පවතින අයහපත් කාලගුණ තත්ත්වය හා ජලගැලීම් සැළකිල්ලට ගනිමින් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.Sri Lanka Latest News
අමාත්‍යාංශ ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ ගාල්ල, කළුතර, රත්නපුර, කොළඹ සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල විදුලිය විසන්ධි කිරිමට පියවර ගෙන ඇති බවය.
ගංවතුර තත්වයත් සමඟ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරිමේ අරමුණින් මෙලෙස එම ප්‍රදේශ වල විදුලිය විසන්ධි කර ඇති බව අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියේය.










