• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාධ්‍ය හෙළිදරව්වෙන් මැකො අපහසුතාවයට පත්වෙයි

May 6, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
මාධ්‍ය හෙළිදරව්වෙන් මැකො අපහසුතාවයට පත්වෙයි
Share on WhatsAppShare on Facebook

නෙදර්ලන්තයේ අධ්‍යාපන කටයුතු සදහා සහභාගීව සිටි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රීය මහතාගේ පුත් විදුර කාශ්‍යප දේශප්‍රිය මහතා අද (06) දින ලංකාවට පැමිණීමත් සමග විශාල ආන්දෝලනයක් සමාජ මාධ්‍ය ජාලාවන්හි මතුව තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වූ දේශප්‍රිය මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ජා කොට සිය පුතණුවන් ලංකාවට ගෙන්වා ගත් බවටත්, එය කොමිසමේ ස්වාධීනත්වයට බාධාවක් බවටත් සමාජ මාධ්‍ය ජාලාවල විශාල ප්‍රචාරයක් දියත් වීමත් සමග මහින්ද දේශප්‍රිය මහතා මහත් අපහසුතාවට පත්ව ඇති බවක්ද දැනගන්නට ඇත.

ඒ අනුව සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් දේශප්‍රිය මහතා ඒ සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කොට ඇත.

එම පැහැදිලි කිරීම මෙසේය.

‘අධ්‍යයන කටයුතු සදහා විදේශගතව සිටි මගේ පුත්‍රයා වන විදුර කාශ්‍යප දේශප්‍රිය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සදහා මගේ නිලතත්වය භාවිතා කර මා අයුතු බලපෑමක් කර තිබේ යනුවෙන් මට චෝදනාවක් එල්ල කර තිබේ . ඒ පිළිබඳව සමාජ මාඨ්‍ය වල සංසරණය වන ලිපියකට ( කලම්බු ටෙලිඟ්‍රාෆ් ) පෝස්ටුවකට මා ලියූ සටහන පහත අලවමි .

