ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.Sri Lanka Latest News
1971 මැයි මස 2 වැනිදා මෙළොව උපත ලැබූ ඒ මහතා සිය උසස් අධ්‍යාපනයෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ සේවය කර ඇත.
ඔහු අඹගහවැල්ල ප්‍රාදේශීය රෝහලේ සහ අම්පාර සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධානියා සහ අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ අධ්‍යක්ෂවරයා ලෙස ද සේවය කර තිබේ.













