මැයි පළමු දිනට යෙදී ඇති හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණසමරුව නිමිත්තෙන් අද (01) දින සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අලුත්කඩේ පිහිටි ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට පියවර ගත්තේය.
මෙම අවස්ථාවට ජලනි ප්‍රේමදාස මහත්මියද එක්ව සිටියාය.
අනතුරුව ජනසුවය සමාජ සත්කාර වැඩසටහනේ 3 වන අදියර ලෙස, සුවහසක් වකුගඩු රෝගීන්ගේ අවශ්‍යතාවය උදෙසා වකුගඩු රුධිර කාන්දු පාරවීලන යන්ත්‍ර (Dialysis machine)දෙකක් සජිත් ප්‍රේමදාස මහතා විසින් මාලිගාවත්ත වකුගඩු රෝහලට පරිත්‍යාග කරනු ලැබීය .
මෙම අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ අතර එක් යන්ත්‍රයක් රුපියල් 2,275,000/=(විසි දෙලක්ෂ හැත්තෑපන්දහසක්)වූ අතර යන්ත්‍ර දෙකෙහි මූල්‍යමය වටිනාකම රුපියල් 4,550,000/=(හතලිස් පන්ලක්ෂ පනස්දහසක්) විය .
මීට පෙර අදියර දෙකක් යටතේ ජනසුවය හරහා ලක්ෂ 60ක් ඉක්මවූ රෝහල් උපකරණ පරිත්‍යාග කරනු ලැබීය.










