• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රුසියාවේ යුද්ධ කරන්න ගිහින් පණ බේරගෙන ආපු සෙබළෙක් කියන ඇඟ හිරිවැටෙන කතාව‍! Sri Lanka Latest News

June 2, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

යුක්රේනයට එරෙහිව සටන් කිරීම සඳහා රුසියානු යුද පෙරමුණට ගොස් සිටි ශ්‍රී ලාංකා නාවික හමුදාවේ හිටපු සෙබළෙක් දරුණු තුවාල සහිතව දිවි බේරාගෙන යළි මෙරටට පැමිණ තිබෙනවා. මිනිස් ජාවාරම්කරුවන්ගේ කූට උපක්‍රමවලට හසුවී විශාල මුදලක් වැයකර ඔහු රුසියාවට ගොස් ඇති අතර, යුද පෙරමුණේදී මුහුණ දුන් බිහිසුණු හා අමිහිරි අත්දැකීම් ගැන ඔහු මාධ්‍ය හමුවේ විස්තර කර තිබිණි. (Sri Lanka Latest News)

ඔහු පවසන්නේ, ඉහළ වැටුප් හා විවිධ පහසුකම් ලබාදෙන බව පවසා තමන්ව එරටට යොමු කළත් ඒ කිසිදු වරප්‍රසාදයක් නොලැබුණු බවය.
පහත පළවන්නේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කළ අනාවරණයයි.

නාවික හමුදාවේම හිටපු බෝපිටිය කියලා සර් කෙනෙක් තමයි මේක කරන්නේ. එයා තමයි යවන්නේ. උඹ යන්න කැමැතිද කියලා මගෙන් ඇහුවා. එයා කිව්වා අවුරුද්දකටයි ඇග්‍රිමන්ට් එක අස්සන් කරන්නේ, යුද්ධෙට දාන්නේ නෑ, අපි යන්නේ අල්ලාගත්ත ප්‍රදේශවල ආරක්ෂක කටයුතුවලට විතරයි. ඒ ගම්මානවල ජනතාවට ආරක්ෂාව සපයගෙන ඉන්න තියෙන්නේ, දැනට ගිහින් ඉන්න කට්ටියත් ඒ විදියටමයි ඉන්නේ කියලා. අපි හතර දෙනාම ගියා බොරැල්ලේ රුසියානු තානාපති කාර්යාලයට. එතැනට යනකොට එතැන තුන්දෙනෙක් හිටියා. ඒ අයට බෝපිටිය මහත්තයා විස්තරේ කියලා තිබුණා. අපි එතැනට ගියාට පස්සේ අපේ නම් ඇහුවා. අපි අපේ අනන්‍යතාව තහවුරු කළා. එයාලා ෆයිල් තුනක් ගෙනල්ලා පෙන්නුවා ඔයාලගේ ඒවා කියලා. අපි යන්න කලින් ඒ අය අපේ ඩොකියුමන්ට්ස් හදලා තිබුණේ.

එයාලා කිව්වා සර් ඉන්නවා ඇතුළේ, ඔයාලව ඉන්ටර්විව් එකට දානවා කියලා. අපේ නම කතාකරනකොට අපි ඇතුළට ගියා. වීදුරුවක් ඇතුළේ රුසියානු නිලධාරියෙක් හිටියා. එයා නම කතා කරලා මගේ මූණ දිහා බැලුවා. බලලා ධණ කියනවා. ඊට පස්සේ එළියට යනවා. ඉන්ටර්විව් එක එච්චරයි. ඊට පස්සේ සතියකින් වීසා එක දෙනවා කියලා සල්ලි බඳින්න කිව්වා. අවසානයේ ෆ්ලයිට් එකට ඇතුළු වෙන තැන හිටියා සුදු පාට ඇඳුමක් ඇඳලා තරු වගයක් පැලඳගත්ත නිලධාරියෙක්. එයා ඇහුවා හමුදාවටද යන්නේ කියලා. ඩොලර් 100ක් දාගෙන එන්න කිව්වා පාස්පෝර්ට් එක ඇතුළට. යන්න ඕනේ නම් ඕක තමයි ක්‍රමය කියලත් කිව්වා. ඊට පස්සේ මම ඩොලර් 60ක් හොයාගෙන ඇවිත් මා ළඟ ඩොලර් 60යි තියෙන්නේ මීට වැඩිය නෑ කියලා පාස්පෝර්ට් එක දුන්නා. එයා කිව්වා උඹේ පර්ස් එකේ තව සල්ලි තියෙනවා, උඹ බොරු කියන්නේ කියලා. මම පර්ස් එක දිගඇරලා පෙන්නුවා. ඒකේ ලංකාවේ මුදලින් රුපියල් 150ක් තිබුණා. ආ ඕකත් දියන් කියලා ඒ 150ත් ගත්තා.

