• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එහෙන් මෙහෙන් චෝදනා! අනේ මන්දා රෙදි ඔක්කොම ගැළවුණා! සලකුණට ඇවිත් ‘සල’ අකුරු අයින් කරපු හැටි! Sri Lanka Latest News

May 5, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

පහුගිය දිනෙක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙහි එක්තරා රූපවාහිනී නාලිකාවක ප්‍රධාන පෙළේ වැඩසටහනක් තිබුණා. ඒ වැඩසටහන දේශපාලන සාකච්ඡාවක්. දේශපාලන සාකච්ඡාවක් කියලා කියන්නේ ලෝකයේ සමහර රටවල නම් විශ්වවිද්‍යාල දේශනයකට වඩා හරවත් සහ ඉතා ගුණාත්මක දේවල් කියවෙන දෙයක්. හැබැයි ලංකාවේ ඊට වඩා වෙනස්. ලංකාවේ විශ්වවිද්‍යාල දේශනයක් හා සමානයි ඇත්තටම මේ වගේ දේශපාලන සාකච්ඡාවක් අහගෙන ඉන්න එක. දේශපාලන සාකච්ඡාවට සහභාගි වුණා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී. වීරසිංහ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ සහ ජාතික ජන බලවේගයේ විධායක සභික නලින් හේවගේ යන අය. මේ අයගේ සාකච්ඡාව බලාගෙන හිටියාම දැනුණු දේ ගැන ලියන්න සිද්ධ වුණේ ඒක ඉතාම කතාබහට ලක්වෙන සාකච්ඡාවක් බවට පත්වෙච්ච නිසා. සාමාන්‍යයෙන් දේශපාලන සාකච්ඡාවක් පැවැත්වෙනකොට ඊට සහභාගි වන දේශපාලකයන් තර්ක කරන්නේ විවාද කරන්නේ දේශපාලනික කාරණා සම්බන්ධව. ඔවුන් ඉදිරිපත් කරන්නේ දේශපාලන තර්ක. මේ සාකච්ඡාවේදීත් ඇත්තටම එහෙම දේවල් සිද්ධ වුණා. ඔවුන් දේශපාලන තර්ක ඉදිරිපත් කළා. දේශපාලන කාරණා කතා කළා. ඒ නිසා කාටවත් අපිට එහෙම එකපාරටම හරි ගොබ්බයි කියලා චෝදනා කරන්න බෑ. හැබැයි මේකේ තිබුණු භයානක හා නරක කාරණා කිහිපයක් ගැන අපි කතා කළ යුතුයි. මේවා කතා නොකර හිටපුවාම තවදුරටත් අපේ රටේ මේ වගේ ක්‍රමවේදවලට මිනිස්සු හුරු වෙන්න ඉඩ තියෙනවා. හැබැයි අපි මේ මොහොතේ කතා කරන්නේ ලංකාවේ පොදුවේ මේ මාතෘකාව කතාකරන විදියට නෙවෙයි. අපි දැක්කා තිස්ස කුට්ටිආරච්චිටත්, ඩබ්.ඩී. වීරසිංහටත් බල්ලන්ගේ රූප සහ හඬ දාලා ඒගොල්ලෝ බිරුවා කියලා කියනවා. ඒකේ ලොකු වරදක් නෑ. ඇත්තටම ඒගොල්ලෝ කෑගහපු විදිය හරිම අශෝභනයි. (Sri Lanka Latest News)

