මෙරටින් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත රෝගීන් ලෙස 63 දෙනෙකු ඊයේ (26) වාර්තා විය.
ඊයේ දිනය වන විට නව කොරෝනා වෛරසය වැළදුණු ආසාධිතයින් සංඛ්‍යාව 523ක් දක්වා ඉහළ ගොස් ඇති බවද වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටියේය.
ඊයේ (26) දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගීන් 63 දෙනාගෙන් 53 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරින් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටී.
යුධ හමුදාපතිවරයා සඳහන් කලේ මෙලෙස වාර්තා වූ නාවික හමුදා නිලධාරින් ගෙන් 16 දෙනෙක් වැලිසර නාවික හමුදා කඳවුරු තුලින්ද 37 දෙනෙක් පිටතදී ද හමුව ඇති බවයි.
කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, කෑගල්ල, අනුරාධපුර, බදුල්ල, රත්නපුර, අම්පාර, වව්නියාව, ත්‍රිකුණාමලය, මාතර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලින්ද කොරෝනා ආසාධිතයින් වාර්තා වී ඇති බව යුධ හමුදාපතිවරයා සඳහන් කළේය.










