ව්‍යවස්ථාදායක සභාව අද (23) දින හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල නිවෙසේදී පැවැත්විණ.
මෙම හමුවට අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහින්ද සමරසිංහ, බිමල් රත්නායක ඇතුලු පිරිසක් සහභාගී වී ඇත.
මෙහිදී රට තුළ පවතින තත්ත්වය පිළිබද අගමැතිවරයා කරුණු පැහැදිලි කර ඇති බව දැනගන්නට තිබේ.
කෙසේවෙතත් රැස්වීම ආරම්භයේදී මහින්ද සමරසිංහ මහතා මෙම රැස්වීම කරු ජයසූරිය මහතා විසින් කැදවීමේ නීත්‍යනුකූල භාවය පිළිබද විමසීමක් කර ඇත.
එහිදී කරු ජයසූරිය මහතා ප්‍රකාශ කොට ඇත්තේ තමන් ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා ලෙස මිස පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයා ලෙසට නොවන බවයි.