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලින් හේවගේ කියපු කතාව හරිද? ඔහු කියපු කතාවේ අර්ථය විදියට තිස්ස කුට්ටිආරච්චි සහ ඩබ්.ඩී. වීරසිංහ විසින් හඳුනාගෙන තිබුණු කාරණාව වුණේ ‘අපි මිනිස්සු මැරුවා තමයි, ඒ කුඩුකාරයෝ, ස්ත්‍රී දූෂකයෝ, කසිප්පුකාරයෝ වගේ කට්ටිය’ කියලා කියපු එක. දැන් පළමු කාරණාව ඔහු පිළිගන්නවා අපි මිනිස්සු මැරුවා කියන එක. ජනතා විමුක්ති පෙරමුණ විසින් 1989දී මනුෂ්‍ය ඝාතන සිදුකළ බව ඔවුන් පිළිගන්නවා සහ ඒක ඔවුන්ට පිළි නොගෙන ඉන්න බැරි කාරණාවක්. ඒක ඇත්ත. හැබැයි ජාතික ජන බලවේගයේ දැන් ඉන්න මන්ත්‍රීවරු, දැන් ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ විට එදා ජීවතුන් අතර හිටියා වුණත්, ඔවුන් ඉතා කුඩා අවදියේ ඉන්න ඇත්තේ. ඔවුන් මේ මනුෂ්‍ය ඝාතනවලට සක්‍රීයව සහභාගි වෙන්න නැතුව ඇති කියලා අපි හිතනවා. මොකද මේ සිදුවීම සිදුවෙන්නේ 1989දී. අද වෙනකොට නලින් හේවගේලාත්, අනුර කුමාර දිසානායකලාත් මැදි විය ඉක්මවා හිටියට එදා ඔවුන් කුඩා දරුවන්ව ඉන්න ඇති. ඔවුන් ඒ මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ වෙලා නැතුව ඇති. එහෙම සම්බන්ධ වෙලා තියෙනවා නම් තැන් තැන්වල කෑකෝගහලා වැඩක් නෑ. ඒ සම්බන්ධව නීතිමය පියවර ගැනීමයි සිදුවිය යුත්තේ. නමුත් තාමත් එහෙම නීතිමය පියවර ගැනීමක් හෝ නම්කළ හැකි මනුෂ්‍ය ඝාතකයන් හඳුනාගෙන හෝ නැති නිසා ඒ ගැන තර්ක විතර්ක ඉදිරිපත් කරන්න හැකියාවක් නෑ. නමුත් ප්‍රශ්නය තියෙන්නේ නලින් හේවගේට පුළුවන්ද මේ මොහොතේ සාධාරණීකරණය කරන්න මේ මනුෂ්‍ය ඝාතන? ඔවුන් බලය ලබාගැනීම සඳහා දැන් ඉන්නේ බලය ඔවුන් අතට පත්වුණු ගානට. එහෙම ඉන්නකොට කියන්න පුළුවන්ද ‘ඔවු අපි කසිප්පුකාරයෝ වගේ වැරැදිකාරයෝ මැරුවා තමයි. ඔයාගේ තාත්තත් එහෙම කෙනෙක් වෙන්න ඇති’ වගේ කතාවක් වගකිව යුතු පක්ෂයක වගකිව යුතු පුද්ගලයෙක්ට?

