• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

කොළඹ රොටිකඩේ වත්තට කොරෝනා ගෙනාවේ කව්ද? (CID SPECIAL)

April 25, 2020
in CID, Exclusive
Reading Time: 1 min read
A A
කොළඹ රොටිකඩේ වත්තට කොරෝනා ගෙනාවේ කව්ද? (CID SPECIAL)
Share on WhatsAppShare on Facebook

මැයි මාසය වන විට කොවිඞ් 19 වෛරසය මෙරට ව්‍යාප්තිය පාලනය කිරීමට හැකි වනු ඇතැයි රජය බලාපොරොත්තුවෙන් සිටියත් සෞඛ්‍ය අංශ තොරතුරු සඳහන් කරන ආකාරයට අනුව තවත් මාස දෙක තුනක් යන තුරුම මේ තත්ත්වය පාලනය කිරීමට හැකිවනු දැයි ඇත්තේ සැකයකි. ඒ මේ වන විට කොවිඞ් 19 වෛරසය ආසාදිතයින් වැඩි වශයෙන් හමුවීමට පටන්ගෙන ඇති බැවිනි.
මෙම සටහන තබන සිකුරාදා (24දා) වන විට තහවුරු කරගත් මෙරටින් හමුවුණු කොවිඞ් 19 වෛරසය ආසාදනය වූ පිරිස 414කට වැඩිය. ඒ අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් හමුවී ඇත්තේ කොළඹිනි. එය මෙරටින් හමුවුණු සමස්ත කොවිඞ් ආසාධිතයින්ගෙන් තුනෙන් දෙකකට වැඩිය.
මෙරට පළමු කොවිඞ් ආසාදිතයා හමුවන්නේද කොළඹිනි. ඒ සංචාරක මග පෙන්වන්නෙකි. එසේම වැඩිම කොවිඞ් මරණ ගණනක් වාර්තා වී ඇත්තේද කොළඹින්ය. කොළඹින් හමුවූ කොවිඞ් ආසාදිතයින්ගෙන් වැඩි දෙනෙක්ම හමුවී ඇත්තේ කෙසෙල්වත්ත ශ්‍රී බණ්ඩාරනායක මාවතෙනි. මෙරට කොවිඞ් 19 වෛරසය ආසාධිතයින්ගේ චක්‍රය ඉහළ යන්නේද බණ්ඩාරනායක මාවතෙන් පොකුරු වශයෙන් කොවිඞ් 19 ආසාදිතයින් හමුවීමට පටන් ගැනීමත් සමගිනි. මේ වන විට වැඩිම පොකුරු ආසාදිතයින් පිරිසක් හමුවී ඇත්තේද බණ්ඩාරනායක මාවතෙනි. මේ නිසාම බණ්ඩාරනායක මාවතම අධිඅවදානම් කලාපයක් බවට පත්කරමින් හුදෙකලා කර ඇත්තේ තවදුරටත් වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහාය.
බණ්ඩාරනායක මාවත යනු කොළඹ නගරයේ අධි ජන ඝනත්වයක් ඇති ප්‍රදේශයකි. වැඩි දෙනෙක් පරිහරණය කරන්නේ පොදු වැසිකිළිය. පවුල් හතර පහ ජීවත් වන නිවාසද එහි නැත්තේම නැත. එහි ඇති නිවාස වර්ග අඩි 200ක්වත් නොමැති තරම්ය.
