කලකට පෙර ලංකාවේ ජනප්‍රියතම නාළිකාව බවට පත්ව තිබූ ස්වර්ණවාහිනිය යළිත් එම තත්ත්වයටම රැගෙන එන බව එහි නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වැඩ බාර ගත් සුදේව හෙට්ටිආරච්චි මහතා පවසයි.
හිරු නාළිකාවෙන් ඉවත් වී ස්වර්ණවාහිනියේ වැඩ බාරගැනීමෙන් පසු පැවැති ආගමික වැඩසටහනෙන් අනතුරුව හෙට්ටිආරච්චි මහතා මේ බව සදහන් කළේය.
තම කණ්ඩායමට එය සිදුකිරීමේ හැකියාව පවතින බවත්, ඉතා කෙටි කලකින් එම ඉලක්කයට ළගා විය හැකි බවත් ඒ මහතා සදහන් කළේය.










