දැනට දිනකට සිදුකරන PCR පරීක්ෂණ (කොවිඩ් -19 පරීක්ෂණය) ප්‍රමාණය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සමඟ සම්බන්ධීකරණයෙන් තවදුරටත් වැඩිකිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත.
ඒ අනුව අද (27) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අංශ ප්‍රධානීන්, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ විශ්වවිද්‍යාලවල වෛද්‍ය අංශ ප්‍රධානීන් අතර මේ පිළිබඳව සාකච්ඡාවක් සිදුව ඇති අතර එහි දී කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය සහ මඩකලපුව විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ හා විද්‍යා පීඨවල රසායානාගාර කේන්ද්‍ර කරගනිමින් PCR පරීක්ෂණ සිදුකිරීම තවදුරටත් වැඩි කිරීමට, උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් සිදුකිරීමට නියමිත අතර දැනට දිනක දී සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාණයට අමතරව දිනකට තවත් දහසකින් (1000) එම ප්‍රමාණය වැඩි කිරීමට මේ අනුව හැකියාව ලැබේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ බලධාරීන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංයේ ලේකම්වරුන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු නිලධාරිහු සහභාගී වී සිටියහ.











