තමන් නියත වශයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.Sri Lanka Latest News
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දැයි මාධ්‍යවේදියෙකු නැගූ පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව තහවුරු කලේ ය.
මේ අතර, පොහොට්ටු පක්ෂයෙන් තරග වැදී මන්ත්‍රී ධූරයට පත් විජේදාස රාජපක්ෂ, වෙනත් පක්ෂයක සභාපති ධූරය භාර ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේ දී විනය පියවර ගන්නා බව, පොහොට්ටු පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් පවසා තිබුණි.









