• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බලය ඉල්ලන එවුන්ට ලියන වග නම්! අල්ලපන් මේ හොරකම්! Sri Lanka Latest News

May 5, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

‘2023 වසරේදීද රාජ්‍ය අංශයේ දූෂණය හා වංචාව සැලකිය යුතු ඉහළ මට්ටමක පැවැති අතර, මෙය අඛණ්ඩ ගැටලුවක් ලෙස පැවැතිණි. රේගු නිෂ්කාශනවල සිට රජයේ ප්‍රසම්පාදනය දක්වා වූ කරුණු රාශියක් සම්බන්ධයෙන් රාජ්‍ය අංශ විසින් අල්ලස් ඉල්ලීම් විශාල ප්‍රමාණයක් ගැන ජාත්‍යන්තර සමාගම් රැසක්ම කරුණු පැමිණිලි කර තිබිණි. මෙය එම ජාත්‍යන්තර සමාගම් මුහුණ දෙන්නට වූ ඉතා කනගාටුදායක තත්ත්වයකි. 2023 ජූලි මාසයේදී පාර්ලිමේන්ුව ඒකමතිකව නව දූෂණ විරෝධී පනතක් සම්මත කළේය. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ අත්‍යාවශ්‍ය ව්‍යූහාත්මක මිනුම් ලකුණක් විය. මෙම ව්‍යවස්ථානුකූල ක්‍රියාවලිය මගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) විධානය පුළුල් කරන ලද අතර, CIABOC හට අරමුදල් සපයන ආකාරය සහ වැඩි ස්වාධීනත්වයක් ලබාදීම සඳහා විමර්ශකයන් බඳවාගත හැකි ආකාරයද යන ක්‍රියාවලීන් දෙකම ක්‍රියාත්මක විය…’ (Sri Lanka Latest News)

අපගේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ දූෂණය හා වංචාව ගැන අසන්නට ලැබෙන මෙම නවතම කතාන්දරය කුමක්ද? මෙය කියා සිටින්නේ කවරකු විසින්ද? මෙයට දින කිහිපයකට ඉහතදී අපට අසන්නට ලැබුණු මෙම කතාව කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ තිබෙන ඇමෙරිකානු තානාපති කාර්යාලය මගිනි. ඇමෙරිකානු රාජ්‍ය කටයුතු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් පළකරනු ලබන ශ්‍රී ලංකාවේ 2023 මානව හිමිකම් පිළිවෙත පිළිබඳ වාර්තාව මගින් මෙම තත්ත්වය අවධාරණය කර සිටියි. සෑම වර්ෂයකටම අදාළව මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් ප්‍රකාශයට පත්කරනු ලබන මෙම වාර්තාව 2023 2023 Country Reports on Human Rights Practices : Sri Lanka යන ඉංග්‍රීසි නාමයෙන් හඳුන්වා දී ඇත. මෙවර මෙම වාර්තාව පිටු 66කින් සමන්විත අතිශයින්ම දීර්ඝ ලේඛනයකි. කෙටියෙන් කිවහොත් එය කුඩා ග්‍රන්ථයක් හා සමානය. ඉංග්‍රීසි බසින් පළකෙරෙන මෙම සුවිශේෂ වාර්තාවේ අඩංගු වන කරුණු සියල්ලක්ම ලියා තබන්නට අපට ඉඩකඩක් නැත. එහෙත් එහි අඩංගු යම් වැදගත්ම වූ කරුණු කිහිපයක් ගැන අවධානය යොමුකර සිටිමු. මෙම වාර්තාවේ පිටු 66ක් සැකසී ඇත්තේ ප්‍රධාන පරිච්ඡේද 07ක් හරහාය. එයින් රාජ්‍ය දූෂණය සහ වංචාව ගැන සඳහන් වන්නේ 04 වැනි පරිච්ඡේදයේය. එම තොරතුරු මොනවාදැයි තවදුරටත් සොයා බලමු.

