• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෛත්‍රී කොටු නොකර ගෝඨා බය කිරීම (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

May 2, 2020
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
මෛත්‍රී කොටු නොකර ගෝඨා බය කිරීම (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘පින් අගමැති’
මේ 2015 ජනාධිපතිවරණයෙන් පසු අගමැති ධුරයේ දිවුරුම් දුන් රනිල්ට එදා විපක්‍ෂයේ සිටි අද ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් දුන්න නමය. ඔවුහු රනිල්ට පින් අගමැති කී අතර, ඇමැති මණ්ඩලයට පින් ඇමැතිවරුන් යැයි කීහ.
ඔවුන් එසේ කීවේ අගමැතිට හෝ ඇමැති මණ්ඩලයට පාර්ලිමේන්තු බහුතරය නැතිව තමන්ගේ පිහිටෙන් අගමැතිකම්, ඇමැතිකම් දරනවා කියා චෝදනා කරමින්ය. ඒත් පාර්ලිමේන්තු බහුතරය පෙන්වන්නේ නැතිව 2015 ජනාධිපතිවරණය මෛත්‍රි ජයගත් විගස රනිල් අගමැති ධුරයේ දිවුරුම් දුන්නත්, පාර්ලිමේන්තුව රැස් වන විට රනිල් පාර්ලිමේන්තු බහුතරය හදා පෙන්වීය. ඒ ශ්‍රීල.නි.ප.ය සමඟ ජාතික ආණ්ඩුවකට යෑමෙනි. රනිල් අගමැති වී ඇමැති මණ්ඩලය පත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ගෙන ආ පනත් සියල්ල ආණ්ඩුව ජයග්‍රහණය කළේ වැඩි ඡන්දයෙනි. අය-වැයත් දින්නේ අති බහුතරයකිනි. ඒත් එවකට විපක්‍ෂයේ සිටි අද ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කීවේ රනිල්ගේ ආණ්ඩුව හොර ආණ්ඩුවක් කියාය.
‘මේ ආණ්ඩුවට පාර්ලිමේන්තු බහුතරයක් නැහැ. බහුතරය තියෙන්නේ අපිට. අපියි පාර්ලිමේන්තුවේ වැඩකටයුතු තීරණය කරන්නේ…’
දිනේෂ් ගුණවර්ධන – පාර්ලිමේන්තුව
21.04.2015

‘පාර්ලිමේන්තුවේ බලය තියෙන්නේ බහුතරය අතෙයි. අද ඒ බලය විධායකය උදුරා ගෙන තියෙනවා. අගමැති පත් කළ යුත්තේ බහුතර බලය ඇති පක්‍ෂයෙනුයි.
වාසුදේව නානායක්කාර – නුගේගොඩ රැලිය
18-02-2015

‘අද රනිල් ආණ්ඩුවක් හදල තියෙන්නේ හොරට ගත්ත බලයකින්. අගමැති වෙලා තියෙන්නේ පිනට…’
විමල් වීරවංශ – නුගේගොඩ රැලියේදී
18.02.2015

