• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුද්ගලයන් දිහා බලා තීන්දු ගන්න එපා…! ජනාධිපතිවරණයේදී තීන්දු වන්නේ මගේ දිනුම පැරදුම නෙමෙයි! රටේ දිනුම පැරදුමයි! PHOTOS I Sri Lanka Latest News

June 12, 2024
in Exclusive
Reading Time: 14 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. (Sri Lanka Latest News)

රජයේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතු බවට ජනතාව සෑහීමකට පත්ව සිටී නම් එම ක්‍රමවේදය සමඟ ඉදිරියට යා හැකි බවත් එසේ නොමැති වුවහොත් නැවතත් කඩාවැටුණු ආර්ථිකයක් ඇති රටක ඖෂධ, පොහොර සපයා ගත නොහැකිව මෙන්ම ඉන්ධන සහ ගැස් පෝලිම්වල දුක් විදීමට ජනතාවට සිදු වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පාර්ලි‍‍මේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා සහභාගී වන තරුණ නියෝජිතයන් සමඟ ඊයේ (11) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ කතිකාවට එක්වෙමිනි.
අද වේදිකා මත විවිධ පොරොන්දු දෙන පිරිසට රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, මැතිවරණවලදී පුද්ගලයන් දෙස බලා තීරණ ගැනීමේ අතීත වැරද්ද නැවත සිදු නොකරන ලෙස තමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය ලබා දෙන ලෙස ද මෙහිදී සියලු දේශපාලන පක්ෂ වෙතින් ඉල්ලා සිටි ජනාධිපතිවරයා ඒ හැර වෙනත් ක්‍රවේදයක් කිසිවෙකුට තිබේ නම් එය රටට ඉදිරිපත් කරන ලෙස ද දන්වා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය

අද ඔබ මෙම ස්ථානයට පැමිණ සිටින්නේ ආංශික අධීක්ෂණ කාරක සභාවල සාමාජිකයන් ලෙසයි. මම ජනාධිපති ධූරයට පත්වූ පසුව කරු ජයසූරිය මහතා සමඟ සාකච්ඡා කිරීමේදි එතුමා ලබාදුන් අදහසක් තමයි අද මේ අයුරින් දියුණු කර තිබෙන්නේ. තරුණ නායකයන්ට රටේ ඉදිරි සැලසුම් වෙනුවෙන් තම අදහස් සහ යෝජනා ලබා දෙමින් ආණ්ඩුවේ කටයුතුවලට දායක වීමට මෙමඟින් අවස්ථාව ලැබී තිබෙනවා. ඒ අනුව අප එම සියලු අදහස්වලට ඇහුම්කම් දෙනවා.

අද රටේ ආර්ථික බංකොළාත්භාවය පිළිබඳ සියලු දෙනා කතා කරනවා. මම ඊට එකඟ නැහැ. මේ රට ආර්ථික වශයෙන් පමණක් නොවෙයි දේශපාලන වශයෙන්ද බංකොළොත්භාවයට පත්ව තිබෙනවා. මේ කරුණු දෙකම අද වෙන් කළ නොහැකි ගැටලුවක් වී තිබෙනවා.

මීට හේතු වී තිබෙන්නේ රට තුළ විධිමත් ආර්ථික ක්‍රමවේදයක් නොතිබීමයි. අපේ රට තුළ මෙතෙක් ක්‍රියාත්මක වූණේ ආනයනය පදනම් කරගත් ආර්ථික ක්‍රමයක්. අප අවශ්‍ය සියලු දේ ආනයනය කළා. නමුත් ඒවාට ගෙවීමට අවශ්‍ය මුදල් අප සතුව තිබුණේ නැහැ. ඒ අතරතුර අපට යුද්ධය වෙනුවෙන් ද වියදම් කිරීමට සිදු වුණා. නමුත් යුද්ධය අවසන් වීමෙන් පසුව සීග්‍ර ආර්ථික දියුණුවක් ලබා ගැනීමට මෙරටට හැකියාව තිබුණා. යුද්ධය අවසන් වී වසර 15ක් ගත වුණද අප එම දියුණුව ලබා ගත්තේ නැහැ. අප පැරණි ක්‍රමවේදයම අනුගමනය කළා. මුදල් නැති වන විට ණය ලබා ගන්න පටන් ගත්තා. ඒ ණය ආපසු ගෙවීමට නොහැකි වුණා.

