තිස් හය හැවිරිදි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මහතා මියගොස් ඇති බව චීන මාධ්‍යවේදියකු උපුටා දක්වමින් ඩේලිමේල් පුවත්පත අද (26) ප්‍රකාශයට පත් කොට තිබේ.
ඉතා විශ්වාසදායක ආරංචි මාර්ග අනුව මෙම පුවත ප්‍රකාශයට පත් කර ඇති බවද එම පුවත්පත අනාවරණය කර තිබේ.
කෙසේවෙතත් උතුරු කොරියාව මෙම පුවත මෙතෙක් පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීමක් සිදු කොට නොමැත.
අවසන් වරට උතුරු කොරියානු නායක කිම් ජොන් අන් මාධ්‍ය හමුවේ පෙනී සිට ඇත්තේ මීට සති 2කට ඉහතදී පාලක පක්ෂයේ රැස්වීමකදීය.
ඉන් අනතුරුව බටහිර මාධ්‍ය වාර්තා කර තිබුණේ කිම් හදිසි හෘදය සැත්කමකට භාජනය කර ඇති බවත්, පසුව හෙතෙම කෝමා තත්ත්වයෙන් පසුවන බවත්, ඔහුගේ මොළය අක්‍රිය වී ඇති බවත්ය.










