• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

May 4, 2024
in Exclusive, Politics
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජනාධිපති අපේක්ෂක සෙනෙට් සභික ජෝන් එෆ්. කෙනඩි
‘මේ අපූරු කතාන්දරය අපට ඇසෙන්නට ලැබුණේ මෙයට හරියටම වසර 100කට පෙරදී 1860දී. අද 1960දී තමයි අප මේ විවාදය පවත්වන්නේ. මෙසේ වසර සියයක් ගතවූ තැනදී එදා ඇමෙරිකාවේ ජනාධිපතිව සිටි ඒබ්‍රහම් ලින්කන් මහතා සුවිශේෂ කතාවක් කියා තිබෙනවා. ඔහු ඉදිරිපත් කර ඇති ප්‍රශ්නය වන්නේ අපගේ ජාතියට අඩක් වහලෙකු ලෙස හෝ අඩක් ජීවිතය නිදහස්ව හෝ පැවැතිය හැකිද යන්නයි. එදා ඔහු නැගූ ප්‍රශ්නය අද 1960දීත් මා විසින් නගා සිටිනවා. මා අසන්නේ අප ගමන් කරන්නේ අඩ වහල් දිශාවටද, එසේත් නැතිනම් නිදහසේ දිශාවටද යන්නයි. එසේත් නැතිනම් දිගින් දිගටම අඩ වහල් දිශාවටම ගමන් කරන්නේද යන්නයි. මම හිතන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේදී අප කරන දේ සහ අප ගොඩනගන සමාජයක් මත මෙම ශක්තිය ගොඩනැගෙන බවයි. එක්සත් ජනපදයේ අප ගොඩනගන ආකාරයේ ශක්තියකින් අපගේ නිදහස ආරක්ෂා වනු ඇතිය…’ (Sri Lanka Latest News)

ජනාධිපති අපේක්ෂක, වත්මන් උපජනාධිපති රිචඩ් නික්සන්
‘මගේ අදහස කිසිම රටක ජනාධිපතිවරයෙක් කවදාවත් වෙනත් කිසිවකුටත් ප්‍රධාන තීරණ ගන්නට ඉඩ නොතැබිය යුතු අතර, එම තීරණ ගනු ලබන්නේ ජනාධිපතිවරයා විසින්ම පමණක් බවත්ය. ඔහුගේ උපදේශකයන් කරන්නේ ඔහු ඉල්ලන විට උපදෙස් ලබාදීම පමණයි. කුමන අත්දැකීමක් වැදගත්ද යන්න සහ එය වැදගත් වන අත්දැකීමක්ද යන්න මට පැවැසීමට අවශ්‍ය නොවේ. මම කියන්නේ මගේ අත්දැකීම් ගැන ජනතාවට සලකා බලන්න කියලා. සෙනෙට් සභික කෙනඩිටත් ඒ දේ ජනතාවට කියන්න පුළුවන්. මගේ අත්දැකීම් එයාට වඩා බොහෝ වෙනස්. අප ගැන තක්සේරු කිරීමට දැන් ජනතාවට අවස්ථාව ලැබී තිබෙනවා. ඔහුත්, මමත් ජනතාව තීරණය කරන ඕනෑම දෙයක් පිළිගන්නවා. ජනතාවට අප විසින් සිදුකළ යුතු මෙහෙවර රාශියක් තිබෙනවා. කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ, සුබසාධන ක්ෂේත්‍රයේ මා සතුව ඇති විකල්ප යෝජනා බොහොමයක්ම තිබෙනවා. ඒවා අද දින දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා මම ඉදිරිපත් කරන අදහස් යෝජනා සේම ජෝන් එෆ්. කෙනඩි මහතාගේ අදහස්, මතිමතාන්තර ගැනත් ජනතාව උනන්දුවෙන් බලා සිටීවි….’

