සක්වල, හුස්ම, සසුනට අරුණ වැනි වැඩසටහන් හරහා සංවර්ධන කටයුතු කරන විට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන බවත් මෙවැනි කාර්ය කරන විටත් ගල්මුල් ප්‍රහාරවලට චෝදනාවලට ලක්වන බවත් චෛත්‍ය හදන එක මුදල් නාස්තියක්, දහම්පාසල් ශාලා හදන එක මුදල් අපතේ යැවීමක් කියා සමහර පුද්ගලයන් කියමින් යන බවත් සමහර නිර්ආගමික කොට්ඨාස මේ පරිත්‍යාගවලට පහර පිට පහර දෙන බවත් සසුනට අරුණ, සක්වල, හුස්ම වැඩසටහන් ගල් මුල් ප්‍රහාරවලින් නතර කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.Sri Lanka Latest News
තමා කිසිදු අවස්ථාවක මත්පැන්, මත්ද්‍රවය හා දුම්වැටි ප්‍රචලිත නොකරන බවත් තමා අමද්‍යප පුද්ගලයකු බවත් දශකයකට වැඩි කාලයක් තමා විදේශ අධ්‍යාපනය ලැබුවත් මත්පැන් මත්ද්‍රව්‍ය දුම්වැටි භාවිත කර නොමැති බවත් එවැනි තත්ත්වයක් උඩ මේ වැඩසටහන් දෙස උපේක්ෂාවෙන් බැලිය නොහැකි අය මේ වැඩසටහන්වලට පහර පිට පහර දෙමින් බෙදල රටක් හදන්න බැහැ කියමින් යන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
ලෝලුවාගොඩ සිරි විජයරාමාධිපති පූජ්‍යපාද තලාවිටියේ විජයනන්ද ස්වාමීන්වහන්සේගේ අනුශාසනය පරිදි ප්‍රදේශවාසීන්ගේ ද දායකත්වයෙන් ඉදිකරන ලද ලෝලුවාගොඩ සිරි විජයරාජරාම විහාරස්ථ චෛත්‍ය රාජයාණන් වහන්සේ බුද්ධ ශාසනයට පූජා කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය. මෙම චෛත්‍ය ඉදිකිරීම සඳහා රු. ලක්ෂ 35ක මූල්‍ය දායකත්වයක් සමගි ජන බලවේගයේ සසුනට අරුණ වැඩසටහන මඟින් ලබා දෙන ලදී. මෙම සසුනට අරුණ වැඩසටහන යටතේ ඉදි වූ 14 වැනි චෛත්‍ය රාජයාණන් වහන්සේ වේ.
ආගම් අදහන්න එපා කියා කවුරුන් හෝ කියනවා නම් ඔහු සමාජ විරෝධියෙක්
අද වන විට විහාරස්ථාන හා ආගමික ස්ථාන ගොඩනැගෙනවාට, ගස්යට දහම්පාසල් අධ්‍යාපනය වෙනුවට ස්ථිර වහලක් යට දහම් අධ්‍යාපනය ක්‍රියාත්මක කරනවාට විරුද්ධ බලවේග, නිර්ආගමික බලවේග ජන සමාජය තුළ ප්‍රචලිත කරන්න සමහර කණ්ඩායම් උත්සාහ කරන බවත් බෞද්ධයන් ලෙස එම උත්සාහය පරාජය කළ යුතු බවත් ලක්ෂ 220ට තමන් විශ්වාස කරන තමන් අදහන ආගම පිළිපැදීමේ අයිතියක් ඇති බවත් ඕනෑම පුරවැසියකුට තමන්ගේ ආගම ධර්මය ගැන සුදුසු තීන්දු තීරණය ගැනීමේ තනි පුද්ගල අයිතිවාසිකම ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අපේ රටේ ජන සමාජයේ ආගම් අදහන පුරවැසි පරපුරක් නිර්මාණය වීම වැළැක්වීමට කවුරුන් හෝ උත්සාහ කරනවා නම් එය සමාජ විරෝධී ක්‍රියාවක් බවත් ආගම් ඇදහීමේ නිදහස මෙන්ම ආගම් විශ්වාස නොකිරීමේ නිදහස ද ඕනෑ ම අයකුට ඇතත් යම් අයකු ආගම් විශ්වාස නොකළත් ඔවුන්ගේ එම මතය ජන සමාජයේ සෙසු පුද්ගලයන්ට ප්‍රචලිත කරන්න උත්සාහ දරනවා නම් එම මතය ප්‍රතික්ෂේප කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සුචරිතවත් ජන සමාජයක් බිහි කරමු.