ඊට පස්f්ස එහෙට ගිහින් දාපු තැන ලොකු බටයක් තිබුණා පොළොව යට. අපි විතරක් නෙවෙයි රුසියන් ජාතිකයෝ ඇතුළු ටීම් පහම ඔය බටේ ගාවට දැම්මා. ඒක දිගේ තමයි අල්ලාගන්න තියෙන ප්‍රදේශයට යන්න තියෙන්නේ පොළොව යටින්. පැය 10කට ආසන්න කාලයක් බඩගාගෙන, ඇවිදගෙන කරුවලේ බඩු ඔක්කොම කරේ එල්ලගෙන ඔය බටේ දිගේ අපි ඉස්සරහට ගියා. බටෙන් එළියට මතුවෙච්ච ගමන්ම බහින්න තිබුණේ බංකරේකට.

තුනහමාර විතර වෙනකොට අපිට ලෑස්ති වෙන්න කිව්වා ලයින් එක අල්ලන්න යන්න. එතැන ඉඳලා මීටර් 20ක්වත් යන්න ලැබුණේ නෑ. ආටි වැටෙන්න ගත්තා. ඒත් එක්කම මගේ ඉස්සරහින් ගිය කෙනාට මොකක්දෝ වෙඩි ප්‍රහාරයක් වැදුණා. එයාගේ ලේ පාරක් මගේ හෙල්මට් එකෙයි ඇඟ පුරාමයි වැදුණා. මට වම්පැත්තෙන් ගිය කෙනාත් වෙඩි වැදිලා කෙහෙල් ගහ වගේ කඩාගෙන වැටුණා. ඊට පස්සේ මම එතැන තිබුණු වළකට බැහැලා ගුළිවෙලා හිටියා. එතකොට උඩින් ඩ්‍රෝන යානා දෙකක් කැරකෙන්න පටන් ගත්තා. ඒ කිට්ටුව තිබුණා මියගිය කිහිප දෙනෙක්ගේ සිරුරු. මම එතැනට බඩගාගෙන ගිහින් ඒ මළසිරුරු දෙකක් ඇඟට හේත්තු කරගෙන මීටර් 30ක් විතර ගියා. එතැන තිබුණු ගිනිබත් වෙච්ච යුද රථයක්. මම මර බියෙන් එතැනට බඩගෑවා. බඩගාලා ඒ රථය යටට රිංගා ගත්තා. එතකොටම ඩ්‍රෝන එකක් ඇවිත් ඒ රථය වටේ වට පහක් විතර කැරකුණා. මම හිතන්නේ මාව ඉන්ඩිකේට් වෙලා වෙන්න ඇති. ඊට පස්සේ ඒකෙන් බෝම්බයක් දැම්මා. ඒක පුපුරනවත් එක්කම මගේ කකුල් දෙක හිරිවැටෙනවා මට දැනුණා. මම අතගාලා බැලුවාම කකුල් දෙකෙන්ම ලේ එනවා. ඒත් එක්කම වගේ එතැන ඉඳලා රුසියානු සොල්දාදුවෝ දෙන්නෙක් දුවන්න පටන්ගත්තා. මාත් ඒ දෙන්නා පස්සෙන් දිව්වා. ටික වෙලාවකින් ‘ගෝ ගෝ’ කියලා කිව්වා. මම කිව්වා මට යන්න බෑ මම තුවාල වෙලා ඉන්නේ කියලා. එතකොට ඒ කෙනෙක් මගේ කොන්දට අත තියලා තල්ලු කළා. මාව වීසි වුණා. මම නැගිටලා අර දෙන්නා පස්සෙන්ම දිව්වා. දුවද්දි මගේ කකුලක් හිරිවැටිලා මාව ඇදගෙන වැටුණා. ආයෙත් නැගිටලා බලනකොට අර දෙන්නව මට පේන්නේ නැතුව ගිහින්. ඊට පස්සේ මම මගේ ටීෂර්ට් එක කටින් ඉරලා කකුල් දෙක වෙළාගත්තා. ටිකක් දුර යද්දී අර බටේ කවුළුව මම දැක්කා. ඒකට බැහැලා ආයෙත් බඩගාගෙන ගියා. කළුවරේ දවස් කීයක් ඒ විදියට බඩගාගෙන ගියාද කියන්න මම දන්නේ නෑ. කොහොම හරි ඒ බටෙන් එළියට ආවා. එනකොටම එළියේ දෙන්නෙක් හිටියා. ඒ දෙන්නා මාව අරගෙන ගියා. මම ඒ වෙලාවේ තීරණය කළා මැරෙන්න හරි අද රෑ මේකෙන් පැනලා යනවා කියලා. මම හිටපු කාමරේ ඇඳේ තිබුණු බෙඩ් ෂීට් හතරම එකින් එක ගැටගැහුවා. ගැටගහලා ඒක ගුළි කරලා ජනේලයෙන් පහළ තිබුණු කොන්ක්‍රීට් ලෑල්ලට දැම්මා. ඊට පස්සේ මම ඒ ලෑල්ලට පැනලා කඹේ ඒ ලෑල්ලේ ගැටගහලා ඒකෙ එල්ලිලා මම බිමට පැන්නා. බිම තිබුණා ලයිට් කණුවක්. ඒකට නැගලා තාප්පෙන් අනිත් පැත්තට පැන්නා. එතකොටම උඩින් බෙල් එකක් ගහනවා වගේ සද්දයක් ඇහුණා. මම හොඳටම බයවෙලා දුවන්න පටන්ගත්තා.

