• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ප්‍රභාකරන්ට ගහපු-මෛත්‍රිපාලව ගෙදර යවපු-මහින්දත් එක්ක හැප්පෙන කව්ද මේ ‘හූල්’?

April 28, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
ප්‍රභාකරන්ට ගහපු-මෛත්‍රිපාලව ගෙදර යවපු-මහින්දත් එක්ක හැප්පෙන කව්ද මේ ‘හූල්’?
Share on WhatsAppShare on Facebook

“දින දෙකකට පෙර සභාපතිවරයා (මහින්ද දේශප්‍රිය) මාවෙත දුරකතන ඇමැතුමක් ලබාදී අප්‍රේල් 20 වැනිදාට නියමිත කොමිෂන් සභා සාකච්ඡාවට සහභාගි වන්නේදැයි විමසා සිටියා. ඒ අතර මැතිවරණය මැයි 28 වැනිදාට නියම කරමින් ගැසට් පත්‍රය නිකුත් කිරීමට යෝජනා කළා. ඒ වන විට වසංගත තත්ත්වය අවසාන නොවුණොත් නැවැත මැතිවරණය කල්දැමිය හැකි බව ඔහු යෝජනා කළා. මම එයට එකඟ වුණේ නෑ. මම ඒ වන විටත් කොමිෂන් සභාව වෙත යොමු කරන්නට සටහනක් ලියමින් සිටියා. අප මැතිවරණයට දිනයක් නියම කළොත් රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව අනතුරේ වැටෙන්නේ නැති බවට සහතිකයක් ලැබෙනතුරු දිනයක් නියම නොකළ යුතු බවයි මගේ අදහස…”

“නව දිනයක් කියම කළොත් දැන් පවතින තත්ත්වයටත් වඩා බරපතළ වේවි. අපේක්ෂකයන් වහාම මැතිවරණ ප්‍රචාරය පටන්ගත් පසු අප නැවැත දිනය වෙනස් කළොත් විශ්වසනීයත්වය සම්පූර්ණයෙන් ගිලිහී යාවි. මැයි 20 දිනය ළඟාවන විට ජුනි 02 වැනිදා වන විට මැතිවරණය කැඳවීමට නොහැකි වුවහොත් ඇතිවන ව්‍යවස්ථා අර්බුදය නැවැත්වීමට ප්‍රමාණවත් පියවර ගැනීමට නොහැකි වේවි…”