මේ කාලයේ ඇත්ත කතා කිරීමට කිසිවෙකු කැමති වුණේ නැහැ. නමුත් රටේ ආර්ථිකය වෙනස් විය යුතු බව අප ප්‍රකාශ කළා. ඒ සඳහා මැතිවරණවලදී පොරොන්දු ලබා දුන්නා. මේ කටයුතු කරගෙන යන විට රට විකුණන්න යනවා කියමින් ඇතැමුන් රට තුළ විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියා. නමුත් අවසානයේ අප බංකොළාත් රටක් බවට පත් වුණා.

රටට ආදායම් අවශ්‍ය නිසා 2015 වසරේදී අගමැතිවරයා ලෙස සිටියදී බදු වැඩි කිරීමට මට සිදු වුණා. 2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රට භාරගෙන බදු අඩු කළා. මෙම බදු අඩු කිරිමත් සමඟ රටට ආදායම් අහිමි වුණා. ඒ සමඟම කොවිඩ් වසංගතයත් පැමිණියා. රටට විදේශ විනිමය ලෙස ඩොලර් බිලියන 03ක් අවශ්‍ය වුණා. නමුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී කිසිවෙකු ඒ පිළිබඳ කතා කළේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අප ඒ පිළිබඳ සඳහන් කළා. වෙන කිසිවෙක් ඒ පිළිබඳ කතා කළේ නැහැ. ඒ වෙනුවට කළේ ඉටු කළ නොහැකි බව දැනගෙන වුවද ජනතාවට විවිධ පොරොන්දු ලබා දීමයි. එහි අවසාන ප්‍රතිඵලය වුණේ එක්සත් ජාතික පක්ෂයට එක් ආසනයක් පමණක් හිමි වීමයි.

ලෝකයේ කිසි තැනක එක් ආසනයක් පමණක් තිබු පුද්ගලයෙක් අගමැති හෝ ජනාධිපති ලෙස පත්වී නැහැ. එසේ සිදු වුයේ මේ රටේ තිබු දේශපාලන බංකොළොත්භාවය නිසයි. රටේ වගකීම භාරගෙන ආර්ථික ප්‍රශ්න විසඳිමට වෙනත් කිසිවෙකු ඉදිරිපත් වුණේ නැහැ. ඒ අනුව මම ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තා.

ඉන් පසුව තරුණයන්ට ද මෙම වගකීම් භාරදී ඔවුන් තුළ අවබෝධයක් ඇති කළ යුතුයි කියා අප තීරණය කළා. මෙම වැඩසටහන ආරම්භ වුණේ ඒ අනුවයි. රටේ ආර්ථිකය හදන්න ක්‍රමවේදයක් තිබෙනවා. එම වැඩපිළිවෙළ භාරගෙන රට ඉදිරියට ගෙන යාමට තරුණ පිරිස සූදානම් කළ යුතුයි.
අද ඇතැම් දේශපාලනඥයන් විවිධ පොරොන්දු ලබා දෙනවා. නමුත් ඔවුන් කිසිවක් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර නැහැ. විපක්ෂ නායකතුමා සහ අනුර දිසානායක මහත්මයා කොහොමද, කොතැනද වාද කරන්නේ කියා තෝර ගන්න මාසයක් වාද කළා. අවසානයේ එක් අයෙක් පැමිණියේ නැහැ. මේ එක් අයෙකුගෙන්වත් රටේ ආර්ථිකය ගොඩනැඟීමට ප්‍රතිපත්තියක් ඉදිරිපත් වි නැහැ.

ඒ නිසා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට අමතරව තවත් ක්‍රමයක් තිබෙනවද කියලා ඔවුන් පැවසිය යුතුයි. නමුත් කිසිවෙක් එවන් ප්‍රකාශයක් සිදු කර නැහැ. ඔබේ ආනගතය භාර ගැනීමට ඔවුන් සූදානම් නැත්නම් ඔබ ඔබේ අනාගතය ගැන සිතා ඉදිරියට යා යුතුයි. එහිදී මෙවන් වැඩසටහන් ඉතා වැදගත් වෙනවා. ඔබේ දැනුම වැඩිකර ගැනීම වෙනුවෙන් අනෙක් නිලධාරීන් සහ පුද්ගලික අංශය හමුවීමට අවස්ථාව සලසා දිය හැකියි. නව යෝජනා ඉදිරියට ආ යුතුයි. පැරණි ක්‍රමවේදයේ තවදුරටත් සිර වී නොසිට අපි රටක් ලෙස වේගයෙන් ඉදිරියට යමු කියා මා සියලු දෙනාට ආරාධනා කර සිටිනවා.

