ලොව පුරා පැතිර ඇති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විදේශ රැකියාවන්හි නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ලක්ෂයකට වැඩි පිරිසකට තම රැකියා අහිමි වීමේ අවදානමක් මතුව තිබේ.
‘එතෙර අපි’ සංවිධානය පෙන්වා දෙන්නේ මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රමිකයන්ගේ තත්ත්වය තරමක් බරපතළ විය හැකි බවත්, දැනටමත් සියලු කර්මාන්ත ශාලා වසා දමා නිවෙස්වලට පවා විදේශිකයන් ඇතුල් කරගැනීම අත්හිටුවා ඇති බවත්ය.
පවතින තත්ත්වය මත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට වඩා අඩු මිලට ශ‍්‍රමිකයන් වෙනත් රටවලින් ගෙන්වා ගැනීමට එකී රටවලට හැකියාව ලැබී තිබීමද මෙම තත්ත්වය ඇතිවීමට බලපා ඇත.
ඒ අනුව දැනටමත් විදේශගත ශ‍්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට පැමිණීම ආරම්භ කර ඇති අතර ඔවුන්ට නැවත රැකියාව සඳහා විදෙස් ගත වීම සම්බන්ධයෙන් එකී ආයතන දන්වා ඇත්තේ නැවත දැනුම් දෙන තුරු රැකියාවන්ට නොපැමිණෙන ලෙසයි.










