කොරෝනා වයිරසය වැලිසර නාවික හමුදා කදවුර තුළ ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.
හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ වැලිසර කදවුරේ සියලු දෙනාටම තමන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවකි.
කොරෝනා වයිරසය රට තුළ ව්‍යාප්ත වීම ආරම්භ වී දිගු කලකට පසු හිටපු ජනාධිපතිවරයා මේ අයුරින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර සිටීම විශේෂ සිදුවීමකි.

එමෙන්ම පාස්කු ප්‍රහාරයට වසරක් පිරුණු ඉකුත් 21 වැනිදා හෝ හිටපු ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කොට තිබුණේ නැත.