“මේ මොහොත වන විට මැතිවරණය පැවැත්වුවහොත් පොදුජනයා වෛරසයට නිරාවරණය වනු ඇත්දැයි බරපතළ ප්‍රශ්න තියෙනවා. යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්ති දැඩිව පෙන්වාදී ඇත්තේ අප්‍රේල් 16 වැනිදා පවතින තත්ත්වය අනුව ඉදිරියේදී තත්ත්වය යහපත් වේද, නරක්වේද යැයි කිසිවකුට අනාවැකි කිව නොහැකි බව…”
මේ පළවන්නේ පසුගිය 16 වැනි දින මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියට යොමුකර තිබූ අතිවිශේෂ ලිපියක කොටස් කිහිපයකි. ඉංග්‍රීසි බසින් පිටු 3ක් පුරා ලියා තිබුණු මේ දීර්ඝ ලිපිය මගින් ලිපිය යොමුකළ තැනැත්තා දැඩිව අවධාරණය කර තිබුණේ කලින් තීන්දු කළ පරිදි අප්‍රේල් 26 මැතිවරණය පැවැත්වීමට නොහැකි නිසා අලුත් දිනයක් නම් කිරීමට හදිසි නොවිය යුතු බවකි. එසේ වුවහොත් බරපතළ නීතිමය ගැටලු රැසකට පවා මුහුණදීමට සිදුවනු ඇති බවකි.
“කවුද මේ ලියුම ලියලා තියෙන්නෙ…”
“මැතිවරණ කොමිසමක් වගේ බලගතු ආයතනයකට බය නැතිව ඡන්දය තියන්න හදිසි වෙන්න එපා කියන ජගතා කවුද…?”
“ඇරත් ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවේ හැමෝම ඡන්දෙ තියන්න, ඡන්ද තියන්න කියලා කොමිසමට ලියුම් එවන අතරේ, ප්‍රකාශ නිකුත් කරන අතරේ මෙහෙම ඡන්දෙ කරන්න එපා කියලා කියන්න කොන්දක් තියෙන මනුස්සයා කවුද…”
මෙහෙම කියන්නේ වෙන කවුරුවත් නොව මැතිවරණ කොමිසමේම සාමාජිකයෙක් වෙන රත්නජීවන් හූල්ය. තනතුරු, වාසගමත් එක්ක හරියටම කියන්නේ නම් මහාචාර්ය සැමුවෙල් රත්නජීවන් හර්බට් හූල්ය.
“එතකොට මැතිවරණ කොමිසමේ අනෙකුත් සාමාජිකයන් දෙදෙනා වන මහින්ද දේශප්‍රියත්, එන්.ජේ. අබේසේකරත් ඡන්දයට දිනයක් නියම කරන්න ඕන කියන ස්ථාවරයක සිටියදී හූල් විතරක් කොමිසමේ මතයට පිටින් යමින් දින තීන්දු කරන්න එපා කියන්නේ ඇයි…?”
“ජනාධිපති ගෝඨාභයත්, අගමැති මහින්දත් මැතිවරණ කොමිසමට ලියුම් ලියලා ඡන්ද දිනය නියම කරන්න කියලා තියෙද්දි කොමිසමේම සාමාජිකයෙක් වන හූල් ඇයි මෙහෙම උඩුගම් බලා පිහිනන්න යන්නේ…”
ඒ හූල්ගේ හැටිය. මොකද හූල් කොයිම මොහොතකවත් කාටවත් යටවෙන චරිතයක් නොවේ. හූල් තීන්දු තීරණ ගන්නේ ඒවා ක්‍රියාත්මක කරන්නේ තමන් වටවී සිටින නීතිමය පරිසරයෙන්ම පමණක් නොව ජනතාවගේ අයිතිවාසිකම් වගේම ප්‍රායෝගික තත්ත්වය පිළිබඳ හොඳින් හිතා තුන්කල් බලලාය. ඒකට හේතුව හූල් සිය මුල් කාලයේ සිටම මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි තැනැත්තෙක් වීමය. හූල්ගේ අතීතය පොඞ්ඩක් හාරා ඇවිස්සුවොත් මේ ගැන ඕනෑ තරම් උදාහරණ සොයාගන්නට ඕනෑ කෙනකුට පුළුවන.
ඒකට ආසන්නම උදාහරණය 2018 ඔක්තෝබර් 26 වැනි දින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ව්‍යවස්ථා විරෝධීව සිද්ධකරපු කුමන්ත්‍රණකාරී ආණ්ඩු පෙරළියය. එහිදී මෛත්‍රිපාල එක රැයින් සිය අගමැතිවරයා වූ රනිල්ව අගමැතිකමින් පන්නා විපක්ෂයේ සිටි මහින්ද පාර්ලිමේන්තුවේ පස්සා දොරෙන් අරගෙන ඇවිත් අගමැති කිරීමට පියවර ගෙන පසුව බහුතර බලයක් තිබූ පාර්ලිමේන්තුව පවා විසුරුවා හැරියේය. මෙහිදී බොහෝ පිරිසක් මෛත්‍රිපාල කරපු වැඬේ විවිධ නීති තර්ක කියමින් සාධාරණීයකරණය කිරීමට උත්සාහ ගත්තත් සුළු පිරිසක් කියා සිටියේ මෛත්‍රිපාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළා යැයි කියාය. විශේෂයෙන්ම වසර හතරහමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාපිත බලයක් නොමැති බවට 19 වැනි සංශෝධනයේ සඳහන්ව තිබූ වගන්තිය මෛත්‍රිපාල කැඩූ බව බොහෝ දෙනාගේ තර්කය විය.

කොහොම වුණත් පාර්ලිමේන්තු විසුරුවා හැරීමෙන් පසු මැතිවරණ කොමිසමේ කාර්යභාරය මැතිවරණය පැවැත්වීම කියා කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කළේ වහාම කොමිසමේ රැස්වීමක් කැඳවීමය. මහින්ද දේශප්‍රිය අද මෙන්ම එදත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා කොමිසම සූදානම් විය යුතු බවට තර්ක කළත් හූල් ඊට එකහෙළාම විරුද්ධ විය. හූල් කීවේ මෛත්‍රිපාල කර ඇත්තේ සම්පූර්ණ නීති විරෝධී ක්‍රියාවක් බවත්, ඊට උල්පන්දම් දෙමින් කොමිසම මැතිවරණය පැවැත්වීමට කටයුතු කළහොත් කොමිසමද ඒ නීති විරෝධී ක්‍රියාවට සහාය දැක්වූවා හා සමාන බවත්ය. ඒ නිසා අවම වශයෙන් මහ මැතිවරණය පැවැත්වීම සඳහා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදෙන පළමු ලියැවිල්ලට අස්සන් තැබීම පවා ප්‍රතික්ෂේප කිරීමට හූල් පියවර ගත්තේය.
හූල් එතැනින් නැවතුණේ නැත. මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වශයෙන් සිටියා වුවද මෛත්‍රිපාලගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී එකක් බව සඳහන් කරමින් රටේ ජනාධිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පවා යෑමට හූල් කටයුතු කළේය. එදා මෛත්‍රිපාලට එරෙහිව අධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් 11න් එකක් වූයේ හූල්ගේ පෙත්සමය. අනෙක් පෙත්සම් 10ටත් වඩා මෛත්‍රිපාල හොම්බ බිම ඇනගත්තේ මැතිවරණ කොමිසමේම සාමාජිකයෙක් විදියට හූල් අධිකරණය ඉදිරියට ගොස් මෛත්‍රිපාලට විරුද්ධව අධිකරණය හමුවේ දැක්වූ කරුණු නිසාය.
මේ විදියට රටේ ජනාධිපතිවරුන් දෙදෙනකු කළ නියෝගයන්ට එරෙහිව යමින් කොයි වෙලාවෙත් හරි පැත්තේ හිට ගත්ත හූල් කියන්නෙ කවුද? කොහේ ඉඳන් ආපු කෙනෙක්ද?
හූල් ඉපදුණේ යාපනයේය. ඒ 1952 සැප්තැම්බර් 15 වැනි දිනය. හූල්ගේ පියා රිචඞ් හර්බට් රත්නතුරෙයි හූල්ය. මව ජීවමනී සෝමසුන්දරම්ය. මුලින්ම නල්ලූර් සී.එම්.සී. කනිටු පාසලෙන් අධ්‍යාපනය ලැබූ හූල් පසුව යාපනය ශාන්ත ජෝන් පාසලට ඇතුළු විය. 1970දී හූල් විශ්වවිද්‍යාල වරම් දිනාගනිමින් පේරාදෙණි විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණද ඒ වන විට පේරාදෙණි විශ්වවිද්‍යාලයේ දමිළ සිසුන් වැඩි බව කියමින් හූල් තාක්ෂණික විද්‍යාලයට ඇතුළත් කෙරිණි. කෙසේ වෙතත් හූල් 1975 කටුබැද්ද විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත්තේ විදුලි ඉන්ජිනේරුවරයකු ලෙසිනි. අනතුරුව 1977 ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඵිගජ උපාධියද, 1983 කානගී මෙලන් විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියද, 1993දී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියද ලබාගත්තේය.
පසුව ලෝකයේ ප්‍රචලිත විශ්වවිද්‍යාල කිහිපයකම කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළ හූල් යළි ලංකාවට එන්නේ 1999දීය. ඒ රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙසටය. පසුව 2003 – 2006 කාලයේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සාමාජිකයකු ලෙසද හූල් රාජකාරි කළේය. එකල හූල් අසාධාරණ විශ්වවිද්‍යාල පත්කිරීම්වලට එරෙහිව හඬනැඟූ “යහපාලනය සඳහා වූ මහජන ව්‍යාපාරයේ” සාමාජිකයකු ලෙස විශාල හඬක් නැඟුවේය. මේ නිසාම හූල්ට විනය පරීක්ෂණවලට පවා මුහුණදීමට සිදුවිය.
කෙසේ වෙතත් 2006 දී එවකට ජනාධිපතිව සිටි මහින්ද යාපන විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් හූල්ව පත්කිරීමට පියවර ගැනීමත් සමඟ විශාල ප්‍රශ්න ගොඩකට මුහුණදීමට හූල්ට සිදුවිය. ඒත් එක්කම එවකට ප්‍රබල තැනක සිටි කොටි සංවිධානය හූල්ට එරෙහිව දැඩි විරෝධයක් දක්වන්නට වූහ. ඔවුන් හූල්ව දැක්කේ මහින්දගේ ඉත්තකු ලෙසටය.
