. ඇත්තටම සමහර අය යුද්ධයට කොළඹ ඉඳන් අණ දෙනකොට කොළඹ ඉඳන් සැලසුම් හදනකොට යුද බිමට ගිහිල්ලා යුද විරුවන්ගේ ළඟට වෙලා ඒ මිනිස්සු එක්ක කතාකරලා දුක සැප සතුට බෙදාගෙන මේක කරන්න ඕනේ කියන මොරාල් එකත් එක්ක යුද්ධ කරපු අභීත රණවිරුවාගේ නම සරත් ෆොන්සේකා. ඒක අපිට කවදාවත් අමතක නෑ. මේ ලියන මොහොතෙත් අපි සරත් ෆොන්සේකාට පරණ පුරුදු ගෞරවයත් එක්කම හිස නමා ආචාර කරනවා. සරත් ෆොන්සේකා කියන වීරයා මියයන්නේ නෑ. මියයන්න දෙන්නත් බෑ. සරත් ෆොන්සේකා කියලා කියන්නේ මේ රටේ ජනාධිපති වෙන්න ඕනේ මිනිහෙක්ද නැද්ද කියන එක වෙනම කතාවක්. හැබැයි සරත් ෆොන්සේකා කියන්නේ රණවිරුවෙක් කියන එක ගෞරවනීය පුරවැසියෙක් කියන එක මේ මහපොළොවට ණය නැති මිනිහෙක් කියන එක අපි මේ මොහොතේ ආයෙත් මතක් කරනවා. (Sri Lanka Latest News)

සරත් ෆොන්සේකා ඔබ දක්ෂයෙක්. හබැයි සරත් ෆොන්සේකා කියන ජනාධිපති අපේක්ෂකයා, සරත් ෆොන්සේකා කියන දේශපාලකයා ෆේල්. අසාර්ථකයි. සරත් ෆොන්සේකා කියන දේශපාලකයට ලොකු ගමනක් නෑ කියලා පැහැදිලිවම පේනවා. සරත් ෆොන්සේකා කියන දේශපාලකයා පළමු වතාවෙම ලණුව කෑවා අපේ ප්‍රධාන පෙළේ දේශපාලකයන්ගෙන්. ඒ තමයි ජනාධිපතිවරණයට ඇවිල්ලා. ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහලාගේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා ඒගොල්ලන්ගේ ජාම බේරගන්න සටනට ආපු සරත් ෆොන්සේකා ජනාධිපති වුණේ නෑ. තව චුට්ටක් එහෙ මෙහෙ වුණා නම් සරත් ෆොන්සේකා තමයි ලංකාවේ ජනාධිපති. එදා සරත් ෆොන්සේකා, සරත් ෆොන්සේකාගේ භූමිකාව නෙවෙයි නිරූපණය කළේ. එදා සරත් ෆොන්සේකා නිරූපණය කළේ එජාපයේ, මහින්ද විරෝධී භූමිකාව. සරත් ෆොන්සේකා ඒ භූමිකාවට අරගෙන නැටෙව්වා. සරත් ෆොන්සේකා තමයි නයා. නළාව පිම්බේ අනිත් පැත්තෙන්. නළාව පිඹින එකා හිතාගෙන හිටියට නයා දක්ෂයි කියලා, ඇත්තටම දක්ෂයා නළාව පිඹින එකා. නයා හිතාගෙන හිටියට නයා දක්ෂයි කියලා ඇත්තටම දක්ෂ නළාව පිඹින එක්කෙනා. නළාව පිම්බම තමයි නයා නැටුවේ. හැබැයි ඇත්තටම නයා නැටුවද, නයා දැඟලුවද කියන එක දන්නේ නයාම තමයි. හැබැයි අවාසනාවකට සරත් ෆොන්සේකාට ඒ වතාවේ ජනාධිපති වෙන්න බැරිව ගියා. ඔහු තනියම ඡන්දේ ඉල්ලනවා. හැබැයි තනියම ඡන්දේ ඉල්ලපුවාම අපිට මතක හැටියට පාර්ලිමේන්තුවට ඔහුට කිසිසේත්ම සාර්ථක වෙන්න බැරුව ගියා. ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයට පින් සිද්ධ වෙන්න තමයි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යන්තම් ගොඩකර ගන්නේ.

එහෙම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගොඩවෙච්ච සරත් ෆොන්සේකා මහත්තයා ඊළඟට ආයෙමත් පාර්ලිමේන්තුව ඇතුළෙදී එහෙන් මෙහෙන් කට ඇරලා අනවශ්‍ය කතා කියලා ලෙඩ දාගන්න පටන් අරගත්තා. එහෙම යනකොට අර අභීත රණවිරුවා රට බේරගත්ත මනුස්සයා මිනිස්සුන්ට ටික ටික අමතක වෙන්න පටන් අරගත්තා. ඒක එහෙම තමයි. ඒකට සරත් ෆොන්සේකා මහත්තයා කනගාටු වෙලා වැඩක් නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයත් යුද්දේ පෙන්නලා ඡන්දේ දිනන්න හැදුවට අද නාමල් රාජපක්ෂ මහත්තයා ඉන්නේ දිනන අශ්වයෙක්ගේ ගානට නෙවෙයි. එයා ඉන්නේ රේස් එකේ පිටිපස්සෙන්. හැබැයි යුද්ධය ඉවර කරන්න මහින්ද රාජපක්ෂ මහත්තයා දුන්න දායකත්වය අමතක නෑ මිනිස්සුන්ට. හැබැයි හැමදාම යුද්ධය ගැන කිය කියා ඡන්දේ දෙන්නත් බෑ, ඡන්දේ ගන්නත් බෑ කියන එක මේ වෙලාවේ බොහොම ආදරෙන් ගෞරවයෙන් මතක් කරන්න සිද්ධ වෙනවා. ඒකට උදාහරණයක් තමයි සරත් ෆොන්සේකා.