කුමක්ද මෙම අපූරු දෙබස් වහරකින් පටන්ගන්නා ලද කතාන්දරය? එය එම කතාවේ ආරම්භය පමණි. මෙය පිටු ගණනාවක් පුරා දිවෙන දීර්ඝ වගතුගකි. එහෙත් ඒ සියල්ලක්ම ලියා තබන්නට මෙහි ඉඩකඩක් නැත. මෙම සුවිශේෂ කතාව අපට අසන්නට ලැබෙන්නේ මෙයට හරියටම වසර 64ක් වන අතීතයකිනි. එනම් 1960 වසරේ සැප්තැම්බර් 26 වැනිදාය ඇමෙරිකාවේ වොෂින්ටන් නගරයේ පැවැති එක්තරා සුවිශේෂ සිදුවීමක් මෙසේ ලෝක ඉතිහාසයට එක්විය. එය නම් දැනට ලෝක ඉතිහාසයෙන් වාර්තා වන ප්‍රථම ජනාධිපතිවරණ අපේක්ෂක නිල විවාදයයි. මෙයට පෙරද 1948 වසරේදී එවැනි විවාදයක් පැවැති බව සඳහන් වුවත් එය නාලිකාවන් හරහා විකාශය සිදු කෙරුණු නිල විවාදයක් නොවීය. එහෙත් 1960දී මෙසේ සිදුකෙරුණු විවාදය ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍යවලින් ලොව පුරා විකාශය කෙරුණු අතර, එම භාරදූර මෙහෙවර ඉටුකළේ ඇමෙරිකාවේ එන්.බී.සී. මාධ්‍ය ආයතනය විසිනි. එකලද මෙම ආන්දෝලනාත්මක විවාදය රූපවාහිනී ප්‍රේක්ෂකයන් මිලියන 70ක් ලොව පුරා නරඹා තිබිණි. එකල මෙම සුවිශේෂ විවාදය සඳහා සහභාගි වූයේ 1960 වසරේදී එවක අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටි ප්‍රධානතම අපේක්ෂකයන් දෙදෙනාය. ඔවුන් දෙදෙනා නම් එවක ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරය දැරූ ප්‍රවීණ දේශපාලනඥයකු වූ රිචඩ් නික්සන් මහතාය. ඔහුගේ ප්‍රතිවාදියා වූයේ එවක සෙනට් සභික ධුරයක් දැරූ තරුණ වියේ පසුවූ ජෝන් එෆ්. කෙනඩි මහතාය. රිචඩ් නික්සන් මහතා රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කළ අතර, ජෝන් එෆ්. කෙනඩි මහතා ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කළේය.

මෙම සුවිසල් විවාදය සිදුවූයේ සිව්දෙනකුගෙන් යුත් දේශපාලන විශ්ලේෂක මණ්ඩලයක් ඉදිරියේය. මෙයින් එක් අයකු සභාවට ප්‍රශ්න නගා සිටින මැදිහත්කරුවාය. එසේම මණ්ඩලයේ අනෙක් තිදෙනාද අවශ්‍ය අයුරින් ප්‍රශ්න අසමින් සහ මැදිහත් වෙමින් සභාව මෙහෙයවයි. මෙහිදී ප්‍රධාන විවාදකරුවන් දෙදෙනා සභාවේ සිටගෙන සිටිමින් මුහුණට මුහුණ සජීවී අයුරින් විවාදයට සහභාගි වෙති. මෙම ඓතිහාසික විවාදයේ චිත්‍රපට, වීඩියෝ සහ ඡායාරූප දසුන් අදටත් ඉතා පැහැදිලි අයුරින් දක්නට හැකි අතර, ඒවා එකල රූගත කෙරී ඇත්තේ කළු-සුදු ඡායාරූප මාධ්‍යයෙනි. මෙම ජනාධිපතිවරණ අපේක්ෂක විවාද සම්බන්ධයෙන් ලෝකයෙන් අසන්නට ලැබෙන්නේ ඉතා රසවත් අතීතයකි. එනම් එකල සිට මෙම සමය දක්වාම මෙවැනි විවාදයන් ඉතා පුළුල් මට්ටමින් පැවැත්වීමට කටයුතු කරන ප්‍රධානතම රට වශයෙන් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. එසේම ඉහත කරුණු ප්‍රකාශ කළ ආකාරයට මෙයට වසර 63කට ප්‍රථම එය නිවැරැදි සහ පුළුල් ආකාරයෙන් ආරම්භ කරන ලද එකම රට වන්නේද ඇමෙරිකාවය. මේ කාලය වන විට ලෝකයේ තවත් බටහිර රටවල් කීපයක්ම මෙවැනි සජීවී විවාදයන් පැවැත්වුවද එම සිදුවීම්වලට ඇමෙරිකාවට තරම් ඉතිහාසයක් හෝ පිළිගැනීමක්ද නැත. ඇමෙරිකාව යනු ලෝකයේ සිටින අංක එකේ මහා බලවතාය. එහෙයින් එරටට නව ජනාධිපතිවරයකු තේරී පත්වීම යනු මුළුමහත් ලෝකයම බලා සිටින සුවිශේෂ කරුණකි. එසේම ඇමෙරිකාව යනු ප්‍රජාතන්ත්‍රවාදය බොහෝ ඉහළින් අගය කරන රටක් වශයෙන්ද ප්‍රකටය.