එදා මෙහෙම කිව්ව හැමෝම අද ආණ්ඩුවක් හදාගෙන ඇමැතිකම් අරගෙන තියෙන්නේ පිනටය. ඒත් මේ අගමැතිට මේ ආණ්ඩුවට පින් අගමැති පින් ආණ්ඩුව කියල කියන්න කොන්දක් අද විපක්‍ෂයට නැත. රනිල් අගමැති වී පාර්ලිමේන්තුව රැස් කරපු දවසේම බහුතරය පෙන්නුවේය. මේ ආණ්ඩුවට තවම බහුතරය පෙන්වන්න බැරි වී ඇත. වෙනකක් තබා මුදල් පනතක් ගෙනැවිත් පරාජය වෙයි කියල බයේ පනත අකුළා ගත්තේය.
‘ඉතින් එදා රනිල්ගේ ආණ්ඩුවට පින් ආණ්ඩුව කී වත්මන් මැති ඇමැතිවරු අද බහුතරය නැති ආණ්ඩුව සාධාරණීකරණය කරන්නේ කෙසේද..?
‘2019 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයෙන් පරණ පාර්ලිමේන්තුවේ ජනවරම අහෝසි වුණා කියන්නේ කොහොමද..?’
‘අද මේ පාර්ලිමේන්තුව මියගිය පාර්ලිමේන්තුවක් කියන්නේ කෙසේද..?’
මේ ජුනි 2 නව පාර්ලිමේන්තුව රැස් වන්නේ නැතිනම් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි ස්ථාපිත වීම වළක්වන්න බැරිය. 2000 මහ මැතිවරණයට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය එවකට ජනාධිපති චන්ද්‍රිකාත් හදිසි නීතිය පැනවීම පිණිස මහ ඡන්දය මැදදී පාර්ලිමේන්තුව කැඳවීය. වත්මන් ජනාධිපති ගෝඨාභයටත් ජුනි 2 නව පාර්ලිමේන්තුව රැස් කරගත නොහැකි නිසා අනිවාර්යයෙන්ම පරණ පාර්ලිමේන්තුව රැස් කිරීමට සිදුවෙයි.
‘ඒත් පරණ පාර්ලිමේන්තුව රැස් කරන්නේ නැහැයි කියා ගෝඨා කියනවානේ…?’
ගෝඨාභය එසේ කියන විට විපක්‍ෂය කියන්නේ එය ව්‍යවස්ථා විරෝධී යැයි කියාය. එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් කියාය. විපක්‍ෂය කියන්නේ එය හිරේට යන දරුණු අපරාධයක් කියාය. විපක්‍ෂය කියන්නේ ගෝඨාභයගේ ප්‍රජා අයිතිය පවා අහෝසි වේ යැයි කියාය.
කතාව ඇත්තය. පාකිස්තානයේ හිටපු ජනාධිපති මුෂාරෆ්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම නිසා අධිකරණයෙන් මරණ දඬුවම හිමි විය.
‘ඉතින් ගෝඨා ඇයි බය නැත්තේ..?’
ගෝඨාට ව්‍යවස්ථාව උල්ලංඝනය කළාය කියා බය වෙන්න හේතුවක් නැත. හේතුව පිට පිට දෙවතාවක් ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල අදත් යහතින් සිටී. වෙනකක් තබා ඔහු මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට එන්නත් දතකට මැද ගෙන සිටී. 2018 ඔක්තෝබර් කුමන්ත්‍රණයෙන් රනිල්ව අගමැති ධුරයෙන් පලවා හැර බහුතරය නැති මහින්දව අගමැති ධුරයට පත් කිරීම 19 වැනි ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ජනාධිපතිට අගමැතිව ඉවත් කළ නොහැකි යැයි එහි පැහැදිලිව සඳහන් වෙයි. ඒ වගේම වසර හතරහමාරක් යන තෙක් ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවද ව්‍යවස්ථාවේ සඳහන් වෙයි. මෛත්‍රි ඒ ව්‍යවස්ථා වගන්තියත් අමු අමුවේ උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. මෛත්‍රි රනිල්ව ඉවත් කිරීමත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත්, ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් යැයි අධිකරණය තීන්දු කළේය.
ඒත් රනිල් හෝ එක්සත් ජාතික පක්‍ෂය මෛත්‍රිට එරෙහිව උසාවි ගියේ නැත. මෛත්‍රිගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න හෝ ඔහුට එරෙහි දෝෂාභියෝගයක් ගෙන එන්නවත් හිතුවේ නැත. රනිල්ට අගමැතිකම ගන්නත් යූ.ඇන්.පී. නායකයන්ට මැති ඇමැතිකම් ගන්නත් එජාපය මෛත්‍රිව ආරක්‍ෂා කරනු ලැබීය. වෙනකක් තබා මෛත්‍රි රනිල්ට අගමැති ධුරය දී ඇමැති මණ්ඩලය දිවුරුම් දෙන වෙලාවේ රනිල්ට බල්ලෙක් වගේ බනිද්දිත් රනිල් සහ එජාප මැති ඇමැතිවරු හිස නමාගෙන අහගෙන සිටියහ.
