• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කොරෝනා ගැන හිතේ තියෙන දේවල් ඔක්කොම කමල් එළියට දමයි

May 3, 2020
in News, Politics, Uncategorized
Reading Time: 3 mins read
A A
කොරෝනා ගැන හිතේ තියෙන දේවල් ඔක්කොම කමල් එළියට දමයි
Share on WhatsAppShare on Facebook

කොවිඞ්-19 වෛරසය කුමක්ද, එහි ක්‍රියාකාරීත්වය කුමක්ද, බෝවීම සිදුවන ආකාරය කෙබඳුද, බෝවීම වළක්වා ගැනීමට ගත යුතු පියවර මොනවාද, තමන් හට රෝගය වැලඳීම සිදුවන පසුබිම පිළිබඳව ඇති අවදානය කෙබඳුද, රෝගය මතු නොවන ආකාරයට පාලනය කරගැනීමේ ක්‍රමෝපායයන් මොනවාද, රෝග ලක්ෂණ ඇතිවීම් පිළිබඳ නිරන්තර අවධානය හා අවබෝධය කෙබඳුද, වැඩිහිටියන් හා සෞඛ්‍යමය වශයෙන් දුර්වලතා ඇති අය (විශේෂයෙන් බෝ නොවන රෝග හා නිදන්ගත රෝග – ශ්වසන පද්ධතිය/වකුගඩු/හෘදය/අක්මාව හා බැඳුණු රෝගීන් මෙන්ම දියවැඩියා රෝගයෙන්, ස්ථුලභාවයෙන්, මන්දපෝෂණ තත්ත්වයෙන් හා ශාරීරික දුබලතාවයෙන් පෙළෙන අය විශේෂයෙන් ආරක්ෂා කරගත යුතුව ඇති බැවින් එවන් කරුණු කාරණා පිළිඹඳව දැනුවත්ව අවදියෙන් සිටීම ඇතුළු තවත් අවශේෂ කරුණු රැසක් පිළිබඳව සිතමින් අප අවබෝධයෙන් අවදියෙන් සිටිය යුතු කාලය එළඹ තිබේ.
ප්‍රථමයෙන් මෙම රෝගයට ලෝක ජනතාවගෙන් 70-80%ක් පමණ ප්‍රමාණයකට නියත වශයෙන් මුහුණ දීමට සිදුවෙන බවට දැනටමත් මත පළ කර ඇති බවත් අප හොඳින් අවබෝධ කරගෙන එය තේරුම් ගත යුතුමයි! මට හැඟෙන පරිදි එය වැලඳීමට ඇති අවකාශය මඟ හැර එයින් බේරී සැඟවී සිටීමට වඩා එයට සාර්ථකව මුහුණ දීමට නොබියව අප සූදානම් විය යුතුයි! මින් අදහස් කරන්නේ හිතුමතේ අනුවණ ආකාරයෙන් අත්තනෝමතිකව කටයුතු කිරීම නොව ආරක්ෂාකාරී පදනමක් ගොඩනඟා ගෙන මෙම තත්ත්වයට මුහුණ දීමයි. මක්නිසාද අප කොතරම් කාලයක් එලෙස සැඟවී සිටිය යුතුද යන පැනයට මේ වනතුරුත් කිසිවෙකුටවත් නිශ්චිතව පිළිතුරක් දීමට නොහැකි නිසාත්, කොවිඞ්-19 මැඩලීම සඳහා සාර්ථකවම ලබාදිය හැකි ප්‍රතිකාරය අද වන විටත් පර්යේෂකයින් විසින් පර්යේෂණ කටයුතු කරමින් සිටින නිසාත් බැවිනි. එබැවින්, මේ තත්ත්වය සම්පූර්ණයෙන් මැඩලීමට අප වැනි රටක් අවම වශයෙන් අවුරුද්දකට ආසන්න කාලයක්වත් බලා සිටිය යුතු වනු ඇති! නමුත්, යකා කියන තරම් කළු නැතැයි ජන වහරේ කියන්නාක් මෙන් වාසනාවකට මෙම කොවිඞ්-19 වෛරසය ලොව මුහුණ දුන් ඉබෝලා, සාර්ස්, ඒඞ්ස් වෛරස මෙන් දරුණු නොවේ. එය සෙ. 27- 30ට වැඩි උෂ්ණත්වයෙන් ඔබ්බට යන විට දුර්වල වෙයි. නමුත් මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ අන් කවර වෛරසයකට වඩා මෙය වේගයෙන් බෝවීම සිදුවීමේ ප්‍රවණතාවයයි. අනෙක් කාරණය නම් අද මෙම වෛරසය ක්‍රියාකාරීත්වයේ විවිධත්වයක් ඇතිකරමින් එක් එක් පරිසරයන් තුළ එහි ජීවගුණයේ විපර්යාසයන් ඇතිකර ගනිමින් අපැහැදිලි හැසිරීම් රටාවක් පෙන්වීම පිළිබඳ ගැටලුවයි. කෙසේ වෙතත් මෙම වෛරසය යමෙකුගේ ශරීරයට ඇතුළු වී කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වා වුවද නොදැනීම ඉන් ඉවත්වී යාම සිදුවිය හැකි අතර තවකෙකුට සාමාන්‍ය උණක් කැස්සක් මෙන් හෝ වෙනත් ශාරීරික අපහසුතාවයක් පමණක් ඇති කරමින් එම වෛරසය ශරීරයෙන් ඉවත්ව යාමද සිදුවිය හැකිය. එබැවින්, ඇතැම් විට මේ රෝග ලක්ෂණ නොපෙන්වන හේතුව නිසාම එවන් වාහකයින් මඟින් අන් අයට වැලඳීමේ ප්‍රවණතාව අති මහත් වන බැවින් පෙර කී ශාරීරික දුබලතා ඇති අය ඇතුළු වැඩිහිටියන් රැකබලා ගැනීම උදෙසා ඔවුන් සඳහා නිරන්තර අවධානය හා රැකවරණය ලබාදීමට විශේෂයෙන්ම අප පියවර ගත යුතුවේ. මන්ද මෙම වෛරසය ඔවුනට නම් මාරාන්තික විය හැකි බැවිනි.
කෙසේ වුවද නොබියව කොවිඞ්-19ට මුහුණ දිය යුතු බව ඔබට තව නොබෝ දිනකින් වැටහෙනු ඇත! නොබියව මුහුණ දෙමු යනුවෙන් අදහස් කරන්නේ මද්දුම බණ්ඩාර පුතුණුවන් සේ මැරෙනා සැටි මම පෙන්වමි කියා දංගෙඩියට ගෙල තැබුවා සේ ඉල්ලා ගෙන කොරෝනා වෛරසය ආසාදනය කර ගැනීමෙන් නොවේ. කළ යුත්තේ පෙර සඳහන් කළ කරුණු කාරණා හොඳින් අවබෝධ කරගනිමින්, තව තවත් අධ්‍යයනය කරමින් තමන්ගේ ආරක්ෂාවට වඩා අන් අයගේ ආරක්ෂාව ගැන සිතමින් අපගේ ජීවිතය ඉදිරියට ගෙන යාමෙනි. ඒ අනුව අප මෙහිදී ගත යුතු ක්‍රියා මාර්ග
රැසකි.

