• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාධ්‍යට විපාක පල දෙන හැටි හරීන් පෙන්නලා දෙයි

April 24, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
මාධ්‍යට විපාක පල දෙන හැටි හරීන් පෙන්නලා දෙයි
Share on WhatsAppShare on Facebook

එදා යහපාලන ආණ්ඩුව බලයේ සිටින සමයේ මාධ්‍ය කිහිපයක් එක්ව සිදු කළ ක්‍රියාකාරකම්වල ප්‍රතිවිපාක අද වනවිට රටටම විදීමට සිදුව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කරයි.

අද (24) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සදහන් කළේය.

හෙතෙම එහිදී මෙසේද කීය.

සමගි ජනබලවේගය විදිහට රටට වැදගත් ප්‍රශ්න කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ලෝකෙම තියෙන ව්‍යසනයට ශ්‍රී ලංකාවේ  ඒ සම්බන්ධයෙන් කටයුතු කරන අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය හා හමුදාපති ඇතුළු ශ්‍රී  ලංකාවේ හමුදාවන්ට රටේ පුරවැසියන් වෙනුවෙන් ස්තූතිය අපේ ආචාරය පුද කර සිටින අතර තව තවත් ඉදිරියට යන්නට එතුමන්ලාට අවශ්‍ය සහයෝගය ධෛර්ය ලබාදීමට අපි සූදානම් බව මේ අවසථාවේ ප්‍රකාශ කරන්නට කැමතියි.

කෝවඩි 19 ශ්‍රී ලංකාවේ මේ මොහොතේ වෙනකොට කොතනද තියෙන්නේ කියලා අපිට හිතන්න වෙනවා. පහුගිය අවසාන දින 5 අතර පමණක් කෝවිඩ් ආසාදිතයන් 114 ක් ලැබිලා තිබෙනවා. දැනට 368 ඊයේ දවසට විතරක් ආසාදිතයන් 35 ක්. මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නය වෙන්නේ අපි රටක් හැටියට මේකට මුහුණ දෙන්නේ කොහොමද කියන එක.  මේ අවස්ථාවේ ජනතාව විශාල කැපවීමක් කරනවා ගෙවල් ඇතුලට වෙලා ඉඳගෙන මේ කෝවිඩ් 19 කියන මාරයා පරාජය කරන්නට.

මෙතන කොවිඩ් මාරයා එක්ක සටන් කරන ගමන් රටේ මේ තියෙන බිහිසුණු තත්වයත් එක්ක මැතිවරණයක් ඉල්ලන තව මාරයෙක් එක්ක අපට සටන් කරන්න වෙලා තියෙනවා.

එතකොට ඒ මාරයා අහනවා ඇති ඡන්දෙට බය කියලා. අපි ඡන්දෙට බය නැහැ නමුත් මාරයා කැඳවන මැතිවරණයට අපි බයයි. හේතුව මේක පාර්ලිමේන්තු මහා මැතිවරණයක් ඒකට ඡන්දය දාන්න මිලියන 15 ජනතාව යන්න සිද්ධ වෙනවා. අජිත් මාන්නප්පෙරුම මැතිතුමාලට ආණ්ඩුවේ අයට මේ මිලියන 15 ක් වෙන මිනිසුන් අතරට යන්න වෙනවා.

මුඛවාඩමක් දාන්නේ ආරක්ෂා වෙන්න කියලා. එහෙනම් මුඛවාඩම් දාගෙන ඡන්දෙකට යන්න පුළුවන්ද? රටේ මිනිස්සුන්ට මේ වෙලාවේ ඡන්දයක්ද ඕනේ. රටේ මිනිස්සු ගැන හදවතින් හිතන්න. මාරයා කැඳවන මැතිවරණයක් අපට ඕනේ නැහැ. අපේ දරුවන් අනතුරේ දාලා ගෙවල්වලට මාරයා අරන් එන මැතිවරණයක් අපිට එපා. අපි ඉතාමත්ම කරුණාවෙන් කියනවා, ඉතාමත්ම නිහතමානීව අපි මේ ආණ්ඩුවට සහෝගය ලබා දෙනවා.

අපිට මතකයි අවුරුද්දකට ඉස්සෙල්ලා මේ කාලයේ අද ඉන්න ආණ්ඩුව අපිට සලකපු විදිහ. මාධ්‍ය නාලිකා ටිකක් අරන් බොරු නිවුස් ගැහුවා. පාරේ බැහැලා යන්න ඉඩ දුන්නේ නැහැ. අපේ රට දෙවියෝ බුදුන් අදහන රටක්. ඒ නිසා ඒ සත්‍යය කවදහරි ජයගන්නවා ගන්නවාම තමයි. ගින්නේ රස්නේ තේරෙන්නේ නැහැ තමන්ව  ගිනි ගන්නකන්. ඒ නිසා ඔය සම්බන්ධයෙන් බොරුව වපුරන්න සම්බන්ධ වුණ අර මාධ්‍ය මහත්තුරුන්ටත් එදාට ඒකේ රස්නේ දැනේවි.

