නිවාඩු ගොස් සිටින ත්රිවිධ හමුදා නිලධාරීන් යළි කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි හෙට (27) දිනයේ රට පුරා ඇඳිරි නීතිය පැනවීමට ආණ්ඩුව තීරණය කර ඇත.
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්රික්ක හැර සෙසු දිස්ත්රික්කවල ඇඳිරි නීතිය අඟහරුවාදා (28) අලුයම 5.00ට ඉවත් කොට එදිනම රාත්රි 8.00 සිට යළි ක්රියාත්මක කෙරේ.