එදා මෛත්‍රි ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට අධිකරණය තීන්දුව දුන් විගස යූ.ඇන්.පීය මෛත්‍රිට පාර්ලිමේන්තුව හරහා හෝ අධිකරණය හරහා දඬුවම් දුන්නා නම් අද මෛත්‍රි එක්කෝ හිරේය. නැත්නම් ප්‍රජා අයිතියත්, හිටපු ජනාධිපතිවරයෙක් ලෙස ලබන වරප්‍රසාදත් අහිමිවී පොළොන්නරුවේ ගෙදරය.
මෛත්‍රි රනිල් ඇතුළු ආණ්ඩුව පන්නන විට එජාපයට ව්‍යවස්ථාව රකින්න ඕනෑ විය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඕනෑ විය. හැබැයි යළි මෛත්‍රි රනිල්ව අගමැති කොට මන්ත්‍රීවරුන්ට මැති ඇමැතිකම් දෙන විට එජාපයට ව්‍යවස්ථාවත් අමතක විය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත් අමතක විය. එපමණක් නොව ව්‍යවස්ථාව පිට පිටම දෙවතාවක් උල්ලංඝනය කළ මෛත්‍රිට විශ්‍රාම යන විට ගෙන යන්න බිලියන ගණනක් වියදම් කොට හදපු ජනාධිපති මන්දිරයත්, යාන වාහන සහ වියදම් කරන්න මහා ධනස්කන්දයක්ද දුන්නේය. ව්‍යවස්ථාව කඩපු මෛත්‍රි අද ජීවත් වන්නේ රජෙක් වගේය. හේතුව ව්‍යවස්ථාව ආරක්‍ෂා කරපු ජේ. ආර්.ටවත්, ප්‍රේමදාසටවත්, විජේතුංගටවත්, චන්‍ද්‍රිකාටවත්, මහින්දටවත් ගෙදර යද්දී තමන් ජනාධිපති ධුරය දරද්දී පදිංචිව සිටි රජ ගෙදර භුක්තියට ලැබුණේ නැත. ඒ වාසනාව හිමි වුණේ මෛත්‍රිටය. එජාපය මෛත්‍රිට ඒ විශ්‍රාම පැකේජය දුන්නේත් හංගලාය.
‘මෛත්‍රිට ව්‍යවස්ථාව කඩලත්, වන්දියට රජ ගෙදරක් දුන්නා නම් මම මොකටද ව්‍යවස්ථාව ආරක්‍ෂා කරන්නේ..?’
ගෝඨාභය එහෙම හිතුවත් පුදුමයක් නැත. අද ගෝඨාභය වටා ඉන්නේත් එදා මෛත්‍රිට ව්‍යවස්ථාව කඩන්න උපදෙස් දුන් නීතිඥයන්මය.
‘දැන් බලන්න මෛත්‍රි ව්‍යවස්ථාව කැඩුව කියල කෑ මොර දුන්නා. කෝ මෛත්‍රි ඔය හොඳට ඉන්නේ. ඉතින් ඔබතුමාත් මොකටද ව්‍යවස්ථාව උල්ලංඝනය වෙයි කියන චෝදනාවට බයේ පාර්ලිමේන්තුව රැස් කරන්නේ..?’
එදා මෛත්‍රිට බය නැතිව ව්‍යවස්ථාව කඩන්න උපදෙස් දුන් නීතිඥයන් අද ගෝඨාභයට එලෙස උපදෙස් දෙනවා විය යුතුය.
2018 කුමන්ත්‍රණය ශ්‍රේෂ්ඨාධිකරණය හරහා පරාජය කොට එදා රනිල් සහ එජාපය අගමැති ධුරයයි මැති ඇමැති ධුරයි බෙදා ගන්න මෛත්‍රිට, ගොට්ට අල්ලන්නේ නැතිව රටම මෛත්‍රි විරෝධී සටනකට යොමු කළා නම් අද ජනාධිපති ධුරයේ ඉන්නේ එජාප ජනාධිපතිවරයෙකි. එහෙනම් අද ආණ්ඩුවත් එජාපයේය. රනිල් හිතුවේ අගමැති ධුරය ගත්තාම ඔක්කොම හරි යැයි කියාය. එජාප මැති ඇමැතිවරු හිතුවේ තම මනාපයට මෛත්‍රීට කියල ඇමැතිකම් විෂයන් ගැසට් කර ගත්තාම ඔක්කොම හරි කියාය. කට්ටිය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සහ ව්‍යවස්ථාව කානු පල්ලට දමල රටේ රජකම් කරන්න ගත්හ. මෛත්‍රීට දඬුවම් නොකිරීමෙන් අනාගතයේ පත්වන ජනාධිපතිවරුන්ට වැරැදි පූර්වාදර්ශයක් දෙනවා කියා එජාපයට නොහිතුණේ ආණ්ඩු බලයෙන් මත්වෙලා සිටි නිසාය. දැන් ඇහැරිලා දැඟලුවාට වැඩක් නැත. ව්‍යවස්ථාව කැඩීම මෛත්‍රි ‘සිම්පල් ප්ලෑන්’ එකක් කරල ඉවරය. ඉතින් ගෝඨාභයට හෝ ඔහුට පසු පත්වන ජනාධිපතිවරයෙක්ට බලය ආරක්‍ෂා කර ගන්න පනින්න ව්‍යවස්ථාවේ සිදුරු හොයන්න ඕනෑ නැත. ඕනෑ නම් ව්‍යවස්ථාවම ඉරලා හරි බලය රැක ගෙන රජ ගෙදරද සහිතව විශ්‍රාම පැකේජයක් රැගෙන ගෙදර යන හැටි මෛත්‍රි යසට කියා දී තිබේ. ගෝඨාට ව්‍යවස්ථාව කඩන්න ඕනෑ නම් කියන්න තියෙන්නේ ‘අහන්නකෝ මෛත්‍රිගෙන්’ කියාය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ගෙදර හිටියා ඇති: 11 ඉඳන් වැඩට යන්න ලෑස්ති වෙන්න

Next Post

බන්දුලගේ මොළේ ගැන සංගක්කාරට ප්‍රශ්නයක්

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.