• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘නටපු නැටුමකුත් නෑ – බෙරේ පළුවකුත් නෑ’ ‘කතාව දෝලාවෙන් ගමන පයින්’ ‘ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ’ ‘අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයිලු’

May 19, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

‘නටපු නැටුමකුත් නෑ – බෙරේ පළුවකුත් නෑ’
‘කතාව දෝලාවෙන් ගමන පයින්’
‘ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ’
‘අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයිලු’

අපගේ සිංහල ජන වහරේ එන මෙම අපූරු කියුම් සැබෑ ලෙසම රසවත් කතාන්දරයක් කියාපායි. පාසලේ පහළ බාලාංශයක සිටින දරුවකු පවා දන්නා මෙම කියුම් ප්‍රස්ථාව පිරුළු ලෙසින් අපගේ ජන වහරේදී හඳුන්වයි. මෙවැනි කියුම් සිය ගණනකි. අද මෙවැනි සමාන අරුතක් ගෙන එන කියුම් කිහිපයක් ලියා තබමින් මෙම ලිපිය ආරම්භ කළේ ඇයි? එසේ ලියන්නට හේතු වූයේ අද මෙරට තුළින් නිරන්තරයෙන් දක්නට හා අසන්නට ලැබෙන එක්තරා සිදුවීම් සමුදායක් හේතුවෙනි. එනම් කලින් කලට ඇසෙන එම කතන්දරය කුමක්ද? (Sri Lanka Latest News)

අතොරක් නැතිව ශ්‍රී ලංකාවට කලින් කලට පැමිණෙන විදේශීය රාජ්‍ය අමුත්තන්ගේ හා නියෝජිතයන්ගේ වගතුග මෙසේ අපට අසන්නට ලැබෙයි. ලෝකයේ විවිධ විදේශීය රටවල් නියෝජනය කරන එමෙන්ම විදේශීය සංවිධානද නියෝජනය කරන මෙම රාජ්‍ය අමුත්තන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණෙන ආකාරය නිරන්තරයෙන්ම දැකිය හැකිය. මෙම රාජ්‍ය නියෝජිතයන් බොහෝ දෙනකු මෙහි පැමිණෙන්නේ කුමන හේතුවක් උදෙසාද? ශ්‍රී ලංකාව සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා තරකර ගැනීමටත්, එමෙන්ම ශ්‍රී ලංකාවට මූල්‍ය වශයෙන් ආධාර ලබාදීමටත් මෙම නියෝජිතයන් කටයුතු කරන බව විවිධ මාධ්‍ය ප්‍රචාර හරහා අපට දැකිය හැකිය. ඒ අතරම එම සුවිශේෂ අමුත්තන් අපගේ රටේ රාජ්‍ය පාලකයන් සමග සුහද සාකච්ඡාවල යෙදෙන ආකාරයද විවිධ ඡායාරූප සහ පුවත්වලින් දක්නට හැකිය. මෙහිදී තවත් අපූරු දසුනක් ලෙස දැකිය හැක්කේ රාජ්‍ය පාලනයට සම්බන්ධ නායකයන් පමණක් නොව, මෙරට සිටින විවිධ විරුද්ධ පක්ෂ නායකයන්ද හමුවී සාකච්ඡා කිරීමය. එය එක්තරා ආකාරයකින් කිසිදු කලක දක්නට නොමැති ආකාරයේ මෝස්තරයක් ලෙසටද පෙනෙන්නට තිබෙයි. මෙම බහුතරයක් වූ විදේශීය රාජ්‍ය නියෝජිතයන් මෙරටට පැමිණෙන්නේ අප රටට ඇතෙක් බරට වස්තුව ලබාදීමට පොරොන්දු ලබාදීමෙනි. එසේ ධන නිධාන පමණක් නොව මෙරටට තවත් විවිධ වරප්‍රසාද ලබාදීමටද ඔවුහු පොරොන්දු වෙති. ඒ අනුව ඔවුහු මෙරට බලධාරීන් සමග විවිධ ගිවිසුම් අස්සන් කර ගනිමින් තමන්ගේ ප්‍රතිඥාවන්ද ලබාදෙති. එම ගිවිසුම් සියල්ලකින්ම කියැවෙන්නේ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන හා බිලියන ගණනින් ලබාදෙන කතාන්දරය. මෙසේ ඔවුන් මවාපාන සුරපුර ශ්‍රී ලංකාවට ලැබෙන්නේද?

