මහමැතිවරණය සදහා නාමයෝජනා කැදවූ දින සම්බන්ධයෙන් මේ වනවිට නීතිමය ගැටලුවක් මතුව තිබීම මත මැතිවරණ කොමිසම ඒ පිළිබදව නීතිපති මතය විමසීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.
මැතිවරණ පනතට අනුව නාමයෝජනා කැදවිය යුත්තේ රාජකාරී දිනවල වුවත් නාමයෝජනා බාරගත් අවසන් දින කිහිපය වූ මාර්තු 17. 18, සහ 19 කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් රජය විසින් නිවාඩු දින වශයෙන් ප්‍රකාශ කොට කොට තිබීම මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට ඇත.
මීට පෙර මෙවැනි වාතාවරණයක් මතුව නොතිබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් නීතිපති මතය විමසීමට මැතිවරණ කොමිසම සූදානම් වන බව දැනගන්නට තිබේ.
දැනටමත් මැතිවරණ කොමිසම ඒ පිළිබදව දේශපාලන පක්ෂ නියෝජිතයන් දැනුවත් කර ඇති බවද වාර්තා වේ.