1.බිය දුරුකර ගනිමින් සිත ශක්තිමත් පාලනයකට නතුකර ගැනීම.
2.නිරෝගීව ශරීරය පවත්වා ගැනීමට අවැසි සරල යහපත් ආහාර පාන, ව්‍යායාම් හා චර්යාවන් පවත්වා ගැනීම.

  1. කොවිඞ්-19 පාලනය කර ගැනීමට ලබාදී ඇති වෛද්‍ය හා අනෙක් උපදෙස් අනුව දෛනික ජීවිතය හැඩගස්වා ගැනීම.
  2. ආසාදනය වළක්වා ගන්නට සුදුසු ඇවතුම් පැවතුම් දෛනික ක්‍රියාවලියට එක්කර ගැනීම. (උණු වතුර, තේ, ඖෂධීය පානයන් ගැනීම, ලුණු වතුරෙන් උගුර සේදීම, වාෂ්ප ඇල්ලීම වැනි දෑ කිරීම)
  3. දෙමව්පියන් හා වැඩිහිටියන් පිළිබඳ අවධානයෙන් සිටීම හා ඔවුන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාකාරකම් වෙත නිරන්තරයෙන් යොමු කිරීම.
  4. ඒ ආකාරයෙන්ම රෝගී මෙන්ම ශාරීරික දුබල හා දුර්වල තත්ත්වයෙන් පසුවන අය ගැන වෙහෙසීම.
  5. පුද්ගල දුරස්ථභාවය රඳවා ගනිමින් අසල්වාසීන් පිළිබඳවද සොයා බැලීම.
  6. නිරන්තර දුම්පානයෙන් හා මත්පැන් පානයෙන් වැළකීම.
  7. ප්‍රියසම්භාෂණ සාද ඇතුළු අනෙක් සමාජ රොක්වීම්වලින් ඈත්ව සිටීම.
  8. මෙම කාලය ඔබට ලැබෙන ප්‍රයෝජනවත්ම කාලය හැටියට සලකා එම කාලය තමන් හට ප්‍රයෝජනවත් ලෙස යොදා ගනිමින් අලුත් විදියකින් සිතන්නටත් ලෝකය දකින්නටත් උත්සාහ කිරීම!
    අවසන් වශයෙන් තේරුම් ගත යුතුව ඇති ඉතාමත් වැදගත් කරුණක් මෙසේ ඔබට අවධාරණය කරනුයේ අප ස්වභාවධර්මයේ නියමයන්ට යටත්ව හිස නැමිය යුතු බවට අවබෝධ කරදෙනු පිණිසයි. එනම්, “ශක්තිවන්තයා ජයගනී” යන නියමයට අනුව යළිත් මනුෂ්‍ය වර්ගයා ස්වභාවධර්මයේ පාලනයට නැත්නම් පරීක්ෂණයට යටත්කොට ඇත. අනාදිමත් කාලයේ සිට මේ පෘථිවි තලය මත ලැගුම් ගත් ඩයිනෝසෝර් වැනි සත්වයින් ඇතුළු බොහෝ සතුන් වඳ වී ගියද මනුෂ්‍යයා ඒ සෑම සතෙකුට වඩා ඉදිරියෙන් සිටියේ ඔහු සතුව තිබූ බුද්ධිය නිසා ශක්තිවන්තයා බවට පත් ජයග්‍රාහී සත්වයා වීම නිසයි. එම බුද්ධිමත්භාවය හා බැඳුණු කායශක්තිය විදහා පාමින් තම නායකයා වටා සැදුම් ලත් මානව සමාජය සිය ඥාන ශක්තියෙන් බුද්ධිය මෙහෙයවා ධනය බලය රැස්කර ගනිමින් පසුව කායබලයට වඩා පිරිස් බලය හා යුද ශක්තිය පාමින් ශක්තිවන්තයා බවට පත්විය. නමුත්, අද තව දුරටත් මිනිසාගේ ඥාන ශක්තිය හෝ බුද්ධි මට්ටම ස්වභාවධර්මය තුළ ශක්තිවන්තයා ලෙස පිළිනොගැනේ. අද බුද්ධිය මෙහෙයවන ඥානය ඇත්තේ පරිගණකය තුළ ගැබ් වුණු විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුව මතයි. පරිගණකය ස්වභාවධර්මයේ කොටස්කරුවෙකු නොවේ. එනමුත්, ස්වභාවධර්මය තුළ ඇති පැවැත්ම
    “ශක්තිවන්තයා ජයගනී” යන නියමය අනුව එලෙසින්ම පවතී. තවදුරටත් මනුෂ්‍යයා හට ශක්තිවන්තයා ලෙස පවතින්නට අවැසි නම් ස්වභාවධර්මයේ ආශීර්වාදය ලැබිය යුතුය! එහෙත්, අද ලෝකයේ පැවැත්ම තුළ තවදුරටත් මනුෂ්‍යයාට ශක්තිවන්තයා වීමට බුද්ධිමත්භාවය පමණක් ප්‍රමාණවත් නොවේ. මන්ද, අද බුද්ධිය ඇත්තේ පරිගණකය තුළ ඇති මතක ගබඩාවේ බව පිළිගත හැකි එක් සත්‍යයකි. එනමුත් විද්‍යාවේ අග්‍රඵල නෙළාගත් මිනිසාගේ පැවැත්ම යළිත් වතාවක් ස්වභාවධර්මය විසින් පරීක්ෂණයට භාජනය කොට ඇති බව අනෙක් සත්‍යයයි.