මෙහිදී තරුණ තරුණියන් මතු කළ ප්‍රශ්න සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒවටා ලබාදුන් පිළිතුරු පහත දැක්වේ.

ප්‍රශ්නය
ජාතික තරුණ පාර්ලිමේන්තුව කියන සංකල්පය, සංකල්පයකින් ඔබ්බට ගොස් ව්‍යවස්ථාපිත බලයක් ලබා දෙන ආයතනයක් බවට පත් කිරීම සඳහා වන පනත් කෙටුම්පත මේ වන විට ඔබ අතට පත් වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමා දරන මතය කුමක්ද?
පිළිතුර
තරුණ පාර්ලිමේන්තුව කාලයක් පුරා ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ පිළිබඳ නීතියක් ඉදිරිපත් කිරීමට සුදුසු කාලය එළැඹ තිබෙනවා. මෙම කණ්ඩායම තෝරා ගන්නේ කෙසේද යන්න එක් ගැටලුවක්. එය යොවුන් සමාජවලට සීමා කරනවාද එසේත් නැත්නම් විවෘත කරනවාද? විවෘත කරනවා නම් එම ලැයිස්තු සකස් කරන්නේ කෙසේද? මෙවැනි ප්‍රශ්න කිහිපයක් පැන නැඟී තිබෙනවා. ඒවාට විසඳුම් සොයා දෙන ලෙස මම දැනුම් දී තිබෙනවා. ඒ අනුව අපට ක්‍රියා කළ හැකියි.
ඊළඟට පළාත් සභා, ප්‍රාදේශීය සභාවල තරුණ කාන්තා නියෝජනය පිළිබඳ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. තරුණ නියෝජනය යෝජනා වුණේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ යුගයේදීයි. නමුත් එය නාමයෝජනාවලට පමණක් සීමා වුණා. මේවා ඉදිරි වසර දෙක තුන තුළ ක්‍රියාත්මක කළ යුතු බව ප්‍රතිපත්තියක් ලෙස මා ‍පිළිගෙන තිබෙනවා. තරුණ නියෝජනය පිළිබඳ සාකච්ඡාව දැන් හෝ ආරම්භ කළ හැකියි. ඒ වගේම ජනසභා තිබෙනවා නම් ඊට කාන්තා හා තරුණ නියෝජනය අවශ්‍යයද, ඒ මොන ආකාරයෙන්ද යන්නත් සිතා බැලිය යුතුයි. මේ පිළිබඳව තරුණයන්ගේ අවධානය යොමු කර පිළිතුරක් සොයා ගැනීම සුදුසු බව මම හිතනවා.
ප්‍රශ්නය
අමාත්‍යාංශවල ලේකම්වරු සමඟ කටයුතු කිරීමට තරුණ නායකත්ව කාර්ය බළකායක් ගොඩනැඟීමට අපට අවස්ථාව තිබෙනවාද? සුහුරු තාක්ෂණය හා සම්බන්ධ කටයුතුවලදී බිම් මට්ටමේ ඒ පිළිබඳ අවබෝධයක් නැහැ?
පිළිතුර
අමාත්‍යාංශ හා පරිපාලනයට තරුණ අදහස් එක් කිරීම ඉතා වටිනවා. එය සිදු කළ යුත්තේ කෙසේද කියා ඔබම සාකච්ඡා කර අපට දැනුම් දෙන්න. පාර්ලිමේන්තුව හා සම්බන්ධ වීමේ වැදගත්කම තිබෙන්නේ ප්‍රතිපත්ති සකස් කිරීමේදී ඊට සහභාගි වීමට අවස්ථාව හිමි වන නිසයි. අමාත්‍යාංශ හෝ පළාත් සභාවලට සම්බන්ධ වෙනවා කියන්නේ එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ වෙනවා කියන එකයි. එසේ සම්බන්ධ වීමට වඩාත් සුදුසු ක්‍රමවේදය කුමක්ද කියා එක්ව සාකච්ඡා කර අපට ඉදිරිපත් කරන්න. ඒ ගැන මම කියන්නේ නැහැ. මොකද මේ මගේ අනාගතය නොවෙයි. 2048 වන විට මම නැහැ. ඒ ඔබේ අනාගතයයි.
ප්‍රශ්නය
රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ එම අභියෝගය බාර ගෙන ඔබතුමා සාර්ථකව ඊට මුහුණ දුන්නා. නමුත් යම්කිසි ආකාරයකින් ඔබතුමා ඊළඟ මැතිවරණයෙන් පරාජයට පත්වුවහොත් වත්මන් වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට නායකත්වය ගැනීමට කිසිවෙක් සිටිනවාද?