#### නෙදර්ලන්ත රාජ්‍ය ශිෂ්‍යත්වයක් මත මාස 18 ක පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරා එය මාර්තු මස අග අවසන් වීමෙන් පසු , ගුවන් ගමන් අත්හිටුවීම නිසා ශ්‍රී ලංකාවට පැමීණීමට නොහැකිව සිටි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවකුවූ මාගේ පුත්‍රයා විදුර කාශ්‍යප දේශප්‍රිය අද 2020 මැයි 06 දින අලුයම කටුනායකට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් ලංකාවට පැමිණියේය .
ඔහු සමග එකට සිටි තවත් රජයේ සේවයේ නියුතු ඉංජිනේරුවන් සිවුදෙනකු ඒ සමග පැමිණීමට අපේක්ෂා කළද ඉන් අයකුගේ අධ්‍යයන කටයුත අවසන් නොවීම නිසා ඔහු සමග නෙදර්ලන්තයේ සිට පැමිණියේ තවත් ඉංජිනේරුවන් තිදෙනකු පමණි .
මාගේ පුත්‍රයා ලංකාවට ගෙන්වා ගැනීම සදහා මවිසින් ගරු ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර විශේෂ යානයක් වෙන් කරවා ගෙන තිබේ දැයි මැයි 04 දින පෙරවරුවේ , පුද්ගලයින් තිදෙනකු වෙන වෙනම අවස්ථා තුනකදී අපගේ පවුලේ මිතුරකු වූ රජයේ නිලධරයකු ගෙන් විමසූ බව ,විදුර 05 දා ඇම්ස්ටර්ඩෑම් හි සිට ලන්ඩන් වෙත ගොස් එහි සිට මෙහි පැමිණෙන බව මා විසින් ඔහුට දැන්වූ විට මා සමග ප්‍රකාශ කළේය .
එමෙන්ම අද දින ඉ- පුවත්පතක මාධ්‍යවේදියකු , මාගේ පුත්‍රයාගේ පැමිණීම ගැන ලිපියක් ප්‍රසිද්ධ කිරීමට අපේක්ෂා කළ විටදී එය පල කිරීමට පෙර ඒ ගැන මා විමසීම මැනවි යයි මේ සටහන ලියන මාගේ මිතුරා ඔහුට දන්වනුු ලදුව ලිපිය සැකසීමට අපේක්ෂිත එම මාධ්‍යවේදී මහතා විසින් ඒ හා සබැදි කරුණු මගෙන් ඉ- තැපැල් ලිපියකින් විමසන ලදී මගේ පුත්‍රයා ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මා ගරු ජනාධිපතිවරයා වෙතින් යම් ඉල්ලීමක් කළේද යන්න සහ ඒවෙනුවෙන් විශේෂ ගමනක් සංවිධානය වූයේද යන්න එයින් විමසා තිබිණි . මම එයට පිළිතුරු දුනිමි .
එමෙන්ම මා දන්නා හඳුනන සැලකිය යුතු මිතුරන් සංඛ්‍යාවක් ද මේ ගැන සාකච්ඡා කරන බව, ඉන් සමහර දෙනකු සෘජුවම මගෙන් මේ ගැන විමසන හෙයින් නිරීක්ෂණය වේ .
එහෙයින් මේ සිද්ධියට අදාළ කරුණු මතු සදහන් කරමි .
1. , ඔවුන් පැමිණෙන්නේ ඔවුන් සඳහාම විශේෂයෙන් යොදවන ලද යානයක නොවේ . මා දන්නා පරිදි එංගලන්තය ද ඇතුළු මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු ඇමෙරිකාවේ ශ්‍රී ලංකාා ශිෂ්‍යයන් හා රාාජ්‍ය නිලධාරීන් ද එංගලන්තයට පැමිණ එමගින් ගමන් පහසුකම් ලබා ගත හැකි සෙසු ශිෂ්‍ය / නිලධාරීන්ටද එමගින් අවස්ථාව ලබා ගත හැකිව තිබුණි .
2. අධ්‍යායන කටයුතු අවසන්වී දිවයිනට පැමිණීමට අපේක්ෂිත රාජ්‍ය නිලධාරීන් ලෙස ඔවුන් නෙදර්ලන්තයේ තානාපති කාර්යාලයේ හා එංගලන්තයේ මහ කොමසාරිස් කාර්යාලයේද විදේශ කටයුතු අමාත්‍යාංශයේද ලියාපදිංචි වී තිබිණි
