කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මාධ්‍ය හමුවේදී සිදුකරනු ලැබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා සිය ට්විටර් ගිණුම හරහා ප්‍රතිචාර දැක්වීමට කටයුතු කර තිබේ.
මෙහිදී බන්දුල ගුණවර්ධන මහතා සදහන් කර තිබුණේ පසුගිය වසරවලදී ඩෙංගු රෝගයෙන් 600ක්-700ක් ජනතාව මියයද්දී පවා මැතිවරණ පැවැත්වීමට කටයුතු කර තිබූ බවකි.
කොරෝනා වයිරසය මැද මැතිවරණ පැවැත්විය හැකිද යන්න පිළිබදව මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන මහතා මෙම පිළිතුර ලබා දී තිබිණ.
කෙසේවෙතත් මීට සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රතිචාර දක්වා ඇති කුමාර් සංගක්කාර මහතා ප්‍රකාශ කොට ඇත්තේ ‘එය වඩාත් බුද්ධිමත් අදහස් දැක්වීමක් නොවේ…’ යනුවෙනි.











