පසුගිය සිකුරාදා දිනයේ පැවති පාර්ලිමේන්තු ගෘහකාරක සභා රැස්වීමේ දී මන්ත්‍රීවරු රැසක්, ඔවුන්ට ලබා දී තිබෙන රක්ෂණාවරණය, මුළු පවුලටම අදාල වන පරිදි සකස් කරදෙන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
පළාත්සභාවල සිටිය දී පවා සිය පවුල්වල සාමාජිකයන්ටත් රක්ෂණාවරණයක් ලැබුණු බව ඇතැම් මන්ත්‍රීවරු පවසා ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මූල්‍ය ප්‍රතිපාදන නොමැති වීම හෙතුවෙන් මෙම ඉල්ලීම මේ මොහොතේ ඉටු කළ නොහැකි බව කතානායකවරයා මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බව පැවසේ.
මීට අමතරව, තීරුබදු රහිත වාහන බලපත්‍ර ඉල්ලා කතානායකවරයාට ඉදිරිපත් කර තිබෙන ඉල්ලීමේ ලිපියට මන්ත්‍රීවරු 116 ක් අත්සන් තබා ඇති බව වාර්තා වේ.
කතානායකවරයා එම ඉල්ලීම මුදල් අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කර තිබේ.