3. ඔවුනට ලංකාවට පැමිණීම සදහා පහසුකම් සලසා දෙන ලෙස තානාපති කාර්යාලය හරහා ද සෘජුවද මේ පිළිබඳව කටයුුතු කරන රාජ්‍ය නිලධාරීන්ට අමතා ඔවුන් විසින් ලිපි කිහිපයක්ම ඉදිරිපත් කරන ලදී
4., මේ සම්බන්ධයෙන් මාගේ මැදිහත්වීම වූයේ මාගේ දුරකථනයට ලද ලිපිවල මුද්‍රිත පිටපත් / මෘදු පිටපත් අදාළ පරිදි අග්‍රාමාත්‍ය ලේකම් , විදේශ කටයුතු ලේකම් , විදේශගත ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීමේ මෙහෙයුම බාර ජනාධිපති අතිරේක ලේකම් යනාදී නිලධාරීන් වෙත යැවීම හා එ්වා ලද බව සනාථ කරගැනීමයි එමෙන්ම මොවුන් ගෙන්වා ගැනීමට අපහසුතා තිබේද යන්න ද මවිසින් විමසන ලදී
ඒ අතරතුර ලන්ඩන් හි දවසක් රැඳී සිටීමට සිදුවන්නේ නම් වීසා ලබා ගැනීමට අදාළ ගැටලුවක් පිළිබඳව හා විදුරගේ ඔෟෂධ අවශ්‍යතා ගැන නෙදර්ලන්ත තානාපතිවරයටද මම කතා කළෙමි .
5. මැයි 05 දිනයේදී ⁣ මා , ගරු ජනාධිපතිවරයා ට මෙවැනි කතාවක් පැතිරෙන බව දන්වන තෙක් මාගේ පුත්‍රයා ආපසු ගෙන්වා ගැනීම ගැන මා කිසිවිටෙක ගරු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර නැති අතර එතුමාද මේ ගැන විමසා නැත . එසේවුවද මාවිසින් එතුමාගේ විශේෂ සහායක් ලබා ගෙන අපගේ පුත්‍රයා ගෙන්වා ගන්නා බවට 04 දා සිට කතාවක් පැතිරෙන බව එතුමාට ඊයේ මැයි 05 දැන්වීමි . මාගේ පුත්‍රයා ගෙන්වා ගැනීම සදහා සහාය ලබාදෙන ලෙස එතුමාට මා ඉල්ලීමක් නොකළ හෙයින් එතුමා කිසිවෙකුට ඔහු ගෙන්වා ගැනීම ගැන ⁣කතා නොකළ බවද මාගේ විමසුමට පිළිතුරු ලෙස එම සාකච්ඡාවේදී එතුමා දැන්වීය .
6 . එබැවින් මාගේ නිල තත්වය භාවිතා කර මාගේ පුත්‍රයා වූ විදුර ⁣දේශප්‍රිය ගෙන්වා ගැනීමට මා කිසිදු අයුතු බලපෑමක් කර නැත .
7. මේ ගැන මා සමග කතා කළ මේ සටහන ලියන මිතුරාගෙන් , මා විමසූයේ මාගේ පුත්‍රයා වීම නිසා ඔහුට ලංකාවට පැමිණීමට අවස්ථාව ලබා නොගතයුතුද යන්න හා මා මැකොස සභාපති නිසා , මාගේ පුත්‍රයාගේ ලිපි අදාළ නිලධාරීන්ට පෞද්ගලික මට්ටමින් යැවීමෙන් මා වරදක් කර තිබේද යන්නයි . ⁣අදාළ ලිපි ඒ නිලධාරීන්ට යැවීම අයෝග්‍ය බව හා එය ළ බැදියා අතර ගැටුමක් බව ඔහු ගේ මතයයි . ඔහුට ඒ මතය දැරීමට හා එය ප්‍රසිද්ධ කිරීමට ඇති අයිතියට ගරු කරමි .
8. මා මේ නිලධාරීන් වෙතින් කිසිදු විශේෂ උදව්වක් ඉල්ලා නැති හෙයින් හා මාගේ පුත්‍රයාටද සෙසු රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම පාඨමාලා අවසන්වූ පසු දිවයිනට පැමිණීමට අයිතිය අැති බැවින් මා වරදක් කර නැති බව මම විශ්වාස කරමි . මාගේ දරුවන් හෝ බිරිඳ කිසිවිටක මාගේ නිල තත්වය , ඔවුන් හඳුන්වා දීමට හෝ භාවිතා නොකරන බව හෝ දරුවන් පාසැල්වලට ඇතුළත් කිරීම සදහා හෝ භාවිතා කර නැති අප ගැන දන්නා සැවොම දනිති .
එසේවුවද සැමවිටම අපට අවලාද හා විවේචන එල්ලවේ
ඒ සෑම අවලාදයක්ම ප්‍රශංසා මෙන්ම එකම ආකාරයෙන් සැලකීමට උත්සාහ කරමින් සිටිමි .##!##


