රාජිත ලබන 04 වැනිදා ඇමැතිකමක් ගෙන ආණ්ඩුවට එක්වීමේ පුවත පොහොට්ටුවේ ප්‍රධානීන්ටද වාර්තා වී තිබිණි. ඒ අනුව පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙක්ම බැසිල් රාජපක්ෂ මහතා මුණගැසී මේ සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් ඔහුගේ අදහස විමසා සිටීමට පියවර ගත්හ. එහිදී මෙතෙක් කිසිවකුත් නොදැන සිටි අතිශය රහසිගත කරුණු ගණනාවක්ම බැසිල්ගෙන් මෙම මන්ත්‍රීවරුන්ට දැනගන්නට ලැබිණි. විශේෂයෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ධුරය බාරදීමට මුල්වූ ප්‍රධාන කාරණාවද මෙහිදී පළමු වතාවට බැසිල්ගේ කටින් එළියට පැන්නේය.Sri Lanka Latest News
‘මම මුදල් ඇමැති විදියට කටයුතු කරද්දී ඉන්දියාවෙන් ඩොලර් බිලියන 4ක ණයක් ගැනීමට කටයුතු කළා. ඒ සල්ලි අපට හම්බවුණේ කොටස් වශයෙන්. හැබැයි ගෝඨාභය ජනාධිපතිතුමාට කොරෝනා වසංගතයත් එක්ක ඩොලර් ප්‍රශ්නය කළමනාකරණය කරගන්න බැරිවුණා. ඒ වෙලාවේ රනිල් ඇවිල්ලා ගෝඨාභය ජනාධිපතිතුමාට කිව්වා එයාගේ අතේ ඩොලර් බිලියන 6ක් තියෙනවා කියලා. එයා ආපු ගමන් ඒ ඩොලර් බිලියන 6 රටට ගේන්න පුළුවන් කියලත් රනිල් අපට කිව්වා. ගෝඨාභය අන්තිමේදී රනිල්ට ජනාධිපතිකම දෙන්න තීන්දු කළේ මේ ඩොලර් බිලියන 6 කතාව හින්දා. අපි ඒ වෙලාවේ කිව්වේ එහෙනම් ආණ්ඩුව අරන් යන්න අපි අවුරුද්දක් සහාය දෙනවා කියලා. හැබැයි අන්තිමට ඒ කියපු ඩොලර් කතාව සම්පූර්ණයෙන් බොරුවක් වුණා. මේගොල්ලන්ට එක ඩොලර් එකක්වත් රටට ගේන්න බැරි වුණා. ඒ හින්දා තමයි අපිට ආපහු හැරෙන්න සිද්ධ වුණේ..‘ යනුවෙන් බැසිල් මෙහිදී සිය හිතවතුන්ට දැනුම් දී ඇති බවක් ආරංචිය.
රාජ්‍ය රහස්!









