පවුලකට රුපියල් 5000ක් ලබා දීම මේ මොහොතේ කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත්, සිව්දෙනකුගෙන් යුත් පවුලකට අවම වශයෙන් රුපියල් 25000ක්වත් ලබා දෙන ලෙස තමන් ආණ්ඩුවෙන් කාරුණිකව ඉල්ලා සිටින බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇත.
මෙම ආධාර ලබා දීම දේශපාලනීකරණය නොකරන ලෙසද ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.