    ස්වභාවධර්මය තුළ රඳවාගන්නට වඩා යෝග්‍ය වූ ශක්තිවන්තයාගේ පැවැත්ම තහවුරු කිරීමට ස්වභාවධර්මය විසින් පමුණුවන විනිශ්චයේ පරීක්ෂණය දැන් ඇරඹී තිබේ. නමුත්, ඥානය, ධනය, බලය, පිරිවර තවදුරටත් මේ ස්වභාවධර්මය තුළ පැවැත්ම සඳහා වූ ජය ලබන්නට තරම් ශක්තියක් නොවේ. එදා පැවති ප්‍රමිති මානයන් අද වෙනස් වී ඇත. සෑම දෙයක්ම වෙනස්වී තිබෙන යුගයක ස්වභාවධර්මය පමණක් කෙලෙසින් වෙනස් නොවී පවතීද? අපට නොදැනීම ස්වභාවධර්මය වෙනස් වීම් දරාගෙන මෙතරම් දුර අප හා පැමිණියා. වෙනසක් නොපෙන්වූ ස්වභාවධර්මයද දැන් ක්‍රමයෙන් ඒ වෙනස පෙන්වන්නට පටන් අරන්. මොන තරම් බලපෑමක් අප ස්වභාවධර්මයට කළා දැයි කියා අපට දැනෙන්නේ එහි වෙනස්කම් දැන් අපට දැනෙන විටයි. ස්වභාවධර්මයට නොනවත්වා වෙනස්කම් කරමින් අප පසුගිය අවුරුදු 150-200ක් තිස්සේ කළ බලපෑම අද උච්චම තැනකට ඇවිත් තිබුණත් තවමත් මිනිසුන් ස්වභාවධර්මයට කරන වෙනස්කම් නතර කර ඇති බවක් පෙනෙන්නට නැහැ. කුමක් කරන්නද ස්වභාවධර්මය එයට? කරන්නට ඉතිරිව ඇත්තේ ශේෂ වී ගිය නැත්නම් වෙනස් වී තිබෙන ස්වභාවධර්මයේ අලුත් පෙනුමට ගැළපෙන මිනිසුන් පමණක් ඉතිරි කරගෙන ඉතිරිව ඇති කාලය සමඟ ලෝකය ඉදිරියට ගෙන යාමයි! එදා වගේම ස්වභාවධර්මයේ නියමයට අනුව “ශක්තිවන්තයා ජයගනී” යන එම පදනමෙන්මයි ස්වභාවධර්මය අදත් අපේ හෙට දවසේ පැවැත්ම උදෙසා අපව මේ පරීක්ෂණයට යොමු කරන්නෙ. වෙනසකට තිබෙන්නේ ස්වභාවධර්මය එදාට වඩා අද වෙනස්. ඒ වගේම තවදුරටත් ඥානවන්තයා හෝ බුද්ධිමතා හෝ නොවේ අනාගත ලෝකයේ මනුෂ්‍යයාගේ පැවැත්ම තීරණය කරන ජයග්‍රාහී සාධකය වන්නේ. ඒ අනුව තවදුරටත් මේ පෘථිවිය මත ජීවත්වන්න සුදුසුකම් ලබන ශක්තිවන්තයින් වන්නේ;
    ● අපිරිසිදු වාතාශ්‍රය සුවසේ ආග්‍රහණය කළ හැකි,
    ● අජීර්ණ නොවන සේ අපවිත්‍ර ජලය රිසි සේ පානය කළ හැකි,
    ● වස විස මුසු ආහාර අගුණ නොවී පෝෂ්‍යදායී ලෙස ජීරණය කළ හැකි,
    ● විකිරණ හා වෛරස සඳහා ප්‍රතිශක්තිය හිමි,
    ● ක්ෂුද්‍ර ජීවීන් හා බැක්ටීරියා සමඟ සහජීවනය ඇතිකර ගත හැකි,
    ● වැඩියෙන්ම ප්‍රතිශක්තිය ඇති,
    ● මානසික ශක්තිය හා විශ්ව ශක්තිය දියුණු කරගෙන ඇත,
    අනාගත මනුෂ්‍යයින් හට පමණක් බව ස්වභාවධර්මය විසින් කොවිඞ් – 19 හරහා අපට දන්වා සිටී!

කමල් අද්දරආරච්චි

SendShareShare
Previous Post

කොවිඞ්-19 සටනට කොමර්ෂල් බැංකුව සහාය ලබාදෙයි

Next Post

ජය ශ්‍රී මහා බෝධියට ජනාධිපති බාරයක් වෙයි (PHOTOS)

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කොට ඇති සටනට සහාය පළකිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත....

Read more
රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.