මෙම ලිපියේ ඉහළින්ම ලියා තැබූ අපගේ ජන වහරේ ඉපැරැණි කියුම්වලට සිත යන්නේ මෙවැනි වටපිටාවක් ගැන සිතන විටදීය. මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන නොයෙකුත් රාජ්‍ය නියෝජිත පිරිස්වලට අමතරව අපගේ රටෙන් වෙනත් විදේශ රාජ්‍යයන් කරා යන මෙරට ලාංකික රාජ්‍ය නියෝජිතයන් ගැනද මෙහිදී අප අවධානය යොමුකළ යුතුය. එනම් මෙරට බලයේ සිටින ජනාධිපති, අගමැති, අමාත්‍යවරු සහ අනෙකුත් උසස් රාජ්‍ය නිලධාරීන්ද මෙම පිරිස්වලට අයත් වෙයි. මොවුන් මෙරට කිසිදු කාලයක සිදු නොවූ තරම් මෙවැනි විදේශ දූත චාරිකාවලට යොමුවන ආකාරය පැහැදිලිවම දක්නට හැකිය. විශේෂයෙන්ම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විදේශ රාජ්‍ය සංචාරයන් මෙහිදී බොහෝ කැපීපෙනෙයි. පසුගිය සමයේදී බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙවැනි ජනාධිපති විදේශ සංචාර සියල්ලක්ම සඳහා ලාංකීය රාජ්‍ය නියෝජිතයන් විශාල වශයෙන් සහභාගි වන බවය. මෙවැනි ක්‍රියාවලියක් තුළින් රුපියල් කෝටි ගණනින් මුදල් වැයවන බවත්, මේ සියලු ධනස්කන්ධය මෙරට පොදු ජනතාවගේ ධනය බවත් බොහෝ පාර්ශ්ව චෝදනා කර තිබිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ජනාධිපති ධුරය සඳහා පත්වන්නේ 2022 ජුනි මාසයේදී වන අතර, එනම් තවත් මාස 02කින් හරියටම වසර 02ක් සම්පූර්ණ වෙයි. මෙවැනි වසර දෙක් වැනි කෙටි කාලයක් තුළදී ජනාධිපතිවරයා ප්‍රමුඛ විශාල නියෝජිත කණ්ඩායම් විසින් සංචාරය කරන ලද විදෙස් රටවල තොරතුරු ගැන බොහෝ පාර්ශ්වවල දැඩි දෝෂදර්ශනයට ලක්වී තිබිණි. මේ ආකාරයෙන් මහජන ධනය වැයකරමින් සිදුකරන සංචාරයන්ගෙන් මෙතෙක් මෙරටට ලැබී ඇති ඵල ප්‍රයෝජනය කුමක්දැයි මෙරට ජනතාව පවා නිරන්තරයෙන් ප්‍රශ්න කරති.

ශ්‍රී ලංකාවට විදෙස් රාජ්‍ය නියෝජිතයන් පැමිණීම හෝ මෙරටින් වෙනත් රටවලට මෙරට රාජ්‍ය නියෝජිතයන් සංචාරයෙහි නියැළීම හෝ අලුත් කතාන්දරයක් නොවේ. එහෙත් මෙම වත්මන් රජය තුළදී මෙම තත්ත්වය ඉතා උච්ච ආකාරයකට පත්ව ඇතැයි බොහෝ පාර්ශ්ව චෝදනා නගති. මෙවැනි වටපිටාවක් තුළදී මෙරටට පැමිණී නවතම විදේශ රාජ්‍ය නියෝජිත කණ්ඩායම වූයේ ඇමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ප්‍රධාන නියෝජිත පිරිසයි. ඔවුන් මෙයට දින කිහිපයකට පෙරදී මෙරටට පැමිණි අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ විවිධ පාර්ශ්ව ගණනාවක් හමුවිය. එහිදී රාජ්‍ය පාර්ශ්ව පමණක් නොව මෙරට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු අනෙකුත් විපක්ෂ නායකයන් කිහිප දෙනකුම හමුවිය. එම ඇමෙරිකානු රාජ්‍ය දූත පිරිස මෙහි පැමිණෙන්නට හරියටම සති දෙකකට පෙර මෙරටට පැමිණියේ ජපානයේ විදේශ අමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිසකි. එරට වත්මන් විදේශ අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය ප්‍රධාන පිරිස එයට අයත් විය. මෙසේ එක මාසයක් තුළදී පමණක් ලෝකයේ ප්‍රධානතම බලගතු සහ ධනවත් රටවල් දෙකකින් ප්‍රධාන පෙළේ රාජ්‍ය නියෝජිතයන් මෙරටට පැමිණියහ. එලෙස පැමිණි ජපාන විදේශ අමාත්‍යවරියගේ සංචාරය ගැන අප ‘මව්රට’ පුවත්පත පසුගිය සතියේ දීර්ඝ ලිපියක්ද ලියා තැබුවේය. දැන් වසර 10කට ආසන්න කාලයක් ඇනහිට තිබෙන ජපාන – ශ්‍රී ලංකා සැහැල්ලු මොනෝරේල් දුම්රිය ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට අදාළව එම ලිපියෙන් කරුණු කියැවිණි. එහිදී හෙළිව තිබුණේ මෙවරද ජපානය විසින් ඒ සඳහා නිසි පියවර නොගැනීමය. එහිදී ජපාන විදේශ අමාත්‍යවරිය ප්‍රකාශ කර තිබුණේ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් වන තෙක් එම ව්‍යාපෘතිය ආරම්භ නොවන බවයි.

