දැනට රට තුළ මතුව ඇති තත්ත්වය මත ජනතාවට ඉතා අසීරු කාල සමයකට මුහුණ දීමට සිදුව ඇති බවත්, ආණ්ඩුව ජනතාවට සහන ලබා දෙන බව ප්‍රකාශ කර සිටියද නිවැරදිව එම කටයුතු සිදු නොවන බවත් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ අවම වශයෙන් ආණ්ඩුව දුන් නියෝග බැංකුවලින් පවා පිළි නොගන්නා තත්ත්වයක් උද්ගතව ඇති බවත්, ආණ්ඩුව කී සහන බැංකු මගින් ජනතාවට ලබා නොදෙන බවත්ය.










