ලබන සඳුදා අරලිය ගහ මන්දිරයේ පැවැත්වීමට නියමිතව තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේ හමුවේ ආරාධිත ලයිස්තුවේ කිසියම් වෙනසක් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා තීන්දු කර ඇත.
මීට පෙර අවසන් වරට පැවැති පාර්ලිමේන්තුවේ නියෝජිතයන් 225 දෙනා වෙත පමණක් මෙම රැස්වීමට පැමිණෙන ලෙස ආරාධනා කර තිබුණද සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ දැනටමත් ඊට සහභාගී නොවන බව තහවුරු කිරීමත් සමග මෙම වෙනස්කම සිදු කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉකුත් පාර්ලිමේන්තුවේ පමණක් නොව ඊට පෙර පැවැති පාර්ලිමේන්තුව පවා නියෝජනය කළ මන්ත්‍රීවරුන් හටද මෙම රැස්වීමට පැමිණෙන ලෙස ආරාධනා කිරීමට අගමැති කාර්යාලය පියවර ගෙන තිබේ.
මේ වනවිට එම මන්ත්‍රීවරුන් වෙත අගමැති කාර්යාලයෙන් දුරකතන ඇමැතුම් පමණක් නොව කෙටි පණිවුඩ පවා යොමු කරමින් රැස්වීම සදහා ආරාධනා කර ඇති බව දැනගන්නට තිබේ.
කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂයේ දැනට සිටින මන්ත්‍රීවරුන් 14 දෙනාගෙන් කිහිප දෙනකු පමණක් මෙම රැස්වීමට සහභාගී වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
අද (02) දින අගමැති කාර්යාලයෙන් රැස්වීමට සහභාගී වන ලෙස දැනුම් දෙමින් යවා තිබූ කෙටි පණිවුඩය මෙසේය.











