• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කයිවාරු නායකයන් උතුරට ඇවිත් සීනිබෝල කතා කියනවා! ඒවට රැවටෙන්න එපා! දේශපාලන හා සිවිල් අයිතිය පමණක් නෙමෙයි අපි උතුරට ආර්ථික-සමාජීය-සංස්කෘතික-අධ්‍යාපනික-සෞඛ්‍ය-ජීවත් වීමේ හොඳ ආදායම් මාර්ගයක් ලබා ගැනීමේ අයිතියත් ලබා දෙනවා! උතුරට අඩිය තියපු සජිත් යාපනයේදී දීපු ‌පොරොන්දුව! VIDEO I PHOTOS I Sri Lanka Latest News

June 10, 2024
in Exclusive
Reading Time: 24 mins read
A A
Share on WhatsAppShare on Facebook

උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවත් විවිධ කයිවාරු නායකයන්ගේ සීනි බෝල දේශපාලනයට යටත් වී ඡන්ද කාලෙට ඔවුන් ලබා දෙන සිහින ලෝකවල අතරමං වන බවත් මේ සීනි බෝල ලොසිංජර දේශපාලනයට රැවටුණු කාලය අවසන් විය යුතු බවත් මෙම ප්‍රදේශයේ ජනතාවගේ දේශපාලන හා සිවිල් අයිතිය පමණක් නොව ආර්ථික, සමාජීය, සංස්කෘතික, අධ්‍යාපනික, සෞඛ්‍ය, ජීවත් වීමේ, හොඳ ආදායම් මාර්ගයක් ලබා ගැනීමේ අයිතිය ලබා දීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (ජුනි 9) යාපනය වෛදෙස්වර් විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 226 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා අවශ්‍ය ඇඳුම් සපයා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

කතාව ක්‍රියාවට නංවන්න කාලය හරි

විවිධ නායකයන්ගේ කතා යාපනයේ ජනතාව ඇති තරම් අසා ඇති බවත් ඒ කතා අසා යාපනයේ, කිළිනොච්චියේ, වන්නියේ, මන්නාරම, මුලතිව්වල ජනතාවට එපා වී ඇති බවත් මේ කතා ක්‍රියාවට නංවන්න කියා ජනතාව කියා සිටින බවත් එම ක්‍රියාව ලෙස සමගි ජන බලවේග රජයක් තුළ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

උතුරු නැගෙනහිර දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා

යාපනය සහ කිළිනොච්චිය ඇතුළු උතුරු පළාතේ සෑම දිස්ත්‍රික්කයක්ම දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනා බවත් පාසල් මට්ටමින් තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය, ඉංග්‍රිසි භාෂා සාක්ෂරතාව වැඩි දියුණු කරන බවත් ඊට අමතරව අධ්‍යාපන අයිතිය මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළත් කරනා බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මත්රකුසාගෙන් දරු පරපුර බේරා ගනිමු

මේ දුවා දරුවන් මත් රකුසාගේ බිල්ලට ගැනීමේ මහා ව්‍යායාමක විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නිරත වී ඇති බවත් මේ මත්ද්‍රව්‍ය ජන සමාජයෙන් ඉවත් කිරීමට පියවර ගත යුතු බවත් මේ මත්ද්‍රව්‍ය තුළින් විනාශයට ලක් වන දරුදැරියන් ආරක්ෂා කිරීම සඳහා ජන සමාජයෙන් මත්ද්‍රව්‍ය අතුගා දමන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක සමගි ජන බලවේගය සිටිනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බලයක් නොමැතිව යාපනයට වැඩක් කළෙත් අපියි

පසුගිය කාලයේ සිටි පාලකයෝ යාපනයට වැඩක් කළේ රාජ්‍ය බලයක් සහිතව රජයේ ප්‍රතිපාදනවලින් වුවත් බලයක් නොමැතිව යාපනයට අගයක් එකතු කළේ සමගි ජන බලවේගය බවත් සමගි ජන බලවේගය විපක්ෂයක් ලෙස සමස්ත රටම ආවරණය වන ආකාරයේ වැඩකොටසක් ඉටු කර ඇති බවත් මෙය ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාලකයන් සුහුරු රටක් හදනවා කිව්වට ඒක කරන ආකාරයවත් දන්නේ නැහැ

සුහුරු රටක් ගොඩනගනවා කියා පාලකයන් කිව්වත් එය කරනා ආකාරය පැහැදිලි කිරීමක් රජය සිදු නොකළත් ඊට අදාළ සැලසුම් සමගි ජන බලවේගය සතුව පවතින බවත් සෙසු දේශපාලනඥයන් සිංහල ඡන්ද මල්ල සහ දමිළ ඡන්ද මල්ලි ගැන සිතා කටයුතු කළත් තමා රටේ පාසල් 10099ක 41 ලක්ෂයක් දූදරුවන් ගැන සිතා කටයුතු කරනා බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙම සක්වල වැඩසටහන් ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 226ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2526ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

ඇමැතිවරුත් ටික ටික එන්න පටන් ගනී! ධම්මිකගේ අගුණුකොළපැලැස්සේ උත්සවයට දසදහස් ගණනින් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

Next Post

පුංචි ඡන්දය කල්දාන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ විශ්‍රාමික යුද හමුදා කර්නල් මියගිහින්! නීතීඥ ෆයිසර් මුස්තාෆා වෙන අයෙක් නම් කරන්න අවසර ඉල්ලයි! අධිකරණය මරණ සහතිකය ඉල්ලයි! Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.