එනමුත් මේ කරුණ බරපතල ලෙස සලකා යම් ක්‍රියා මාර්ගයක් ගත යුතුව තිබේ යයි සිතන අපේ සමාජ ක්‍රියාකාරීහු රැසක් සිටිති එහෙයින් මේ ගැන යමක් කළයුතු යයි සිතමි. මක්නිසාද යත් මැතිවරණ දෙපාර්තමේන්තුව හා කොමිසමද ජනතා පරමාධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදයද අම්බලන්ගොඩ නගරය හා ධර්මාශෝක විද්‍යාලයද . මිත්‍රත්වය ද පවුලේ සබඳතා වලට වඩා ඉහළින් සලකමින් මුලු දිවිය පුරාම කටයුතු කළ මට , විශේෂයෙන්ම පුත්‍රයා 2010/2011 වර්ෂවල බරපතල ලෙස රෝගාතුරව දින ගණනාවක් රෝහල් ගතව සිටියදී ඔහුගේ සාත්තුව සදහා දිවා කාලයේ යෙදවීමට අන් කිසිවකු නොමැතිව සිටියදී පවා රෝහලේ රැදී නොසිට රාජකාරි ඉටු කළ මට ඔහු වෙනුවෙන් , මා වරදක් සේ නොසිතූ කාර්යයක් ඉටු කර චෝදනාවකට ලක්වීම සතුටට කරුණක් බැවිනි .
පසුගිය අප්රේල් 25 දින ඡන්දවිමසීම පැවැත්වීමට නියම කළ වහාම මට වයස අවුදු 65 සම්පූර්ණ වන 2020 ජුනි 05 දින සභාපති ධුරයෙන් ඉවත්වීමේ ලිපිය මැයි 05 දා ගරු ජනාධිපතිවරයා වෙත යැවීමට මාර්තු මුල් සතියේ මා සකස් කළ බවත් එසේ නොකරන ලෙස මාගේ සමීපතයන් ඉල්ලා සිටි බවත් දන්නා සැලකිය යුතු පිරිසක් සිටිති . එමෙන්ම අප්රේල් මස මුලදීද මා ඒ යෝජනාව ගැන නැවත අවධානය යොමු කළ අතර එසේ කිරීම සුදුසු නැති බව අපගේ ජේෂ්ඨ නිලධාරීන්ගේ මතය විය ඉන් අනතුරුව ව මට එරෙහිව දරා ගැනීමට බැරි තරම් අභූත චෝදනා අපගේ සගයකුගේ සහාය ඇතිව මෑතදී, මාධ්‍ය හරහා ප්‍රචාරය වන අවස්ථාවේදීද කණ්ඩායමක් සේ එකට සිටිය නොහැකි නම් මට තවදුරටත් එකට වැඩ කළ නොහැකි බව දන්වා මම මේ තනතුරෙන් ඉවත්වීමේ යෝජනාව ගැන අප්රේල් අගද මැයි පළමු සති අන්තයේද මා අපගේ සගයන් හා නිලධාරීන් සමග සාකච්ඡා කර තිබේ
එබැවින් මිතුරනි , දේශපාලන ක්‍රියාකාරීනි , සිවිල් සමාජ ක්‍රියාකාරීනි , මාධ්‍යවේදීනි, පුරවැසියනි ,
මා සැමවිටම ප්‍රකාශ කරන පරිදි අපි අධිකරණය , විගණනය හා හෘදය සාක්ෂිය ඉදිරියේ වරද කරුවකු නොවනසේ ක්‍රියා කළ යුතු වෙමු . මාගේ මෙම කාර්යය ඒකිසිදු අයුරකින් වරදක් නෙවේ යයි මම සිතමි .
එසේවුවද මා , අපගේ පුත්‍රයා විසින් එවන ලද පෙර කී ලිපි නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමෙන් හා ඒ ගැන ඔවුන් විමසීමෙන් කර ඇත්තේ , මැකොස සභාපති ලෙස මා නොකළ යුත්තක් නම් ඔබ සැමට ආයුබෝවන් යනුවෙන් පවසා දැන් මැතිවරණ මෙහෙයුම් රාජකාරි වලින් පසෙකට වීම හැර වෙනත් විකල්පයක් නැතැයි හඟිමි .
කෝවිඩ් 19 ට පරාජය .- ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය හිමිවනු ඇතැයි පතමි .

SendShareShare
Previous Post

දෙමළ සන්ධානයට මහින්ද ගැන හිතක් පහළ වෙලා

Next Post

රනිල්ට බ්‍රිතාන්‍යයෙන් ඇමැතිකමක්

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.