මේ අය කො‌රියාව ඡන්දෙ තිබ්බ එක ගැන කියනවා. කොරියාව ඡන්දේ තිබ්බේ මිලියන 11ම පෝස්ටල් වෝට්වලින්.  කොරියාව ඩිජිටල් ක්‍රමයට ඉතාමත්ම ආරක්ෂිතව ඒ ඡන්දය පැවැත්වුවේ.  26% ක් 30% අතර ඡන්දය පාවිච් කරලා තියෙන්නේ ගෙදර ඉඳලා. අපේ ජනතාව ගෙදර ඉඳලා පෝස්ටල් ඡන්දය දුන්නොත් මේ ආණඩුව ඡන්ද හූරාගෙන කයි. ඒ නිසා මැතිවරණ කොමසාරිස්ට අපි කියනවා මාරයා කරේ තියාගෙන ඡන්දයකට යන්න එපා.

සමහරු  අහනවා ඇයි සමගි ජනබලවේගය නිහඬ කියලා. අපි නිහඬ නැහැ. අපි ගල්යුගයේ ඉන්න දේශපාලඥයෝ නෙවෙයි. අපි මේ අවස්ථාවේ මුල ඉඳලම ආණඩුවට සහයෝගය දුන්නා විවේචනයන් කරන්න ගියේ නැහැ.  අපිට විවේචනය කරන් සිද්ධ වුණේ මාර්තු 19 වැනි දා වෙන තෙක්ම රට ඇරගෙන ඉඳලා නොමිනේෂන් දුන්නට පස්සේ, ඒ සම්බන්ධව සහ  රුපියල් 5000 දීමනාව දේශපාලනීකරණය කරගෙන ඡන්දය ඉල්ලන්න යන එක ගැනයි. ආසාදිතයන් 28 ක් ඉඳගෙන රට වහන්න මට පුළුවන්ද කියලා අහපු කෙනෙක් ඉන්න රටක් මේක. තව එක්කෙනෙක් කියනවා ඩෙන්ගු 190 ඉඳගෙන අපි රට වැහුවද කියලා . ඒක තමයි මේ ආණ්ඩුවේ බුද්ධිමත් මානසිකත්වය.

ඒ වගේම විදේශ ශ්‍රමිකයෝ මේ වෙලාවේ අන්ත අසරණ තත්වයකට පත්වෙලා මැරි මැරි ඉපදෙනවා. එයාලගේ දරු පවුල්  අන්ත අසරණ දුගී තත්වයකට පත්වෙලා. එයාලාගේ අම්ම තාත්තා දරුවන් ගෙන්න ගන්න බරුව වේදනාවට පත්වෙලා. හිටපු විදේශ ඇමති හැටියට ජනාධිපතිතුමාගෙන් මම වැඳලා ආයාචනා කරලා ඉල්ලනවා මේ ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වා ගැනීමට ඔබතුමාගේ මූලිකත්වයෙන් වැඩ පිළිවෙළක් සකස් කරන්න කියලා. මේ කොවිඩ් මාරයා පරාජය කරොත් මේ ආණ්ඩුවට ඡන්දය නිකන්ම දිනන්න පුළුවන්.  මේ අවස්ථාව අරගෙන ආණ්ඩුව විවේචනය කරමින් අපටත් ඡන්දයකට යන්න පුළුවන්නේ. ඇයි අපි ඡන්දයක් එපා කියන්නේ. අපිට මේ අවස්ථාවේ ජනතාවගේ ආරක්ෂාව වටිනවා. මේ අවස්ථාවේ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් කියන එක සියලුම විද්වතුන් කියා සිටිනවා.. අපි කියනවා පාර්ලිමේනතුවෙන් අපට වතුර එකක්වත් එපා ආණ්ඩුවට අවශ්‍ය මුදල් අනුමත කරගන්න අපි සහයෝගය දෙනවා. ගිය අවුරුද්දේ මේ ආණ්ඩුව අපිට සලකපු විදිහට නෙවෙයි අපි මේ වෙලාවේ ආණ්ඩුවට සලකන්නේ. ඒකයි සමගි ජනබලවේගයේ වෙනස.  

ඒ වගේම මෙවැනි තත්වයක් තුළ මාරයා කැඳවන මැතිවරණයක් මිනිස්සුන්ට ඕනේ නැහැ, මාරයාටයි මැතිවරණයක් ඕන වෙලා තියෙන්නේ.  අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන්නේ මේ වෙලාවේ මීට වඩා මහජනතාව පිළිබඳ සංවේදී වෙන්න කියලා. අපිට පුළුවන් මේ මාරයාගෙන් ජනතාව බේරාගන්න රටක් හැටියට, මිනිස්සු හැටියට, මාධ්‍යක් හැටියට සියලු දෙනාම එකතුවුණොත්. අවසාන වශයෙන් මේක කියන්නම ඕනේ, අපි කැමති නැහැ පොහොට්ටුව මළමිනී උඩ තියන ලකුණක් බවට පත්වෙනවට, පොහොට්ටුව මිනී මලක් වෙනවට. පොහොට්ටුව ජනතාවට දුන්න බලාපොරොත්තු ඉෂ්ට කරන්න අපි ජනාධිපතිතුමාට සහයෝගය දෙන්නම්, හැබැයි මාරයාගේ මැතිවරණයකට අපි විරුද්ධයි.

SendShareShare
Previous Post

මෛත්‍රීපාල හීනෙන් නැගිටියි

Next Post

පොලොන්නරුව බේරා දෙන්න: මෛත්‍රීගෙන් තවත් නිවේදනයක්

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.