පසුගිය බදාදා වන විට ඩෙංගු රෝගීන් අතරින් නව දෙනකු මියගොස් ඇති බවද ඇය සඳහන් කළාය.
මෙම ඩෙංගු අවදානම නිසා පසුගිය 26 වැනිදා සිට ජුනි මුල් සතිය දක්වා ඩෙංගු මර්දන කාලසීමාවක් ප්‍රකාශයට පත්කරමින් අධි අවදානම් දිස්ත්‍රික්ක 15ක් ප්‍රකාශයට පත්කර ඇති බවද ඇය සඳහන් කළාය.
ඒ අනුව තම තමන්ගේ ගෙවතු, නිවෙස් අවට පිරිසිදු කරගැනීම වුවමනාවෙන්ම පැහැරහැර ඇති පුද්ගලයන්ට නීති මගින් කටයුතු කිරීමට ඩෙංගු මර්දන ඒකකය තීරණය කොට තිබේ.
පැය 48කට වඩා උණ රෝගය පැවතුණහොත් වෛද්‍යවරයකු කරා යායුතු බවත්, ඩෙංගු රෝගී තත්ත්වයකදී පැරසිටමෝල් හැර වේදනා නාශක භාවිත කිරීමෙන් වළකින ලෙසත් වෛද්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
ප්‍රේමලාල් විජේරත්න










