• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම හිතුවෙ නෑ මහින්දානන්ද මේ තරම් පහත් විදිහට හැසිරෙයි කියලා! ඒ හැසිරීම මන්ත්‍රීවරයෙකුට නෙමෙයි රස්තියාදුකාරයෙකුටවත් ගැලපෙන්නේ නෑ! මම මේක ලේසියෙන් අතාරින්නේ නෑ! යුක්තිය වෙනුවෙන් ගන්න පුළුවන් සෑම පියවරක්ම ගන්නවා! වහාම ජනාධිපති ලේකම් කාර්යාලයේ CCTV බලන්න! එතකොට තේරෙයි කවුද ගැහුවේ කියලා! මහින්දානන්දගෙන් ගුටිකාලා කකුලකුත් කඩාගෙන ශල්‍යකර්මයක් කරපු පොහොට්ටු මන්ත්‍රී ගුණතිලක රෝහල් ඇඳේ සිට පළමුවරට කට අරී! Sri Lanka Latest News

June 5, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

පොදු ජන එක්සත් පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායකයාගේ හැසිරීම හා ක්‍රියා කලාපය පිළිබඳ මම අතිශයින් කනගාටු වෙනවා. උගත් බුද්ධිමත් පුද්ගලයෙක්ගෙන් කිසි දිනයක මේ ආකාරයේ හැසිරීමක් බලාපොරොත්තු වෙන්න බෑ යනුවෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ පවසයි. Sri Lanka Latest News                       

ජනාධිපති ලේකම් කාර්යාලයේ 03 දින රාත්‍රියේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව නැවත පිටතට පැමිණෙන අවස්ථාවේදී ගුණතිලක රාජපක්ෂ හා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරු අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවකින් අනතුරුව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ පහර කෑමකට ලක්ව ඇද වැටුනු බව කියන ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පාදයක අස්ථි බිඳීමක් හේතුවෙන් ඒ මහතා නාරාහේන්පිට හමුදා රෝහලට ඇතුලත් කළ අතර ශල්‍යකර්මයකින් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලද ඒ මහතා අද 05 දින පස්වරුව වන විට නැවතත් රෝහලේ සාමාන්‍ය වාට්ටුවකට මාරුකොට යවා ඇත.                                                                                                      

පාදයේ දරුණු අස්ථි බිඳීමක් සඳහා ශල්‍යකර්මය සිදු කළ තමාට අවම වශයෙන් තව සතියක් පමණ කාලයක් රෝහල් ගතව ප්‍රතිකාර ලැබීමට සිදුවන බව ඒ මහතා සඳහන් කළේය. 

තවදුරටත් අදහස් පළ කළ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේද කීය.

මම මහනුවර දිස්ත්‍රික්කයේ වගේම යටිනුවර ප්‍රාදේශිය ලේකම් කාර්‍යාල බල ප්‍රදේශයේ සංවර්ධන කමිටු සභාපති ධූරයන් දැරුවා. යටිනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සංවර්ධන කමිටු සභාපති ධූරය තමාට ලබා දෙන ලෙස මහින්දානන්ද මන්ත්‍රීවරයා මාගෙන් කීප විටක්ම ඉල්ලීම් කළ නිසා ඒ තනතුර මා ඔහුට ලබාදීමට පියවර ගත්තේ මා විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් කොට පැවැති සංවර්ධන කටයුතු ඒ ආකාරයෙන්ම සිදුකරගෙන යන බවට ලබා දුන් පොරොන්දුව මතයි. පසුගිය 30 වෙනිදා මා එම සංවර්ධන කමිටු සභාපති ධූරයෙන් ඉවත් වූ පසු මහින්දානන්ද මන්ත්‍රීවරයා එම ධූරයේ වැඩ භාරගෙන මා විසින් ආරම්භ  කිරීමට සූදානම් කොට පැවැති රුපියල් මිලියන 55 ක සංවර්ධන ව්‍යාපෘති නවතා දමා වෙනත් ව්‍යාපෘති ආරම්භ කිරීමට පියවර ගෙන තිබුණා. මා මේ පිළිබඳව ප්‍රශ්න කිරීම හේතුවෙන් තමයි අපි අතර උණුසුම් කතාබහක් ඇති වුණේ.                                                                                   

නමුත් රාජ්‍ය සේවයේ උත්තරීතර ආයතනය වන ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී ඒ තරම් පහත් විදියට ඔහු හැසිරෙයි කියලා මම හිතුවේ නෑ. ඒ හැසිරීම මන්ත්‍රීවරයෙකුට තියා රස්තියාදුකාරයෙකුටවත් ගැලපෙන්නෙ නෑ. මම මේ සම්බන්ධයෙන් කොටුව පොලිසියට පැමිණිල්ලක් කරලා තියෙන්නේ. දැඩි නීතිමය පියවර ගන්න කියලා මම පොලිසියෙන් ඉල්ලලා තියෙන්නේ. පොලිසියෙ නිලධාරීන් පැමිණ මගෙන් ප්‍රකාශ ගත්තා. මම සියලු තොරතුරු පැවසුවා. මහින්දානන්ද මන්ත්‍රීවරයා කියන විදියට ජනාධිපති ලේකම් කාර්යාලයේ CCTV දර්ශන පරීක්ෂා කරන්න කියලා මමත් පොලිසියෙන් ඉල්ලීමක් කලා. එතකොට කවුද ඇත්ත කියන්නේ කියලා හැමදෙනාටම වැටහේවි. අධිකරණ වෛද්‍ය නිලධාරියා පැමිණ අදාල විමර්ශන කටයුතු කළා. මේ සිද්ධිය කිසිම ආකාරයකින් යටපත් කරන්න මම ඉඩ දෙන්නේ නෑ. නීතියෙ යුක්තිය ඉටුකර ගැනීම සඳහා ගතයුතු සෑම පියවරක්ම මම ගන්නවා. මේ බාධා හිරිහැර එල්ල කළා කියලා මම සැලෙන්නේ නෑ. පක්ෂයේ වගේම මහනුවර ජනතාව වෙනුවෙන් මගේ වගකීම් මම නොඅඩුවම ඉටුකරනවා.

චෝදනාවට ලක්ව සිටින මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ උණුසුම් කතා බහක් ඇති වූවද තමා ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාට කිසිදු හෝ පහර දීමක් සිදු නොකළ බවත් ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් පිටතට පැමිණීමේදී ඇද වැටුණු මන්ත්‍රීවරයා තුවාල ලද බවත්ය.

SendShareShare
Previous Post

එක්කො විදුලිබල පනත සංශෝධනය කරන්න! නැත්නම් පනත පාර්ලිමේන්තුවේදි පරද්දන්න! හෘදය සාක්ෂියක් තියෙන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට විදුලි ඉංජිනේරුවන්‌ගෙන් ලොකු ඉල්ලීමක්! Sri Lanka Latest News

Next Post

විමල්-ගම්මන්පිල රනිල්ට එරෙහිව මහපාරේ සටන අරඹයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

Load More
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...

Read more
බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.