• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෙන ආතල් මොත්තෙ මචං පිස්සු පීකුදූ – හිරු ඇවිදින් කළා අපේ බොක්ක පිරිසිදූ! චාමර මන්ත්‍රීතුමා ඔහොම යං! Sri Lanka Latest News

May 11, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

ලංකාවේ දේශපාලකයෝ දවසින් දවස ආතල් දෙනවා. දවසින් දවස පිස්සු කෙළිනවා. දවසින් දවස නාඩගම් නටනවා. අපි දේශපාලකයෝ පාර්ලිමේන්තුවට යවපු අය විදියට, දේශපාලකයෝ රජකරවපු අය විදියට ලැජ්ජා වෙන්න ඕනේ මේ වගේ ගොබ්බයෝ මේ රටේ ලොකු තැන්වලට යවපු එක ගැන. මොකද, අපි දන්න තරමට ඔය හුඟක් දේශපාලකයෝ පාර්ලිමේන්තු ගිහින් තියෙන්නේ, තනතුරු තාන්නමාන්නවලට පත්වෙලා තියෙන්නේ නිකන් අත උස්සලා අපි එන්නද කියලා අහලා නෙවෙයි. ඒ හැමෝම ඒ තැන්වලට ගිහින් තියෙන්නේ ඒ අයට ලැබුණු ඉහළ මනාපයෙන්. සමහර අය ලංකාවේ වැඩිම ඡන්ද අරගෙන. ඒකට හොඳම උදාහරණය තමයි පහුගිය කාලේ මියගිය සනත් නිශාන්ත මහත්තයගේ කතන්දරේ. සනත් නිශාන්ත මහත්තයා මියගියාට පස්සේ සනත් නිශාන්ත කියන්නේ බූරුවෙක්, මෝඩයෙක් කියලා ඔහුට විශාල චෝදනාවක් එල්ල වුණා. හැබැයි සනත් නිශාන්ත දිස්ත්‍රික්කයේ පළමුවැනියා වෙලා පාර්ලිමේන්තු ආවේ.
ඒ අස්සේ ලංකාවේ ඉන්න සමහර ඈයෝ හරියට දුක් වෙනවා මියගිය පාලිත තෙවරප්පෙරුම මහත්තයා ගැන. හැබැයි පාලිත තෙවරප්පෙරුම මහත්තයා ඡන්දෙන් පැරැදිලා ගෙදර ගිය මනුස්සයෙක්. එතකොට මේ ඡන්දයෙන් මනාපයෙන් මිනිස්සු පත්කිරීම සහ මිනිස්සුන්ට තාන්නමාන්න දීම කියන එක කොයි තරම් විහිළුවක්ද කියන එක ගැන ආයෙත් අලුතෙන් කතාකරන්න අවශ්‍ය නෑ. ඒක හරිම ලැජ්ජාසහගත තුට්ටු දෙකේ දෙයක් බවට පත්වෙලා ඉවරයි. ඒක අපිට ආයේ ආයේ හිතෙන්නේ සමහර රූපවාහිනි වැඩසටහන් දැක්කාම. (Sri Lanka Latest News)

ඊයේ පෙරේදා අපි දැක්කා හිරු ටීවී එකට ආපු එක්තරා දේශපාලකයෙක් නටපු නාඩගම. ලැජ්ජා වෙන්න හොඳ නෑ නම කියන්න. එතුමාගේ නම චාමර සම්පත්. එතුමා එක වෙලාවක කියනවා ‘එන්න ගහගන්න’ කියලා. දේශපාලකයා කියලා කියන්නේ දේශපාලන වේදිකාවේ දේශපාලන රැස්වීමේ මැතිවරණවලට අදාළ නොවන වෙනත් තැන්වල දේශපාලන සාකච්ඡාවල ඉතා විනයගරුකව හැසිරෙන්න ඕනේ කෙනෙක්. මාධ්‍යවේදියා අතින් වරදක් වෙන්න පුළුවන්. මොකද මාධ්‍යවේදියා කියලා කියන්නේ වැටුප් ලබන්නෙක්. ඔහු නරකයි නම් ඒ අදාළ ආයතනයට පුළුවන් ඔහුව රස්සාවෙන් ඉවත් කරලා දාන්න. දේශපාලකයාට මේ වගේ පිස්සු කෙළින්න මේ වගේ නාඩගම් නටන්න ඉඩ දුන්නම ඒ මිනිස්සුන්ව ඊළඟ ඡන්දෙන් පරද්දන්න ජනතාවට විශාල වගකීමක් තියෙනවා. ඒක ඇත්ත. ඒ වුණාට ඔවුන්ව පන්නලා දාන්න බෑනේ. ඒ නිසා තමයි දේශපාලකයන් මීට වඩා විනයගරුක සහ මොළය ඇතිව හැසිරෙන්න ඕනේ. මොකද ඒ මනුස්සයා දන්නවා තමන් නියෝජනය කරන්නේ රටේ මහජනතාව බව. ලංකාවේ තියෙන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක්. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යටතේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යටතේ හැම දේශපාලකයෙක්ම එක්තරා පිරිසකගේ නියෝජිතයෙක්. මේක සරල කරලා ගත්තම ඉස්සර තමන්ම පාලනයට හවුල් වෙන්න පුළුවන්කම තිබුණු කාලේ වගේ නෙවෙයි දැන් පාලනයට හවුල් වෙන්න බැරි නිසා අපි පාලනයට හවුල් වෙන්න අපි වෙනුවෙන් කෙනෙක්ව පත්කරලා යවනවා. ඒ කියන්නේ චාමර සම්පත් එක්තරා පිරිසක් වෙනුවෙන් පාර්ලිමේන්තුවට ආපු කෙනෙක්. එතකොට චාමර සම්පත් මේ නියෝජනය කරන්නේ තමන්ගේ බලය නෙවෙයි. ජනතා බලය. එතකොට ඒ ජනතාවගේ ප්‍රකාශනයද මේ? ජනතාවගේ ක්‍රමයද මේ? ඔහුට ඔහුව කොච්චර පාලනය කරගන්න බැරිද කියලා කියනවා නම්, ඔහු මේ වැඩසටහන අතරතුරේ කුණුහරුප කිහිපයක් කියනවා. ඒ වෙලාවේ ඔහුට ඔහුව පාලනය කරගන්න බැරිව යෑම පුදුමසහගතයි.