‘රාජ්‍ය අංශවල දූෂණය හා වංචාව බොහෝ ඉහළම මට්ටමක තිබුණු බව පෙනෙන්නට ඇත. සමහර රාජ්‍ය නිලධාරීන් විසින් දූෂණය කිරීම සම්බන්ධයෙන් නීතියෙන් යම් අයුරකින් සාපරාධී දඬුවම් ලබාදී ඇතත් රජය විසින් එම නීතිය ඵලදායී ලෙස ක්‍රියාත්මක කළේ නැත. 2023 වසර තුළ රාජ්‍ය දූෂණ පිළිබඳ වාර්තා රාශියක් හෙළිවන්නට විය. මෙරට තුළ විවිධ ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීමට පැමිණි විවිධ විදේශීය සමාගම් රාශියක්ම රාජ්‍ය අංශ විසින් අල්ලස් ඉල්ලීම් ගැන පැමිණිලි රැසක් ලැබී තිබිණි. මෙරටට පැමිණීමේ රේගු නිෂ්කාශන කටයුතුවල සිටම එම සමාගම් තම ව්‍යාපෘති සිදුකිරීමේදී රාජ්‍ය අංශවල නිලධාරීන් අල්ලස් ඉල්ලා සිටි ආකාරය ඉතා පැහැදිලිව දක්නට හැකි විය. බොහෝ සිවිල් සමාජ කණ්ඩායම් විසින් තොරතුරු හෙළිකරන්නන්ගේ ආරක්ෂාව සහ තොරතුරු දැනගැනීමේ අයිතිය ප්‍රමාණවත් ලෙස ආරක්ෂා නොකිරීම සම්බන්ධයෙන් නීතිය විවේචනය කළ නමුත් සමස්තයක් වශයෙන් ඔවුන් නීතිය නිවැරැදි දිශාවේ පියවරක් ලෙස පිළිගත්තේය. සිවිල් සමාජයට සහ පෞද්ගලික අංශයට රටේ ආවේණික දූෂණයට විසඳුම් සෙවීමේ අවස්ථාවන් දැකගත හැකි නමුත්, රජය සහ CIABOC හට එසේ කිරීමට හැකියාවක් සහ දේශපාලනික අධිෂ්ඨානයක් නොතිබීම ගැන සැලකිලිමත් විය. දූෂණ චෝදනා එල්ලවූ රාජ්‍ය නිලධාරීන්ට දීර්ඝකාලීන සහ පුළුල්ව පැතිරුණු දණ්ඩමුක්තියක් පැවැති අතර, මූල්‍ය අපරාධ සම්බන්ධ සංකීර්ණ නඩු විමසීම සඳහා පොලිසියට සහ අධිකරණයට පුහුණුවක් නොතිබිණි. රජයට අයත් මිහින් ලංකා ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරිවරයාව සිටියදී රුපියල් මිලියන 883කට ආසන්න මුදලක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 2.7ක්) සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ලවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට පවා එරෙහිව තිබුණු චෝදනා ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය මාර්තා මාසයේදී නියෝග කළේය. ගුණවර්ධණට එරෙහිව CIABOC විසින් මෙම නඩුව පවරා තිබුණේ පසුගිය 2016 වසරේදීය. එහෙත් අවසානයේදී චෝදනා ඉවත් කෙරිණි…’

මෙලෙස ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාර්ශ්වයෙහි දූෂණය ගැන කරුණු හෙළිකරන මෙම ඇමෙරිකානු විශේෂ වාර්තාව තවදුරටත් මෙසේ ප්‍රකාශ කරයි.

‘ප්‍රමිතියෙන් තොර ඖෂධ හේතුවෙන් රජයේ රෝහල්වල සිදුවුණු බහු මරණ සහ වෙනත් මාරාන්තික ආබාධ වාර්තා වීමෙන් පසුව අර්බුදකාරී තත්ත්වයක් ඇතිවිය. එසේම එම වසර තුළදී රජයේ රෝහල් සඳහා ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණ වංචාවන් පිළිබඳ සැලකිය යුතු අවධානයක් යොමුවිය. CIABOC වාර්තා කළේ ජනවාරි සිට ජූලි දක්වා දූෂණය පිළිබඳ පැමිණිලි 1,749ක් ලැබී ඇති බවයි. මෙම කාලපරිච්ඡේදය තූළ CIABOC විසින් දූෂණ නඩු 42ක් ගොනුකරන ලද අතර, දූෂණ සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් 08 දෙනකු වරදකරුවන් කරන ලදී…’
මේ ආකාරයට මෙරට රාජ්‍ය අංශයේ දූෂණ අක්‍රමිකතා ගැන එම වාර්තාව කරුණු සඳහන් කර තිබිණි. මෙම වාර්තාව මගින් මෙරට මානව හිමිකම් ක්ෂේත්‍රයේ 2023 වසරට අදාළව තවත් බොහෝ කරුණුද විග්‍රහ කෙරී තිබිණි. මෙම සුවිශේෂ වාර්තාවේ දෙවැනි පරිච්ඡේදය (වගන්තිය) යටතට දක්වා තිබුණේ ‘සිවිල් නිදහසට ගරු කිරීම’ යන විෂයයි. එය ඉතා පුළුල් විෂයක් ලෙස කොටස් කිහිපයක් යටතේ විග්‍රහ කර තිබිණි. එම මාතෘකාවන් මෙසේය.

★ මාධ්‍ය සහ අනෙකුත් මාධ්‍ය සාමාජිකයන් ඇතුළුව ප්‍රකාශනයේ නිදහස – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මාධ්‍ය හා අනෙකුත් මාධ්‍ය සාමාජිකයන් ඇතුළුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලබාදී ඇතත්, රජය සමහර විට මෙම අයිතිය සීමා කළේය.

★ ප්‍රකාශනයේ නිදහස සහ ප්‍රචණ්ඩත්වය හා හිරිහැර – සංවේදී මාතෘකා ආවරණය කරන මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම් සහ බියගැන්වීම් පිළිබඳ වාර්තා විය. එවැනි සිදුවීම් කිහිපයක්ම විය.