මෙම ජනාධිපතිවරණ අපේක්ෂක සජීවී විවාදයන් ගැන ඇමෙරිකාව තුළින් හෙළිවන තවත් විශේෂිත කරුණක් ඇත. එනම් මෙවැනි විවාදයන් එරට තුළ පවත්වන්නේ ජනතාවට ඒවා දකිමින් සහ අසමින් රස විඳීමට නොවේ. ඇමෙරිකානු ජනාධිපතිවරණයට අදාළව මෙවැනි විවාදයන් අත්‍යාවශ්‍ය ක්‍රියාපටිපාටියක් ලෙසට හෝ අනිවාර්ය ක්‍රියාපටිපාටියක් ලෙසට හෝ කරුණු ප්‍රකාශ කර ඇත. එසේම එය චාරිත්‍රානුකූල ක්‍රියාපටිපාටියක් ලෙසටද හඳුන්වාදී ඇත. එහෙත් මෙම ක්‍රියාවලිය ඇමෙරිකාවේ ව්‍යවස්ථාව මගින් අනිවාර්ය කර ඇති කටයුත්තක් නොවේ. එහෙත් ඉහත පැවැසුවාක් මෙන් එය ඇමෙරිකානු දේශපාලනය තුළ සිදුකෙරෙන කැපීපෙනෙන මානුෂික මෙහෙවරකි. මේ මගින් තමන්ගේ රටෙහි ඉදිරි නව ජනාධිපතිවරයා කවරෙක්දැයි නිසි ලෙස අවබෝධ කරගැනීමට පොදු ජනතාවට ඉඩ සැලසෙනු ඇත. එසේම මෙම විවාදයන් මගින් ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ජීවිතයන්ද උඩුයටිකුරු කරනු ලබයි. 1960 වසරේදී ලොව ප්‍රථම වතාවට පැවැති එම සජීවී විවාදයේදී එවක ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරය හෙබවූ රිචඩ් නික්සන් පරිණත, වැඩිමහල් දේශපාලනඥයකු විය. එහෙත් ඔහුගේ ප්‍රතිවාදියා වූ ජෝන් එෆ්. කෙනඩි එතරම් විශාල දේශපාලන අත්දැකීමක් නැති තරුණ සෙනට් සභිකයකු පමණක් විය. එහෙත් ඉතිහාසගත කරුණුවලට අනුව මෙම තරුණ දේශපාලනඥයා විසින් විවාදයේදී පරිණත දේශපාලකයා වෙත ඉදිරිපත් කර ඇති තර්ක විතර්ක බොහෝ උසස් මට්ටමකින් පැවැතී ඇති අතර, පරිණත දේශපාලකයාට එම තත්ත්වයන්ට මුහුණ දීමට අපහසු වූ බවට කරුණු වාර්තා වෙයි. මෙවැනි තත්ත්වයක් යටතේදී ජෝන් එෆ් කෙනඩි ඇමෙරිකානු ජනතාවගේ ආකර්ෂණය දිනාගත් අතර, 1960 ජනාධිපතිවරණය ඉතා විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරමින් අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙසට තේරී පත්විය.