පිළිතුර
මෙම මැතිවරණයේ දී තීරණය වන්නේ මගේ ජය හෝ පරාජය නොවෙයි. එහිදී තීරණය වෙන්නේ රට පරාජය වෙනවාද නැද්ද යන්නයි. අප මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ආර්ථික වැඩසටහනක් ඉදිරිපත් කර තිබෙනවා. එය ක්‍රියාත්මක කිරීමට ආර්ථික පරිවර්තන නීතිය ගෙනවිත් තිබෙනවා. එය බිඳවැටුණහොත් අපට නැවතත් විදේශ විනිමය නැති වෙනවා. නැවතත් ඖෂධ, පෙට්‍රල්, ගෑස් නොමැතිව පෝලිම්වල දුක් විඳීමට සිදු වෙනවා. ඒ නිසා ආණ්ඩුවේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යනවාද නැද්ද කියා තීරණය කළ යුතු වෙනවා.
මෙම ආර්ථික පරිවර්තන නීතියට සහාය දෙන ලෙස මම සියලු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේ නොමැති නම් විකල්පයක් ඉදිරිපත් කරන්න. මෙවර මැතිවරණයේදී තෝරා ගැනීමට සිදු වන්නේ පුද්ගලයන් නොවෙයි, ක්‍රමයයි. මේ ක්‍රමය ඉදිරියට ගෙන යා යුතුයි කියා ඔබ සෑහීමට පත් ව තිබෙනවා නම් මේ ක්‍රමය සමඟ ඉදිරියට යමු.