බණ්ඩාරනායක මාවතට කොවිඞ් වෛරසය ආසාදනය වූයේ යැයි කියවෙන්නේ ඉන්දියාවේ සංචාරයක නිරතව පැමිණි සිංහල කාන්තාවකගෙනි. ඉන්දියාවේ සංචාරයේ ගොස් ඇය පැමිණියේ යැයි කියන්නේ මාර්තු 12 වෙනිදාය. එහෙත් ඇයට කොවිඞ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වන්නේ අප්‍රේල් 15 වෙනිදාය. ඇයට කොවිඞ් වෛරසය ආසාදනය වූයේ ඉන්දියානු සංචාරයේදීද නැති නම් වෙනත් පුද්ගලයෙකුගෙන්දැයි පැහැදිලිව සාක්ෂි ඇතිව අනාවරණය වී නැතත් සැකකරන්නේ ඇයට වෛරසය ආසාදනය වී ඇත්තේ ඉන්දියානු සංචාරයේදී බවය. ඇය මෙරටට පැමිණි පසු සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් උපදෙස්වලට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයෙන් දින 14කට වැඩි කාලයක් ස්වයං නිරෝධායනයටද ලක්ව තිබේ. ඇයව නිදහස් කර ඇත්තේ නිරෝධායන සහතිකයක්ද ලබාදී මාර්තු 31 වෙනිදාය. අනතුරුව ඇය සාමාන්‍ය ලෙස නිවසට වී කාලය ගතකර ඇති අතර ඇයට උදරයේ වේදනාවක් හටගෙන ඇත්තේ පසුගිය අප්‍රේල් 13 වෙනිදාය. එය කොවිඞ් 19 රෝග ලක්ෂණයක් නොවූවත් ඇය ඉන්දියානු සංචාරයක නිරතවූ තැනැත්තියක් වූ බැවින් සෞඛ්‍ය අංශ තීරණය කරන්නේ ඇයව පී.සී.ආර්. පරීක්ෂාවකට ලක්කරන්නටය. එහි වාර්තාව නිකුත් වන්නේ 15 වෙනිදාය. ඒ ඇය කොවිඞ් 19 වෛරසය ආසාදිත තැනැත්තියක් බවටය. අනතුරුව ඇගේ සැමියාත් දරුවන් දෙදෙනාත් වෛද්‍ය පරීක්ෂණයට ලක්කරන අතර එහිදී අනාවරණය වන්නේ ඒ අයටත් වෛරසය ආසාදනය වී ඇති බවය. අසල්වාසී ඥාති නිවසකට මේ අය ගොස් තිබුණු බැවින් එම නිවැසියන්ද පරීක්ෂාවට ලක්කරන්නේ ඒ අයට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකර ඇති පසුබිමකදීය. එම නිවසේ 10 දෙනෙක්ටම වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වන්නේ එවිටය.
බණ්ඩාරනායක මාවතේ කොවිඞ් 19 වෛරසය ආසාදිතවූවන්ගේ සංඛ්‍යාව ඉහළ යන්නට පටන් ගන්නේ එසේය. මේ තත්ත්වය මත බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන් හමුදා අධීක්ෂණයෙන් නිරෝධායනය කිරීමට නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමටද සෞඛ්‍ය අංශ පියවර ගත්තේ වෛරසය ව්‍යාප්තිය වළක්වා ගැනීමේ පියවරක් ලෙසිනි. බණ්ඩාරනායක මාවතට මාධ්‍යවල වැඩි අවධානයක් යොමුවන්නේ ඒත් එක්කමය. ඒ ජාතිවාදය ආගම්වාදය මුල්කරගනිමින් සිය වැඩසටහන් මෙහෙයවීමට පසුගිය කාලයේ වැඩි උනන්දුවක් දැක්වූ රූපවාහිනී මාධ්‍ය ආයතන දෙකක් තරගයට මෙන් බණ්ඩාරනායක මාවතේ වැසියන් නිරෝධායනයට යොමු කිරීම් රූපවාහිනි පුවත් මගින් විකාශය කරන්නට ගැනීමත් සමඟය. ඒ අයගේ රූපරාමුවල දිස්වෙන්නේ නිරෝධායනයට රැගෙන යාමට බස් රථවලට පැටවෙන මුස්ලිම් වැසියන් පමණි. බණ්ඩාරනායක මාවතේ මුස්ලිම්වරු මෙන්ම සිංහල වැසියන්ද සැලකිය යුතු පිරිසක් ජීවත් වෙති. එහෙත් මෙම රූපවාහිනී කැමරා කාචයේ සටහන් වන්නේ මුස්ලිම්වරුන්ගේ රූපරාමු පමණි. කොවිඞ් 19 වෛරසය මුස්ලිම්වරුන් ව්‍යාප්ත කරන බවට සමාජ මතයක් ගොඩ නැගීමට මෙම රූපවාහිනි නාළිකා දෙක උත්සහ ගන්නා බවට සමාජයෙන් පවා මේ වන විට චෝදනා ගොන්නකි. පළමු රෝගී කාන්තාව රජයේ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ස්වයං නිරෝධායනය වූ බව මේ ජාතිවාදය වපුරන රූපවාහිනී නාලිකා කිසිදු තැනක සඳහන් කරන්නේ නැත. ඇයට කොවිඞ් 19 රෝගය ආසාදනය වී ඇතැයි තහවුරු වන්නේද ස්වයං නිරෝධායනයෙන්ද සති දෙකකට පසුවය.
