වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය ආයතනයකට පැවරීම සම්පූර්ණයෙන් නීති විරෝධි ක්‍රියාවලියක් බවත්, එය මෙරට සිදුවුණු දෙවැනි මහබැංකු මංකොල්ලය ලෙස සැලකිය හැකි බවත් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය. (Sri Lanka Latest News)
වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය GBS Technology Services & IVS Global නම් සමාගමට පැවරීම හරහා වාර්ෂිකව එම සමාගමට ඩොලර් මිලියන 46ක (කෝටි 1350ක) ලාභයක් ලැබෙන බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
ආගම විගමන පනත අනුව ශ්‍රී ලංකාකියන්ගේ විදෙස් ගමන් බලපත්‍රය සැකසීමේ කටයුතු තෙවැනි පාර්ශ්වයකට ලබාදීමට බලයක් නැති බවත්, එසේ සිදුකරනවා නම් ආගම විගමන පනත සංශෝධනය කළ යුතු බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් පී.වී. ගුණතිලක මහතා පත්කළ ඇගයීම් කමිටුව සඳහන් කර ඇති බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් කීය.