ගම හදා නගර හදා රට හදන සදාචාර සම්පන්න ශිෂ්ට සම්පන්න ප්රබුද්ධ ප්රශස්ත සුචරිත වූ ජන සමාජයක් නිර්මාණය කිරීමේ දැවැන්ත කේන්ද්රස්ථන බවට ආගමික ස්ථාන පත් කිරීමේ ජාතික වැඩසටහනක් ඇති කරනා බවත් සෑම ආගමික සිද්ධස්ථානයක් තුළම සමාජයේ තාරුණ්‍යයට ආගමික පරිසරයක් තුළ සුහුරු තාරුණ්‍යයක් බිහි කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යනවා සේම මනුස්සකම, සුචරිතවත් ගුණාංග, යහපත් පැවැත්ම, සදාචාරසම්පන් සමාජයක් නිර්මාණය කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
බංකොලොත් රටෙත් මේ ඊර්ෂයාව හා කුහකකම නැති වෙලා නෑ තාම
රට බංකොලොත් වී ඇතත් මේ අයගේ ඊර්ෂයාව, වෛරය, කුහකකම, ක්‍රෝධය ව්‍යාප්ත කරමින් මේ සංවර්ධන වැඩසටහන්වලට පහර පිට පහර දෙන බවත් බුදුරජාණන් වහන්සේ පවා දේශනා කර ඇත්තේ කවුරු නින්දා අපහාස කළත් පණ්ඩිතයන් උගත් පුද්ගලයන් කිසිදු අවස්ථාවක නොසැලෙන බවත් නින්දා අපහාස කුමන පැත්තකින් ලැබුණත් පැහැදිලි දර්ශනයක් තුළ ඉදිරියට යාම තුළ සාර්ථකත්වය කරා යා හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටට අගයක් එකතු කරද්දිත් ඒවා ගරහන මිනිස්සු අපි අතරම ඉන්නවා
සංවර්ධන කටයුතු කරන විට අභියෝග රැසකට මුහුණ දෙන්න සිදු වෙලා ඇති බවත් රට බංකොලොත් වෙලත් මොවුන් පාඩමක් ඉගෙන ගෙන නොමැති බවත් ඊර්ෂයාව, කුහකම, ක්‍රෝධය ක්‍රියාත්මක කරමින් මේ සංවර්ධන වැඩසටහන්වලට පහර පිට පහර දෙමින් නින්දා අපහාස කරමින් මේ වැඩසටහන්වලට ගරහමින් යන බවත් මෙහි දී විපක්ෂ නායකවරයා පැවසීය.
මේ හැම අපහාසයක්ම රටට අගයක් එකතු කරන නිසා
සමාජයේ ඇති විශම බලපෑම් දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් බවත් කළ හැකි බවත් අද දවසේ පවා හතරවටින් එකට එකතු වී මඩ ගැසීම්, විවේචනය කිරීම් සිදුවන බවත් එවැනි අපහාස දරාගෙන රටට අගයක් එකතු කිරීමට තමා කටයුතු කරන බවත් තමා රටට වැඩක් කරන නිසා මෙම මඩ ගැසීම් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
භේදබින්න වෙලා හිටියා ඇති. රට වෙනුවෙන් එකට එකතු වෙමු
බංකොලොත් රටක සිටින අපි භේදබින්නවලට ලක් නොවී ලක්ෂ 220ම අත්වැල් බැඳගෙන අපි ගෙඩ ආ යුතු බවත් සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන ගමන් අනෙකුත් ආගම්වලට ලබා දී ඇති නිදහස ලබා දිය යුතු බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සියලු සත්ත්වයෝ නිදුක් වේවා සුවපත් වේවා කියන ප්‍රතිපත්තිය අනුගමනය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.