දැන් සරත් ෆොන්සේකා රැස්වීම් 4ක් තියලා ඉවරයි. රැස්වීම් 4ම අතිශය අසාර්ථකයි. සරත් ෆොන්සේකා මේ රැස්වීමට යන්නේ තමන්ට බෝම්බේ ගහපු වෙලාවේ තමන් හිටපු කාර් එකත් වාහනයක පටවගෙන. ඒක බලන්නවත් මිනිස්සු රැස්වීමට එන්නේ නෑ. රැස්වීම් හතරෙම මිනිස්සු බොහොම පොඩි ගානක් හිටියේ. හැම පුටුවම හිස්. හරිම කනගාටුයි. අපි මේ ඔහු අසාර්ථක වීම සම්බන්ධව උදාන වාක්‍ය කියනවා නෙවෙයි. අපි බලාපොරොත්තු වුණේ නෑ සරත් ෆොන්සේකා කවදාවත් ඒ තත්ත්වෙට වැටෙයි කියලා. සරත් ෆොන්සේකා සජබ පිලත් එක්ක ඉඳලා ගැටුම් ඇතිකරගෙන, නඩු දාලා, ප්‍රශ්න ඇතිකරගෙන ඔවුන්ගෙන් ඉවත් වෙලා යනවා. ඉවත් වෙලා මේ වෙලාවේ තනියම ජනාධිපති සටනට එන්න උත්සාහ කරනවා. වෙන්නේ අර නයාගෙයි නයි නටවන්නාගෙයි කතාවේ හොඳම හරිය. නයා තීරණය කරනවා නටවන්නාට වඩා මම දක්ෂයි කියලා. නටවන්නා කවුද? එයා කරන්නේ නළාව පිඹින එක. හැබැයි නටන්නේ මම. සල්ලි දෙන්නේ මටනේ මිනිස්සු කියලා හිතාගෙන නයා ඇවිල්ලා වීදියේ තැනක නටන්න පටන් අරගන්නවා. හැබැයි මිනිස්සු කවුරුත් තනිවම නටන නයා දිහා බලන්නෙවත් නෑ. සත පහක්වත් දෙන්නෙ නෑ. ඒ වගේ සරත් ෆොන්සේකා මහත්තයාට මේ වතාවේ ජනාධිපතිවරණ වේදිකාවේදී ඉතාම කනගාටුදායක ඉරණමකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. කිසිම රැස්වීමකට කිසිම සෙනඟක් සහභාගි කරවගන්න සරත් ෆොන්සේකා මහත්තයා සමත් වුණේ නෑ.
ලංකාවේ තිබුණු අසාර්ථකම ජනාධිපතිවරණ රැලි මේ වෙනකොට තියලා තියෙන්නේ සරත් ෆොන්සේකා මහත්තයා. එක්කෝ නොතියා ඉන්න ඕනේ. නැත්නම් සැලසුමක් ඇතිව තියන්න ඕනේ. මෙන්න මේ සැලසුමක් නැතිවීම, යුද්ධය අභීතව සැලසුම් කරපු, යුද්ධයේ මර්මස්ථාන ටික හරියටම තෝරගත්තු, ලෝකේ හිටපු ලොකුම ත්‍රස්තවාදියාට විරුද්ධව සටන් කරපු මනුස්සයට කරන්න බැරිවෙච්ච එක ගැන අපිට නම් පුදුම නෑ. මොකද මේක විෂයන් දෙකක්. මේකෙන් අපට හුඟක් දේවල් තේරෙනවා. සමහර දේවලට දක්ෂයි කිව්වට, සමහර දේවල් කරන්න පුළුවන් කිව්වට, සමහර දේවලට එයාට තමයි හොඳටම සම්බන්ධතා තියෙන්නේ කිව්වට එහෙම නෑ. රටක් කරන්න නම් අත්දැකීම් තියෙන්න ඕනේ, කළ පුරුද්දක් තියෙන්න ඕනේ, වගකීමක් තියෙන්න ඕනේ. සමහර විට පරම්පරා දේශපාලනය, අම්මා තාත්තගේ දේශපාලනය, වැඩිහිටියෝ ඒ දේවල් කරපු හැටි බලා ඉඳලා හුරුවක් තියෙන්න ඕනේ. ඒකයි රජ කාලේ රජවරුන්ගේ පුතාලට ඔටුන්න දුන්නේ. පරම්පරාවෙන් පරම්පරාවට රාජ්‍යත්වය ගියේ. තාත්තා, අම්මා, බාප්පා, පුංචි අම්මා රාජ්‍යත්වයට හුරු වෙච්ච මිනිස්සු වුණාම රටක් කරන්න අපහසු නෑ. ඒ නිසා මේ වෙලාවේ අපි විශ්වාස කරනවා සරත් ෆොන්සේකා මහත්තයට මුහුණ දෙන්න වෙලා තියෙන අභාග්‍යසම්පන්න ඉරණම ගැන ඔබට ඇත්තේ කනගාටුවක් කියලා. අපටත් තියෙන්නේ කනගාටුවක්. හැබැයි ඒ කනගාටුව ඇතුළේ තියෙනවා පාඩමක්. ඒ තමයි රට මොන විදියද කියන එක. ඒකේ එක පැත්තකින් සරත් ෆොන්සේකා මහත්තයට වගේම මහජනතාවටත් කොටසක් තියෙනවා.