ඔහු නිරන්තරවම කියනවා නිවේදකයාගේ වැරැදි, ඔහු සල්ලි ගත්තුවා, ඔහු සමහර අය එක්ක ආපුවා. නිවේදකයෙක් කියලා කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්. ජනමාධ්‍යවේදියා කියලා කියන්නේ වැටුප් ලබන්නෙක්. ඔහු සාමාන්‍ය පුද්ගලයෙක්. ඔහු ජනතා සේවයට කැපවෙච්ච කෙනෙක් නෙවෙයි. ඔහු වැරැදි නම් හරිම පැහැදිලියි, ඔහු හිරු ආයතනයට නොගැළපෙන ආකාරයට වැඩකරලා තියෙනවා නම් ඔහුව වහාම රැකියාවෙන් ඉවත් කරලා දාන්න ඕනේ ඒ ආයතනය පැත්තෙන්. එහෙම නැතිව ඔහුව සාමාන්‍ය පොදු මහ පොළොවේ නීතිරීති නැත්නම් අපරාධ නීති හෝ සිවිල් නීති හැර ඔහුට වෙනත් නීති බලපාන්නේ නෑ. මොකද මෙතැන වෙලා තියෙන්නේ මේ මනුස්සයා විසින් නිරන්තරවම අපහාසයට ලක්කරමින් කෑකෝගසමින් පිස්සු නටමින් විනාශ කරගන්නේ ලංකාවේ දේශපාලනඥයාගේ පෞරුෂය. ඉතින් මේ මිනිස්සු පාර්ලිමේන්තු එව්වේ කවුද? ඒ වගේම ඊළඟ ප්‍රශ්නේ මේ මිනිස්සුන්ට ටිකට් එක දෙන්නේ කවුද? මේ වගේ මිනිස්සුන්ට ඡන්දේ ඉල්ලන්න බලය දෙන්නේ කවුද? මේ අයව සංවිධායකවරු කරලා, අපි දන්නවා මේ අයව ඉස්කෝලවලට ගෙන්වලා, ඉස්කෝලවල ළමයින්ට පදක්කම් පලඳවනකොට, ඉස්කෝලවල විවිධ උත්සවවල මේ අය තමයි ප්‍රධාන ආරාධිතයෝ වෙන්නේ.

කරුණාකරලා ඊළඟ මැතිවරණයේදීවත් කල්පනාකාරී වෙන්න ඕනේ. රට ඇතුළේ ඉන්න දේශපාලකයෝ කීප දෙනෙක් විනයගරුකව හැසිරෙන්න දන්නවද? දේශපාලකයෝ කීදෙනෙක් කතාකරන්න දන්නවද? දේශපාලකයෝ කීදෙනෙක් මිනිස්සු විදියට ඉන්නවද? දේශපාලකයෝ කීදෙනෙක් සත්තු වගේ හැසිරෙනවද? මේක තමයි ලිට්මස් පරීක්ෂාව. ඒ පරීක්ෂාවෙන් අසමත් වෙච්ච මිනිස්සුන්ව වහාම ඉවත් කරලා දාන්න. ඒ ඉවත් කරලා දාන්න ඕනේ ජනතා ඡන්දයෙන් විතරක් නෙවෙයි. ඡන්දේ ඉල්ලන්න පුළුවන් වෙන තැනෙනුත් ඔවුන්ව ඉවත් කරලා දාන්න ඕනේ. ඔවුන්ට ටිකට් එක නොදී ඉන්න අදාළ දේශපාලකයෝ කටයුතු කරන්න ඕනේ. පක්ෂවල කණ්ඩායම්වල නායකයෝ කටයුතු කරන්න ඕනේ. එහෙම අයින් කරන්න බැරිනම් ඒ නායකයන්වත් ප්‍රතික්ෂේප කරන්න ජනතාව වගබලා ගන්න ඕනේ. එහෙම නොවුණොත් මේ රටට වෙන දේ හිතාගන්නවත් බැරි වේවි. ඇත්තටම ඒ වැඩසටහන දැක්කම දැනුණේ එහෙම. මොකද කලින් සතියේ එක වගේම දෙන්නෙක් නාඩගමක් නැටුවා. ඒ පාර තව එක්කෙනෙක් ඒ වගේම නාඩගමක් නැටුවා. මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ. අපට නම් හිතාගන්න බෑ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සජබන්ස්ලා රනිල්ට අකැමැති ඇයි? Sri Lanka Latest News

Next Post

ස්වාමිනි, ඔබට ස්තුතියි! Sri Lanka Latest News

MORE NEWS

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

Load More
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ බලයට පත් වූ අනුප්‍රාප්තික ආණ්ඩු විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත...

Read more
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper