දශක ගණනාවක් පුරාවට සිදුවූ අතුරුදන් කිරීම්වලට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ ඊට අනුබද්ධ පැරාමිලිටරි කණ්ඩායම්වල මැදිහත්වීම පිළිගන්නා ලෙසත්, ඒ පිළිබඳ පොදුවේ සමාව ඉල්ලා සිටින ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වාර්තාවක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය.Sri Lanka Latest News
දශක ගණනාවක් පුරාවට බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක්වූ දස දහස් සංඛ්‍යාත ජනතාවට අත්වූ ඉරණම හෝ ඔවුන් සිටින ස්ථානය අනාවරණය කිරීමටත් හෙළි කිරීමටත් ශ්‍රී ලංකා රජය අර්ථවත් ක්‍රියාමාර්ග ගත යුතුයැයි එම වාර්තාවේ දැක්වේ.
එසේම එම බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට වගකිව යුතු පුද්ගලයන්ට වගවීම ලබා දීම සඳහාද ශ්‍රී ලංකා රජය අර්ථවත් ක්‍රියාමාර්ග ගත යුතු යැයිද එම වාර්තාවේ සඳහන් වේ.
එලෙස බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූවන් කිසිදිනෙක අමතක නොකළ හැකි බව මෙම වාර්තාවෙන් නැවත මතක් කර දෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ප්‍රකාශ කළේය.
අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ සමීපතමයන් අතුරුදන් වූ පුද්ගලයන් නැවත පැමිණෙනතුරු දීර්ඝ කාලයක් සිට බලා සිටින බවත් ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි දැන ගැනීමට පවුල්වල සාමාජිකයන්ට සහ සමීපතමයන්ට අයිතියක් තිබෙන බවත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා පැවැසුවේය.