අපි ජාතික ජන බලවේගය ගැන විශ්වාස කරන්නේ මීට වඩා ඉතාම ප්‍රගතිශීලී මානුෂීය පක්ෂයක් විදියට. වැරැද්දක් වුණා තමයි, ඒ වැරැද්ද ඔවුන් හිතාමතා කළාද, නැත්නම් විප්ලවයක් අවස්ථාවේ එහෙම දේවල් සිදුවෙනවද වගේ සමහර තර්ක නිසා ඔවුන්ව වැරැදිකාරයෝ කරන්න අපි උත්සාහ කරන්නේ නෑ. ඇත්ත වශයෙන්ම කියනවා නම් ඔවුන්ව බිත්තියට හේත්තු කරන්න නෙවෙයි මිනිස්සු උත්සාහ කරන්නේ. මිනිස්සු මේ තර්කය ඉදිරිපත් කරනවා. අපි දන්නවා ඇත්තටම නොවිය යුතු බොහෝ දේ 1989 සිදුවුණා. කිසිම ජවිපෙ සාමාජිකයෙක්ට අයිතියක් නෑ එහෙම වුණා තමයි, එහෙම වෙනවා තමයි, ඒවා සාමාන්‍ය දේවල් වගේ මෝඩ තර්ක ඉදිරිපත් කරන්න. මොකද එහෙම තර්ක ඉදිරිපත් කළාම මනුෂ්‍ය ඝාතන සාධාරණීකරණය කළා වෙනවා. පාරේ මිනිස්සු කපලා කොටලා මැරුවා, කඩේ ඇරියා කියලා, වෙනත් පක්ෂෙකට ඡන්දේ දුන්නා කියලා, වෙනත් පක්ෂයක් වෙනුවෙන් රැස්වීමක් තිබ්බා කියලා තමයි මිනිස්සු මැරුවේ. එහෙම නැතුව නඩු අහලා මිනිස්සු මරන්න ජවිපෙට කවුරුවත් බලයක් දුන්නේ නෑ සහ එහෙම කරන්න අවශ්‍යතාවකුත් නෑ. මොකද වැරැදිකාරයෝ අත්අඩංගුවට ගන්න සහ දඬුවම් කරන්න ක්‍රමවේද ලංකාවේ තියෙනවා. ජවිපෙ ඊළඟට බලයට ඇවිල්ලා කරන්න හදන්නෙත් ඒ වැඩේ නම් ඒක හරි භයානකයි.
ඊළඟට අර මන්ත්‍රීවරු දෙන්නා ගැන නම් කතාකරලා වැඩක් නෑ. කොච්චර කිව්වත් ඒගොල්ලෝ අහන්නෙත් නෑ. ඒගොල්ලෝ මේක තේරුම් ගන්නේ නෑ. ඒගොල්ලෝ නිවේදකයා එක්කත් රණ්ඩු කරනවා. නිවේදකයත් බය නෑ කියනවා. මේක රණ්ඩුවක් බවට පත්වෙනවා. ගාලගෝට්ටියක් බවට පත්වෙනවා. ඇත්තටම බලු පොරයක් බවට පත්වෙනවා මේ දේශපාලන සාකච්ඡාවක්. දේශපාලනයේ තියෙන විද්‍යාත්මක කාරණා ගැන තර්ක කරන්නේ නැතුව දේශපාලනික කාරණා ගැන තර්ක කරන්නේ නැතුව දේශපාලන තර්ක ඉදිරිපත් කරන්නේ නැතුව දේශපාලකයෝ ගොන් පොරයකට පැමිණි බව තමයි අපි දැක්කේ. මෙතැනදී සමහරු උත්සාහ කරනවා නලින් හේවගේ හරි පාරිශුද්ධයි, නිර්දෝශීයි, හිනා වෙවී උත්තර දුන්නේ කියලා කියන්න. නමුත් ඔහු හිනාවුණේ රටට. රටේ මිනිස්සුන්ට. ඔහුගේ තර්ජනය ඔහු හැම වෙලාවෙම ඉන්නේ මේ මතයේ නම්, ඔහු යෝජනා කරන්නේ මේ විදියේ දෙයක් නම්, ඔහු කියනවා නම් ඔව් මේක මෙහෙම තමයි වෙන්න ඕනේ, මෙහෙම වෙන එක සාධාරණයි, මිනිස්සු මරණ එක හරි කියලා, රටක ස්ත්‍රී දූෂකයෝ හෝ කුඩුකාරයෝ හෝ වැරැදිකාරයෝ හෝ හැම වෙලාවකම නීතියේ පූර්ව නිගමනය වෙන්නේ ඔවුන් සර්ව සාධාරණ බව. ඔවුන් වැරැදි නම්, සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ යුතුයි. ඒකට අධිකරණමය ක්‍රියාදාමයක් තියෙනවා. ඒකට අගුපිල්වල, ගස් යට නඩු අහලා හරියන්නේ නෑ. ඒ නිසා නලින් හේවගේට කියන්න තියෙන්නේ කට තිබුණු පලියට කියවන්න එපා මන්ත්‍රීතුමා. පරිස්සම් කරගන්න. මොකද මේ මොහොත ඔබ ආදරේ දිනාගත්ත මොහොතක්. ඒ ආදරය ඔබ විනාශ කරගන්න එපා.