මේ ආකාරයට පසුගිය වසර 02ක පමණ කාලයක් තුළ මෙරටට පැමිණි විදේශ රාජ්‍ය නියෝජිත කණ්ඩායම්වල ප්‍රමාණය බොහෝය. මෙම පිරිස් ශ්‍රී ලංකාව තුළදී පවත්වන ලද ඉහළ පෙළේ සාකච්ඡා සහ අස්සන් කරන ලද විවිධ ගිවිසුම්ද බොහෝය. එහෙත් මෙම පියවරයන් හරහා මෙතෙක් මෙරට පොදු ජනතාවට හිමිවූ දෙයක් දක්නට නැතිය. ඩොලර් මිලියන හා බිලියන ගණනින් මෙරටට ධන සම්පත් ලබාදෙනවා යැයි කියන අනේක වර්ගයේ පොරොන්දු ගැන නිසි වගතුගක් නැත. ඉදිකෙරෙන මහා ව්‍යාපෘති ආයෝජනයන්ද දක්නට නොමැතිය. පොදු ජනතාව සෑම විටකම මහා දරිද්‍රතාවකින් පෙළෙමින් දුක්විඳින ආකාරය දක්නට හැකිය. ඔවුහු තවමත් තමන්ට පාන් රාත්තලක් මිලදී ගන්නේ කෙසේදැයි කල්පනා කරමින් දුක් විඳිති. මොකක්දෝ ආශ්චර්යයකට ලොකු ලූනු ගෙඩියේ මිල පමණක් පහළ බැස්සේය. මන්දපෝෂණය ඇති දරුවන් ලක්ෂ 18ක් මෙම සමාජයේ සිටින බව දෙස් විදෙස් සමීක්ෂණ වාර්තා කියති. ඒවා සම්පූර්ණ සත්‍යයම වෙයි.

පසුගිය වසර දෙකක පමණ කාලය තුළදී පමණක් මෙරටට පැමිණ ද්විපාර්ශ්වික සබඳතා ගොඩනගමින් කටයුතු කළ විදේශීය රාජ්‍ය නියෝජිත කණ්ඩායම් කිහිපයක් ගැන තතු සොයා බලමු.

★ ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ප්‍රධාන නියෝජිත පිරිසගේ පැමිණිම. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රධාන ලාංකික බලධාරීන් සමග සාකච්ඡා කිරීම. මෙහිදී නියෝජිත රාජ්‍ය ලේකම්වරයා මෙරට පාර්ශ්ව සඳහා පොරොන්දු වී ඇත්තේ මෙරට තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඇමෙරිකාව තම උපරිම ආකාරයෙන් සහාය ලබාදෙන බැව්ය.

★ ජපානයේ විදේශ අමාත්‍ය යොකෝ කමිකාවා මහත්මිය ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සිදුකිරීම. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු අනෙකුත් විපක්ෂ නායකයන්ද හමුවීම. ඇය මෙහිදී දැඩි ලෙස තම මතය අනාවරණය කර ඇත්තේ ඉදිරියේදී ජපාන සංවර්ධන ව්‍යාපෘති ශ්‍රී ලංකාවේදී ආරම්භ කිරීමට නම් මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නිමවිය යුතු බවය.

★ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර්ගේ 2023 ශ්‍රී ලංකා සංචාරය සිදුකෙරිණි. ඔහු සමග සිවුදෙනකුගෙන් යුත් ඉන්දීය උසස් රාජ්‍ය නිලධාරීන්ද පැමිණි අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු මෙරට විපක්ෂ නායකයන්ද හමුවිය. මෙම සාකච්ඡාවලදී ඔහු පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ණය හිමි රට ඉන්දියාව බැව්ය. පසුගිය ලාංකික අර්බුද සමයේදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 04ක මූල්‍යාධාර ලබාදුන් බවත් ඔහු අවධාරණය කර ඇත. ශ්‍රී ලංකාවේ ඉදිරි මාවත පැහැදිලි කිරීම සඳහා සහ අයි.එම්.එෆ්. වැඩසටහන සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සාර්ථකව සිදුකළ යුතු බවද ඉන්දීය විදේශ අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

★ තායිලන්තයේ වත්මන් අගමැති ශ්‍රෙත්තා තාවිසින් මහතා 2024 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සිදුකළ නිල සංචාරය. ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් උළෙලේ ගෞරවනීය ආරාධිත අමුත්තා වූයේ ඔහුය. මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අතර, දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් සහ තවත් සංවර්ධන ව්‍යාපෘති ගිවිසුම් කිහිපයක්ද අස්සන් කෙරිණි. මෙම සංචාරය සඳහා තායිලන්තයේ නියෝජ්‍ය අගමැති සහ වෙළෙඳ ඇමැතිවරයාද සහභාගි වූහ.

★ ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම රයිසි ප්‍රධාන රාජ්‍ය දූත පිරිස ශ්‍රී ලංකාවට පැමිණීම. එහිදී ඉරාන ණය ආධාර යටතේ මෙරට ඉදිකරන ලද උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කෙරිණි. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමුවී දීර්ඝ සාකච්ඡා පැවැත්වූ ඉරාන ජනාධිපතිවරයා දෙරට අතර ද්විපාර්ශ්වික ගිවිසුම් කිහිපයකටම අස්සන් තැබුවේය.

★ යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසම අතර ද්විපාර්ශ්වික සබඳතා තර කිරීම ගැන සාකච්ඡා පැවැත්වීම සහ ගිවිසුම් අස්සන් කිරීම.

★ ජපානයේ මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචිගේ නිල සංචාරය. 2024 ජනවාරි මාසයේදී සිදුවූ එම සංචාරයේදී ජපාන මුදල් ඇමැතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයාද හමුවිය. ද්විපාර්ශ්වික ගිවිසුම් කිහිපයක් අස්සන් කෙරිණි.

★ ආසියානු සංවර්ධන බැංකුව සමග ශ්‍රී ලංකා රජය ගිවිසුම් අස්සන් කිරීම. කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායන් සඳහා මූල්‍යකරණ ගිවිසුම් අස්සන් කිරීම. ඒ අනුව එම ව්‍යාපෘති සඳහා ණය ආධාර සැපයෙයි.

මේ ආකාරයට ශ්‍රී ලංකා රජය විදේශීය රාජ්‍යතාන්ත්‍රික පාර්ශ්වයන් සමග සිදුකරන ලද ද්විපාර්ශ්වික රාජ්‍ය ගනුදෙනු බොහෝය. මේ සියලු ගිවිසුම් හරහා කියැවී ඇත්තේ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන හෝ බිලියන ගණනින් ලැබෙන විවිධ ආධාර ගැනය. එහෙත් මේවායින් අපට මෙතෙක් ලැබුණේ කුමන සෙතක්දැයි බොහෝ දෙනෙක් නොදනිති. රාජ්‍ය නිල වාර්තා මගින් සුරපුරයක තතු පෙන්වුවද මෙරට ජනතාවට ලැබුණු කෙංගෙඩියක් පෙනෙන්නට නැත.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් අහලා මඩ ගහන්න ගිය රංගේ බණ්ඩාර මුජිබර්ගෙන් සුද්ද සිංහලෙන්ම අහගනී! මේක අහන්න වටින කතාවක්! අනුන්ට මඩ ගහන්න ගිය රංගේගේ අධ්‍යාපන සුදුසුකම් ගැනත් ප්‍රශ්නයක් මතුවෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

උමා ඔය විවෘත කරන්න ලංකාවට ඇවිත් ගිය ඉරාන ජනාධිපතිට කරදරයක් වෙලා! ගමන්ගත් හෙළිකොප්ටරය හදිසියේම ගොඩබාලා! ඉන්න තැනක් තවම හොයාගන්න බැරිලු! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.