මහමැතිවරණය ජුනි 20 වැනිදාට පැවැත්වීම නීති විරෝධී බව පවසමින් ඊට එරෙහිව පාර්ශ්වයන් 8ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට පියවර ගෙන ඇත.
මෙම පෙත්සසම්කරුවන් වන්නේ වික්ටර් අයිවන්, ටී.එම්. ප්‍රේමවර්ධන, මහාචාර්ය ඇන්ටන් අක්මීමන, ඒ. එම්. ජිෆ්රි, එස්. සිවගුරුනාදන්, මහින්ද හත්තක, එම්. එස්. ජයකොඩි සහ එෆ්.ඩී. හේරත් යන පිරිසය.
මීට අමතරව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු මහතාද මීට එරෙහිව අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
මෙහිදී නීතිපති දප්පුල ද ලිවේරා, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එන්.ජේ. අබේසේකර සහ මහාචාර්ය රත්නජීවන් හූල් යන අය වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.