★ අන්තර්ජාල (ඔන්ලයින්) මාධ්‍ය ඇතුලුව පුවත්පත් සහ අනෙකුත් මාධ්‍ය සාමාජිකයන් සඳහා වාරණය හෝ අන්තර්ගත සීමා කිරීම් පැනවීම – සුදුසු නෛතික අධිකාරියකින් තොරව රජය විසින් පුද්ගලික අන්තර්ජාල සන්නිවේදනයන් නිරීක්ෂණය කළ බවට විශ්වාසදායක වාර්තා තිබෙයි.

★ සාමකාමී එක්රැස්වීම් සහ සංගමයේ නිදහස – රජය විසින් සාමකාමීව රැස්වීමේ සහ ඇසුරු කිරීමේ නිදහස සීමා කළේය.

★ දේශපාලන ක්‍රියාවලියට සහභාගි වීමේ නිදහස – රහස් ඡන්දයෙන් සහ සර්වජන හා සමාන ඡන්ද බලය මත පදනම් වූ නිදහස් හා සාධාරණ කාලාන්තර මැතිවරණවලදී තම රජය තෝරාගැනීමේ හැකියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට ලබාදී ඇත. එහෙත් පළාත් පාලන මැතිවරණ්‍ය රජය විසින් මූල්‍ය ප්‍රතිපාදන නොමැති යැයි පවසමින් කිහිප වරක්ම කල්දැමුවේය. විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් මෙම තත්ත්වය තදබල ලෙස විවේචනය කළේය.

★ ජාතික ආරක්ෂාව – රජය විවේචනය කරන්නන් අත්අඩංගුවට ගැනීමට සහ දඬුවම් කිරීමට සහ රජයේ ප්‍රතිපත්ති හෝ නිලධාරීන්ගේ විවේචන වැළැක්වීමට බලධාරීන් විසින් PTA, ICCPR පනත් සහ දණ්ඩ නීති සංග්‍රහය දිගටම උපුටා දක්වන ලදී.

මෙලෙස 2023 ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවෙන් එහි දහවැනි පරිච්ඡේදය (වගන්තිය) යටතේ සිවිල් නිදහසට ගරු කිරීමට අදාළව බොහෝ දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කර ඇත. ඉහත ඔබට ලියා තැබුවේ එම නිගමනයන් සහ නීර්ණයන්ය. මෙම විෂය යටතේ තවත් විවිධ සිද්ධීන්ද විස්තර කර ඇතත් ඒ සියල්ලක් ලියන්නට ඉඩක් නැත. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළව මෙම ඇමෙරිකානු වාර්තාව බොහෝ අවධානයකින් යුතුව කටයුතු කර තිබීම ප්‍රශංසනීය මෙහෙවරකි.

2023 මෙම සුවිශේෂ ඇමෙරිකානු වාර්තාවේ විධායක සාරාංශය මගින් සාකච්ඡා වී ඇති විෂයයන් ගැන මෙසේ අවධාරණය කරයි.

‘අත්තනෝමතික හෝ නීති විරෝධී ඝාතන, රජය විසින් වධ හිංසා පැමිණවීම හෝ කුරිරු, අමානුෂික හෝ අවමන්සහගත සැලකීම් හෝ දඬුවම්, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ බරපතළ ගැටලු, වෙනත් රටක පුද්ගලයන්ට එරෙහිව අන්තර්ජාතික මර්දනය, නීති විරෝධී ලෙස පෞද්ගලිකත්වයට මැදිහත් වීම්, මාධ්‍ය නිදහස පිළිබඳ බරපතළ සීමාකිරීම්, මාධ්‍යවේදීන් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීම්, නිදහස් හා සාධාරණ මැතිවරණයක් හරහා සාමකාමීව තම රජය වෙනස් කිරීමට පුරවැසියන්ට ඇති නොහැකියාව, බරපතළ රජයේ දූෂණ, දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලට හිරිහැර කිරීම හෝ හිරිහැර කිරීම සඳහා බලපාන රජයේ සීමාකිරීම්, පුළුල් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය, දේශපාලනිකව අභිප්‍රේරණය කරන ලද ඝාතන, හින්දු මුස්ලිම්, ක්‍රිස්තියානි සහ දෙමළ ජනතාව ඉලක්ක කරගත් ප්‍රචණ්ඩත්වය සම්බන්ධ අපරාධ යන විෂයයන් රැසකින් මෙම සුවිශේෂ වාර්තාව සඳහන් වෙයි….’

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ප්‍රමිතිය ගැන ලොකු ප්‍රශ්නයක්! තාමත් හදාගෙන යන මධ්‍යම අධිවේගී මගේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් දෙකට මැදින් කඩන් වැටෙයි! I Sri Lanka Latest News

Next Post

නාගයන් උමගින් ගිය උමංගල ඕවාගිරි රජමහා විහාරය! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.