ඔබට රණවිරුවා කියන එක මතක් වෙන්නේ ඔහු ප්‍රධාන පක්ෂයකින් දේශපාලනයට ආවොත් විතරද? සරත් ෆොන්සේකා වීරයෙක් වෙන්නේ ප්‍රධාන පක්ෂයක් එක්ක, ප්‍රධාන ලකුණක් එක්ක, ගමේ ඉන්න ප්‍රධාන දේශපාලකයා ඔහුට ඡන්දය දෙන්න කිව්වොත් විතරද? ඒ කියන්නේ ගමේ ප්‍රධාන දේශපාලකයා කසිප්පු පෙරුවත්, බාර් එකක් දාලා තිබුණත්, වෙන මොන ජාවාරමක් කළත්, වෙන මොන චෝදනා තිබුණත්, බන්ධනාගාරගත වෙලා ඉඳලා ගෙදර ආවත්, හිරේ යන්න ඔන්න මෙන්න හිටියත්, චෝදනා දහස් ගානක් තිබුණත් ඒක ප්‍රශ්නයක් නෑ. සත පහක වැඩක් නොකරපු, රටට වැඩක් නොකරපු, තමන්ගේ මඩිය තරකරගත්ත පරම්පරා ගණනකට හම්බ කරගත්තු එවුන් කිව්වම රැස්වීම්වලට යන මිනිස්සු අර මිනිහා කිව්වම රැස්වීමට යන්නේ නෑ.

අපේ මිනිස්සුන්ටත් ඕනේ දේශපාලනය කියන අර පරණ රාමුව නැත්නම් ඒක හරියන්නේ නෑ කියන්න. ඒ නිසා මේ රටේ දේශපාලන කියලා කියන්නේ මහ අමුතු එකක්. ෆොන්සේකා මහත්තයා තේරුම් අරගන්න. මේක ඔබටයි මටයි හිතන තරම් ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා ඔබතුමාගේ ගෞරවය බේරගෙන අනේ ගෙදර ඉන්න. ඔබතුමාලා වෙනුවෙන් දේවාල හදන්න ඕනේ මිනිස්සු. මේ රටේ මිනිස්සු ඔබතුමාලට ගෞරව කරන්න ලෑස්තියි. ආදරේ කරන්න ලෑස්තියි. හැබැයි ඒ ආදරේ බාරගන්න. ඒ ආදරේ හරියට තේරුම් ගන්න. එක එකාට කළවැද්දා කියලා බැණ බැණා අනෙක් මිනිස්සු එක්ක රණ්ඩු වෙවී, නඩු කියාගෙන මේ විදියට විසඳගන්න දේශපාලනයක් ලංකාවේ තියෙනවා. ඒ දේශපාලනය ඔබතුමාට ගැළපෙන්නේ නෑ. ඔබතුමාට ගැළපෙන්නේ වීරයාගේ චරිතය. ඒ වීරයාගේ චරිතය පරිස්සම් කරගන්න. හැබෑ වීරයෙක් විදියට ඔබ ඉන්න. ඔබ අපිට වටිනවා. අපි ඔබට ආදරෙයි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මේ පාර කවුද දිනන්නේ? 94 ඉඳන් හරියටම ගණන් හදලා කියපු ගණිතයාගේ 2024 ගණන් හැදිල්ල! Sri Lanka Latest News

Next Post

නැගෙනහිර ලොකුම හයිය තියෙන හකීම්-රිෂාඩ් දෙන්නාම සජිත්ට ආවා! වතුකරයේ ලොකුම බලය තියෙන දිගම්බරම් සජිත්ට ආවා! ඔක්කොම බලන් හිටියේ උතුරේ ලොකුම හයිය තියෙන ‌දෙමළ ජාතික සන්ධානය ගන්න තීන්දුව දිහා! ඔන්න සුමන්තිරන් දැන් නිවේදනය කළා උතුරේ සහාය සජිත්ට කියලා! දැන් සජිත් තමයි රටේ සිව්කොණේම සහාය ලැබෙන එකම ජාතික නායකයා! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.