එසේ නොමැතිව නැවත කඩාවැටුණු ආර්ථිකයක් ඇති රටක්, විදේශ විනිමය නැති ඖෂධ, පොහොර නැති රටක් අවශ්‍ය නම් වෙනත් පාර්ශ්වයක් තෝරාගත හැකියි. රටක් ලෙස ඉදිරියට යාමට අවශ්‍ය නම් රජයේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා හැකියි.
රජයේ වැඩපිළිවෙළ හොඳ නැත්නම් ඊට විකල්පයක් ඉදිරිපත් කළ යුතුයි. නමුත් මෙතෙක් කිසිවෙක් එවැනි විකල්ප වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැහැ. ඇතැම් අය කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ගිවිසුම සංශෝධනය කරනවා කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරනවා ගිවිසුම වෙනස් කිරීමට හැකියාවක් නැහැ කියලා. ලබන මාසයේ රට බංකොළොත්භාවයෙන් නිදහස් වෙන එකට මට අත්සන් නොකර සිටිය හැකිද? ඒ නිසා ඔබ තමන්ගේ අනාගතය පිළිබඳ සිතා තීරණයක් ගත යුතුයි.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා
යුද්ධය පැවති සමයේදී මෙන්ම මෑතකාලීන ආර්ථික අර්බුදය හමුවේද අප සියලු දෙනා පීඩාවට පත් වුණා. දවසේ වැඩි වේලාවක් විදුලිය නොමැතිව සහ ඉන්ධන නොමැතිව බලශක්ති අනාරක්ෂිතභාවයට අපි මුහුණ දුන්නා. කෘෂිකාර්මික අංශයේ බිඳවැටීමට හේතුවන ආකාරයේ ආහාර සහ පොහොර පිළිබඳ දුර්වල ආකාරයෙන් සිතා බැලූ ප්‍රතිපත්ති හේතුවෙන් අප ආහාර අනාරක්ෂිතභාවයට ද මුහුණ දුන්නා. ඒවගේම අපට සෞඛ්‍ය සහ වෙනත් ක්ෂේත්‍රවල අනාරක්ෂිතභාවයක් ඇති වූවා. එය දැඩි ආර්ථික පීඩාවන්ට හේතු වුණා. ආහාර, ගෑස් වැනි මූලික අවශ්‍යතා පවා නොමැතිව අප රටක් ලෙස පහළට වැටුණා.
ඒ නිසා ජාතික ආරක්ෂාව කියන්නේ රටක භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට වඩා එහා ගිය දෙයක්. ජාතික ආරක්ෂක ලේකම් කාර්යාලය වගේම ජනාධිපතිවරයා සඳහා ජාතික ආරක්ෂක උපදේශකයෙකු සමඟ නව භූමිකාවක් නිර්මාණය වී ඇත්තේ එනිසයි. ඒ පිළිබඳ පනත් කෙටුම්පත තවමත් ඉදිරිපත් කර නොමැති වූවත්, එය ජාතික ආරක්ෂාව පිළිබඳ ලේකම් කාර්යාලය, අලුතෙන් සකස් වෙමින් පවතින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (CDS) පනත සහ ජාතික උපාය මාර්ගික අධ්‍යයන ආයතනය ඇතුළු පොදු ක්ෂේත්‍රයක් ආවරණය වන පරිදි එය සියලු බලතල සහිත පනත් කෙටුම්පතක කොටසක් වනු ඇතියි. ජාතික ආරක්‍ෂාව පිළිබඳ ලේකම් කාර්යාලය සම්ප්‍රදායික ආරක්‍ෂාවට සීමා වන්නේ නැහැ. එමගින් අනෙකුත් අංශ අතර ආර්ථික හා බලශක්ති සුරක්ෂිතතාව ද ආවරණය කරනවා.

ජාතික ආරක්ෂාව යන්න නිශ්චිතව නිර්වචනය කළ නොහැකියි. එය පුළුල් ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ පැතිර පවතිනවා. අපගේ බුද්ධි අංශ ප්‍රතිසංස්කරණය කළ යුතුයි. යුද්ධයක් පවතින අවස්ථාවක සහ සාමය පවතින අවස්ථාවක බුද්ධි‍ අංශ ක්‍රියාත්මක වන ආකාරය එකිනෙකට වෙනස් වෙනවා. නමුත් මේ දෙකම මඟින් රටේ භෞමික අඛණ්ඩතාව ආවරණය කෙරෙනවා. අප මේ වන විට අපට මිත්‍රශීලී සහ සමාන අදහස් ඇති රටවල සහාය ද ඇතිව මෙම අංශ යාවත්කාලීන කරමින් සිටිනවා. මීට පෙර විදේශ අමාත්‍යාංශය යටතේ පැවති නමුත් සාමාන්‍යයෙන් ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනෙන විදේශගත අංශයක් ද අප මේ සඳහා ඇතුළත් කරනවා.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න, ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

SendShareShare
Previous Post

13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරනවා කියලා සජිත් යාපනයට ගිහින් කියන්න කලින් මැයි දින දා මුලින්ම දකුණේදීත් කිව්වා! කොන්ද කෙළින් තියාගෙන උතුරටයි-දකුණටයි එකම දේ කියපු එකම නායකයා සජිත් විතරයි! මෙන්න වීඩියෝව! සජිත් ඒක උතුරට ගිහින් කියද්දි විතරක් දැන් සමහරු කුලප්පු වෙලා දඟලනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

බස්වල ජැක් ගහන්නේ බලාගෙන! පොදු ස්ථානවල සිදු වන ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් අපරාධ කාණ්ඩයට!  I Sri Lanka Latest News

MORE NEWS

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News
Exclusive

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News
Exclusive

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

Load More
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

කිසිවකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව විපක්ෂයට හා විපක්ෂනායකවරයාට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව පොහොට්ටුවේ දැඩි ප්‍රහාරයට ලක්වූ තිස්ස කුට්ටිආරච්චි යළිත් වතාවක් විපක්ෂයට සහ...

Read more
නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.