මේ පිළිබඳව අලුත්කඬේ පෙදෙසේ ජබීර් මවුලවිතුමාද නිවේදනයක් නිකුත් කර තිබිණි. එහි මෙසේ සඳහන් විය.
“මේ වන විට රොටීකඬේ වත්තේ සියලුම මුස්ලිම් වැසියන් පමණක් නිරෝධායනය සඳහා රැගෙන යන බවට වැරදි තොරතුරක් සමාජගත වෙමින් තියෙනවා. ඒක එසේ පතුරවන්න එපා. බණ්ඩාරනායක මාවතේ කෝවිල ඉදිරිපිට ඇති රොටීකඬේ වත්තේ නිවෙස් 46කි. එයින් 5ක් සිංහල සහ 3ක් ද්‍රවිඩ සහෝදරයන්ගේ වන අතර ඉතිරි සියල්ල මුස්ලිම් අයගේ නිවෙස් වේ.
මෙයින් එක් සිංහල පවුලක මව, පියා සහ පුතා පෙබරවාරි මස සිට දඹදිව වන්දනාවේ නිරත වෙලා මාර්තු 12 නැවත පැමිණියා. ඒ වන විටත් ඉන්දියාවෙන් පැමිණෙන අය නිරෝධායනය කිරීමකට උපදෙස් නොතිබූ අතර ඒ නිසාම ඔවුන් කිසිදු පරීක්ෂණයක් නැතිව ගෙදරට ආවා. පැමිණීමෙන් පසු ඔවුනට විශේෂයෙන් එම මවට උණ ගතියක් තිබුණත් ඒ පිළිබඳ කිසි දැනුම්දීමක් නොකර තොරතුරු සඟවා සිටියා. පසුව පොලිසියෙන් තොරතුරු සොයා ආ අවස්ථාවාවේදීත් උණ වැනි ලක්ෂණ පිළිබඳ තොරතුරු වසංකරලා තියෙනවා.
අප්‍රෙල් 15 දින වන විට දැඩි ලෙස අසාධ්‍ය වීම හේතුවෙන් එම පුතුන් විසින් ෂෘ්‍ය රෝහලට ඇමතුමක් ලබාදීමෙන් අනතුරුව රෝහලෙන් ඔවුන් පරීක්ෂා කිරිමේදී 16 දින ඔවුන් කොරෝනා ආසාදිතයින් බව තහවුරු වීමෙන් අනතුරුව 17වන දින අසල්වැසි නිවැසියන් 12ක් පරීක්ෂා කිරිමේදී එයින් 6ක් එනම් අසල්වැසි මුස්ලිම් සහ සිංහල අය 3දෙනා බැගින් ආසාදිතයින් බව තහවුරු වුණා.
ඉන්පසු එම වත්ත හුදෙකලා කරලා ඡ්‍යකලා වත්තේ අයව පරීක්ෂා කිරීමේදී කිසිදු රෝග ලක්ෂණ නැති තවත් 12දෙනෙක් හමුවුණා. මාධ්‍ය මුලදී කිසිදු ආවරණයක් නොකර පසු දිනයන්හි ආවරණය කිරීමෙන් මුස්ලිම් වැසියන් ගැන පමණක් වාර්තාවීමක් සිදු වුණා.