කොහොම හරි පාරට ඇවිත් බස් එකක නැග්ගා. හවස තුනහමාරයි බස් එක පිටත් වෙනකොට. පහුවදා උදේ හතහමාරයි මොස්කව්වලින් බහිනකොට. මම ලංකාවේ තානාපති කාර්යාලයට ගියා. එතකොට තමයි මගේ හිතට සැනසීමක් ආවේ.

අපි සල්ලි පොලියට අරගෙන මේ ගමන ආවේ. මම ඉල්ලීමක් කරනවා ඒ පොලියට සල්ලි දීපු අයගෙන්. අපි ඒ මුදල් ටික ටික ගෙවනවා. අපි හොරු නෙවෙයි. අපි සොල්දාදුවෝ. හොරකම් කරන්නේ නෑ. කවුරු හරි මැදිහත් වෙලා අපේ කොල්ලෝ ටික බේරගෙන ලංකාවට අරගෙන එන්න. අපිටත් පුළුවන් නම් වන්දියක් අරගෙන දෙන්න. අපි වෛද්‍ය පරීක්ෂණ සමත් වෙලා තමයි ගියේ. නමුත් දැන් අබ්බගාත වෙලා ඉන්නවා. අපි හොරෙන් ගියේ නෑ. ශ්‍රී ලංකා ගුවන් තොටුපළෙන් තමයි ආවේ ගියේ.

මම කිසිම කෙනෙක් පාවාදෙන්නේ නෑ. බෝපිටිය කියන්නේ නාවික හමුදාවේ ඉඳලා විශ්‍රාම ගිය නිලධාරියෙක්. මමත් එයාව දැඩි සේ විශ්වාස කළේ ඒකයි. අපි නාවික හමුදාවේ එකට සේවය කරපු අය නිසා. මම ඒ කිසිම කෙනෙක්ව පාවා දෙන්නේ නෑ. නමුත් අපේ කොල්ලෝ ටික බේරගන්න ඕනේ නිසයි මෙහෙම කියන්නේ.

Newsfirst.lk ෆේස්බුක් පිටුවෙනි

SendShareShare
Previous Post

මව්රට කියපු දෙයක් වැරදිලා නෑ! මව්රට නයි ඇරලත් නෑ! රනිල්-මහින්ද රහස් පණිවුඩ ගැන අපි කලින් කියපු කතාව නාමල් දැන් ප්‍රසිද්ධියේ කියනවා! රනිල් සජබෙන් 20ක් ගන්නවා කිව්වාලු! අපි කිව්වා අරන් පෙන්නන්න කියලා! VIDEO I Sri Lanka Latest News

Next Post

පරාණෙට පරාණයක්! මහා බෙහෙත් මගඩිය! විගණනයෙන් හෙළිකරන රහස! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.