මේ ආකාරයට කරුණු සොයා බලන විටදී මෙවැනි ජනාධිපතිවරණ විවාදයන් අප සිතනවාටත් වඩා ප්‍රබල භූමිකාවක් ඉටුකරයි. එලෙස වසර 63කට පෙර ආරම්භ කරන ලද ඇමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක විවාද අද මේ කියන සමය දක්වාම නොකඩවා සෑම ජනාධිපතිවරණයක් ආශ්‍රිතවම පැවැත්වෙයි. එනම් එය දීර්ඝ ඉතිහාසයක් ඇති වෘතාන්තයක් ලෙස අපට එක හෙළාම සැලකිය හැකිය. එසේම ලොවට යම් ආදර්ශයක් ලබාදෙන ක්‍රියාවලියක් ලෙසටද සැලකිය හැකිය. ජනාධිපතිවරණ විවාදයන් ගැන ලොවට පෙර ගමන් තැබූ ඇමෙරිකාවේ 60 වැනි ජනාධිපතිවරණය මෙම 2024 වසරේ නොවැම්බර් 05 වැනිදා ඇරැඹෙයි. මෙම නවතම මැතිවරණය සඳහා මෙවර තරග කරනු ලබන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන්නේ වත්මන් ජනාධිති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. 2024 ජනාධිපතිවරණයට අදාළව මෙම අපේක්ෂකයන් දෙදෙනා අතර ඉදිරියේදී සජීවී විවාදයන් දෙකක් පැවැත්වීමට නියමිතය. මෙම විවාදයන් ලොව මහත් සේ ආන්දෝලනයට පත්කරුණු ඇතැයි විශ්වාස කෙරෙයි.

ජනාධිපතිවරණ විවාදවල ලෝක ඉතිහාසය කතාව දැන් ඔබට හොඳින්ම පැහැදිලි වනු ඇතිය. දැන් එසේ නම් මෙම කතාවේ හැරවුම් ලක්ෂ්‍යයට එන්නේ මෙතැනදීය. එය කුමක්ද? මේ දිනවල ශ්‍රී ලංකාව තුළින්ද යම් දේශපාලනික විවාදයක තොරතුරු ඇසෙයි. එය නම් මෙවර 2024 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත ප්‍රධානතම අපේක්ෂකයන් දෙදෙනකු වන වත්මන් විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්වීමට නියමිත සජීවී සංවාදයක පුවතයි. ශ්‍රී ලංකාවේ මෙතෙක් කිසිදු ප්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයන් දෙදෙනකු අතරෙහි කිසිදු විවාදයක් පැවැත්වී නැත. එහෙයින් මෙවැන්නක් පැවැත්වෙන්නේ නම් එය ආන්දෝලනාත්මක සිදුවීමකි. මේ විවාදය ස්ථිර වශයෙන්ම පැවැත්වෙන්නේ දැයි මෙතෙක් තීරණය කර නොමැති අතර, ඒ සඳහා යම් බාලගිරි දෝෂයක්ද බලපා ඇති බව පෙනීයයි. එසේ වුවද එය අනිවාර්යයෙන්ම පැවැත්වෙනු ඇති බවට පාර්ශ්ව ගණනාවක් විශ්වාසය පළකර ඇත. එසේ නම් එය ‘ගිනි රේඛාවක්’ වනු ඇතිය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ලොහානුත් පොහොට්ටුවෙන් ගැලවෙයි! රනිල්ට සහාය දෙන බව ප්‍රසිද්ධියේ කියයි!  I Sri Lanka Latest News

Next Post

මහා බාර් දන්සල! කෝටි 60ක සල්ලි එක්ක දැන් පෙන්වනවා! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අද කාලයේ ගොඩක්දෙනා AI යුගයේ විශ්වකර්මයන් ගැන බොහොසේන් කතබහ කරනවා. මීට අවුරුදු 250කටත් කලින්, කිසිම ආකාරයකින් විදුලිය නැතිව ලියන්න පුළුවන්...

Read more
යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.