“උඹ යාපනයට ආවොත් යන්න වෙන්නේ ඔළුව නැතිව පෙට්ටියක”
හූල්ට දිගින් දිගටම කොටින්ගෙන් මරණ තර්ජන එල්ල වන්නට විය. ඒ අනුව හූල් තනතුර බාර නොගත් නිසා මහාචාර්ය එස්. මොහාන්දාස් යාපන සරසවියේ උපකුලපතිවරයා ලෙස වැඩභාරගත් අතර හූල් වව්නියා මණ්ඩපයේ නියෝජ්‍ය උපකුලපතිවරයා ලෙස වැඩ භාරගත්තේය. නමුත් ඒ රාජකාරියද හූල්ට වැඩිකල් කරගෙන යන්නට බැරිවුණේ කොටින්ගෙන් දිගින් දිගටම මරණ තර්ජන එල්ල වීම නිසාය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ හූල් 2006 අප්‍රේල් 20 වැනි දින සිය දරු පවුලද සමග රටින් පිටවීමය.
රටින් පිට වුවද හූල් කොටින්ට ඕන ඕන විදිහට නටන්න ගියේ නැත. දමිළ ජාතිකයකු වුවද හූල් කොටින්ගේ මානව විරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව නැඟී සිටියේය. කොටින්ට විරුද්ධව නිවේදන නිකුත් කළේය. ප්‍රභාකරන්ට එරෙහිව ප්‍රකාශ නිකුත් කළේය. උතුරෙන් ආපු දමිළයකු උතුරේ කොටින්ට එරෙහිව නැඟූ මේ හඬට ජාත්‍යන්තරයේද විශාල අවධානයක් යොමුවිය.
ඒ ගිය හූල් යළි ලංකාවට එන්නේ කොටි සංවිධානය පරාජයට පත්වීමෙන් අනතුරුව 2010දීය. ඒ යාපනය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයක් ස්ථාපිත කිරීමේ අරමුණ ඇතිවය. ඒ අවස්ථාවේදීත් හූල්ගේ නම යාපන කුලපති ධුරයට යෝජනා වුවත් මහින්ද ඒ අවස්ථාවේ හූල්ව පත්කළේ නැත. ඒ වෙනුවට මහින්ද තෝරගත්තේ වසන්ති අර්සරත්නම්ය. කොහොම වුණත් ඒ කාලය අතරතුරදීද හූල් උතුරේ ජනතාවගේ මානව හිමිකම් වෙනුවෙන් නිතරම පෙනී සිටි ප්‍රබල මානව හිමිකම් ක්‍රියාධරයකු ලෙස නමක් දිනාගෙන සිටියේය.
2011 යාපනයේ පැවැති පළාත් පාලන මැතිවරණය හූල්ගේ ජීවිතය යළි වෙනස් කළ සන්ධිස්ථානයක් විය. එකල පැවැති මහින්දගේ ආණ්ඩුවේ යාපනය ප්‍රබලයා වූ ඊ.පී.ඩී.පී. ඩග්ලස් දේවානන්දා අතුරු සන්නද්ධ කණ්ඩායම් යොදාගනිමින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳව හූල් වාර්තාවක් ඉදිරිපත් කළේය. මේ පිළිබඳව ඩග්ලස් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව 2011 අගෝස්තු 02 වැනි දින හූල් පොලිසියට පැමිණ ප්‍රකාශයක් පවා ලබාදීමට පියවර ගත්තේය.
පසුව පොලිසිය කයිට්ස් අධිකරණය හමුවේ හූල්ට එරෙහිව නඩුවක් ගොනු කළ අතර තමාව අත්අඩංගුවට ගැනීමට ඩග්ලස් ඇතුළු පිරිස දැල එළා ඇති බව හූල්ට වැටහිණි. ඒ අනුව හූල් අධිකරණය හමුවේ පෙනී නොසිට ඒ වෙනුවෙන් නීතිඥවරයකු යැවීමට කටයුතු කර තිබිණි. එහි ප්‍රතිඵලය වූයේ අධිකරණය මඟින් හූල්ට එරෙහිව වරෙන්තු නිකුත් වීමය. එහි ප්‍රතිඵලය වූයේ හූල්ට දෙවැනි වරටත් රට හැර යන්නට සිදුවීමය.
ඒ ගිය හූල් යළි ලංකාවට පැමිණියේ 2015 සිදුවූ ආණ්ඩු පෙරළියත් සමඟය. යහපාලන ආණ්ඩුව 19 වැනි සංශෝධනය යටතේ ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවීමෙන් පසුව එහි එක් සාමාජිකයකු ලෙස හූල්ගේ නමද ඇතුළත් කිරීමට පියවර ගත්තේය. මහජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන පරණ පුරුදු හූල්ගෙන් යළි මතුවන්නේ එතැන් සිටය.
“හැබැයි හූල්ට මේ වැඬේ දිගටම කරගෙන යන්න පුළුවන්ද…?”
“එහෙම නැත්නම් පසුගිය දෙවතාවකදීම වුණා වගේ මේ පාරත් හූල්ට ලංකාව දාලා යන්න වෙයිද?”
ඒක කියන්න දැන්ම කල් වැඩිය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

ගෝඨාව ලෝකෙන්ම 9 කරපු CMAA පිටිපස්සේ ඉන්නේ කව්ද?

Next Post

අජිත් රෝහණට එකපාරටම මොකද වුණේ?

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.