ඔබට කිසිම කෙනෙක් බලය දෙන්නේ නෑ මිනිස්සු මරන්න. හෙට ඔබේ තුවක්කුව අපේ ඔළුවට එල්ල වෙන්න ඉඩ තියෙනවා. මේකම තමයි රජයට ඇතැම් වෙලාවට එල්ල වුණු චෝදනාව. මේකම තමයි ධනපති පක්ෂවලට එල්ලවුණු චෝදනාව. මිනිස්සු මරනවා, මිනිස්සු මරන්න සුදු වෑන් එවනවා කියලා. ඒක වෙන විදියකට අපි කළා, අපි කළේ සාධාරණ විදියට, අපි මැරුවේ වැරැදිකාරයන්ව කියලා කියන්න කාටවත් අයිතියක් නෑ. ඒ වගේම දේශපාලන සාකච්ඡාවකදී විනයගරුක මිනිස්සු විදියට හැසිරෙන්නවත් දන්නේ නැති ගෝරිල්ලන්ව සමගි ජන බලවේගයේ නෙවෙයි පොදුජන පෙරමුණ නෙවෙයි ජවිපෙ නෙවෙයි මොන පක්ෂයේ වුණත් අනේ නායකයන්ට කියන්නේ බැඳලා තියාගන්න. මොකද මුන් ආවට පස්සේ දේශපාලන සාකච්ඡාවලට ඒවායේ ගොන් බෙටි දාලා, බුරලා, හපාකාලා, ඒවා කැත කරලා, වටේට චූකරලා යන්නේ. ඊට පස්සේ මැදිරිය හෝදන්න වෙනවා. ඒ වගේම අවසාන වශයෙන් කියන්න තියෙන්නේ නිවේදකයාටත් සන්නිවේදකයෙක් කියලා කියන්නේ තාක්ෂණික කාරණා ගැන කතාකරන කෙනෙක්. කලබල නොවන කෙනෙක්, රණ්ඩු නොවෙන කෙනෙක්. හිරු නාලිකාවේ ‘සලකුණ’ සමහර විට රණ්ඩු වෙන එක වෙන්න ඇති. මොකද අපි දැකලා තියෙනවා හිරු එක කරන ගොඩක් වැඩසටහන් මහා ගාලගෝට්ටි බවට පත්වෙලා, රණ්ඩු වෙලා තමයි අවසන් වෙන්නේ. එහෙම නැතුව විනයගරුකව වැඩසටහනක් ඉවර කරන්න පුළුවන් විදියට මේ වැඩසටහන් පවත්වාගෙන යන්න පුළුවන් නම් මිනිස්සුන්ට බලන්න පුළුවන් වැඩසටහනක් කළා වෙනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

උසස් පෙළ කරන දරුවන්ට හාරලක්ෂ පනස්දාහටම වෛද්‍ය උපදෙසක්! මේ දිනවල රස්නෙ වැඩියි! වතුර බෝතලයක් අරන් යන්න! කැප් එකක් දාන්න! හෙවණක ඉන්න! උණ තියෙනවානම් මාස්ක් එකක් දාගෙන යන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

ඔක්කොටම හොරු කියන වසන්තටත් චෝදනාවක්! උත්තර දෙන්න වෙයි සහෝදරයා! Sri Lanka Latest News

MORE NEWS

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

Load More
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

මෙරට තරුණ පරපුර මේ වනවිට ඉතා සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය රකුසා බිලිගනිමින් සිටී. 70 දශකයේ ‍අගභාගයේදී හෙ‍රොයින් ලෙස මෙරටට ඇතුළු වූ මත්...

Read more
එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.