මේ තත්වය නිසා 19 දින එම වත්තේ නිවෙස් 46ටම අයත් සියලුදෙනා නිරෝධායනය සඳහා රැගෙන යාමට පටන් ගත්තා. නිවෙස් 46න් 38ක්ම මුස්ලිම් අයගේ නිවාස නිසා බස් රථ රාශියක බහුතරය මුස්ලිම් වැසියන් ලෙස පෙනුණා මිස එය මුස්ලිම්වරුන් පමණක් සැලසුම් සහගත ලෙස රැගෙන යන බව කීම වැරැදි වාර්තා කිරීමකි.
සමහර මාධ්‍ය ඒ මුස්ලිම් අය ලෙසට පමණක් විදිහට දර්ශන වාර්තා කිරීම සාධාරණද නොවේ.” ලිපියේ සදහන්ව තිබුණේ එවැන්නකි.
මේ වන විට බණ්ඩාරනායක මාවතෙන් පමණක් නොව, වැලිසර නාවික හමුදා කඳවුරෙන්ද පොකුරු වශයෙන් කොවිඞ් 19 වෛරසය ආසාධිතයින් හමුවීමට පටන්ගෙන හමාරය. හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නම් පවසන්නේ කොවිඞ් 19 වෛරසය ආසාදිත ජාඇළ පදිංචි මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසක් කොටුකර ගැනීමේ මෙහෙයුම්වලට සම්බන්ධ වූ නාවික හමුදා සාමාජිකයන්ද ඒ අතර සිටින බවය. මෙතෙක් කර ඇති විමර්ශනවලින් පැහැදිලි වී ඇත්තේ ඒ අයට කොවිඞ් 19 වෛරසය ආසාදිත වී ඇත්තේ ජා- ඇළ මෙහෙයුමට සම්බන්ධ වූවන් හරහා බවය. එය සැබෑ නම් අනාරක්ෂිතව කොවිඞ් 19 රෝගීන් කොටුකර ගැනීමට නාවික නිලධාරීන් යොදවන ලද අය සම්බන්ධයෙන් යම් විමර්ශනයක් කළ යුතුය. එසේම එවැනි මෙහෙයුමකින් පසු ගත යුතු අවම ආරක්ෂක පියවර පවා නාවික හමුදාව ගෙන තිබේදැයි ඒ අනුව ගැටලුවක්ද පැන නගිනු ඇත. යුද හමුදාවත් ඒ ආකාරයට අනාරක්ෂිතව කොවිඞ් 19 වෛරසය ආසාදනය වූවන් සමග සහ නිරෝධායන මධ්‍යස්ථානවල කටයුතු කළේ නම් මේ වන විට යුද හමුදාවේ වැඩි හරියකට කොවිඞ් 19 වෛරසය ආසාදනය වී හමාරය.
මේ වනවිටත් වැලිසර නාවික හමුදා කඳවුර හුදෙකලා කර ඇති අතර නිවාඩු ලබා ගොස් සිටින නාවික සෙබළුන් මගින්ද මේ වන විට වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක්ද මතුව තිබේ. එම අවදානම අවම කිරීම සඳහා නිවාඩු ලබා සිටින සෑම සෙබළෙක්ම කොවිඞ් 19 පරීක්ෂණ සඳහා යොමු කර ඇත්තේ නිවාඩු ගොස් සිටින සෙබළු කිහිප දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම නිසාය. වැලිසර නාවික හමුදා කඳවුරෙන් කොවිඞ් 19 වෛරසය ආසාදිතයින් පොකුරු වශයෙන් හමුවීමට පටන් ගන්නේද වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළෙක් නිවාඩු ලැබ පොළොන්නරුවේ පිහිටි නිවසට ගොස් සිටියදී හදිසියේම අසනීප වීමත් සමග ඔහුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග වැලිසර කඳවුරේ සෙබළුන් පී.සී.ආර්. පරීක්ෂාවට යොමු කිරීම නිසාය. එසේ නොවන්නට කොවිඞ් 19 වෛරසය ව්‍යාප්ත කරන්නන් බවට පත්වන්නේ නාවික සෙබළුන්ය.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

ආණ්ඩුව අල්ල ගත් කොරෝනා කොටි වලිගේ… (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

චීනය ඉතාලියයි, ඉරානයයි හූරගෙනම කයි

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.