• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහා හොරකමක් මුදල් කමිටුවේදී එළියට එයි! විදෙස් ශ්‍රමිකයන්ට මිලියන 12ක් දක්වා වටිනා වාහන ගෙන්වන්න දීපු චාන්ස් එකෙන් මිලියන 100ක් වටින වාහනත් ගෙන්වලා! වංචාව පිටිපස්සේ ඉන්න ප්‍රබලයන් කව්ද? කම්කරු අමාත්‍යංශය තොරතුරු දෙන්න බෑ කියයි! හර්ෂ කාලය දික්කිරීමේ ගැසට් එක දීර්ඝ නොකරයි! වාහන ගෙනා අයගේ වාර්තාවක් සති 2ක් ඇතුළත ඉල්ලයි! I Sri Lanka Latest News

May 1, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ජනාධිපති කාර්යාලයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා අධි ආරක්ෂිත රථ 13ක් ඇතුළු වාහන 28ක් රක්ෂණය කර නැති බව හෙළිවෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනාක්‍රමයේ කිසිදු විනිවිදභාවයක් නැති බැවින් ද ඒ සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බව පෙනී යන බැවින් ද මුදල් අමාත්‍යාංශය, මහබැංකුව, ශ්‍රී ලංකා රේගුව සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය යන සියලු ආයතන ඒකාබද්ධව මේ පිළිබඳව පූර්ණ විශ්ලේෂණයක් සිදුකොට සති දෙකක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අදාළ නිලධාරීන්ට පසුගියදා උපදෙස් දුන්නේය. Sri Lanka Latest News

එසේම මෙම විශ්ලේෂණය ලැබෙන තුරු බලපත්‍ර ලබාදීමේ කාලය දීර්ඝ කරන අදාළ ගැසට්පත්‍රයට අනුමැතිය ලබා දීමට හැකියාවක් නොමැති බවද කාරක සභා සභාපතිවරයා පැවසීය.

මේ අනුව මෙම ක්‍රමවේදය හරහා බලාපොරොත්තු වූ අරමුණ වන විදේශ ප්‍රේෂණ සැලකිය යුතු මට්ටමෙන් ලැබී තිබේද, නොඑසේනම් යම් යම් පුද්ගලයන් කිහිපදෙනෙකු මෙම පහසුකම අවභාවිත කර තිබේද යන්න සොයා බලා මෙම විශ්ලේෂණාත්මක වාර්තාව සකස් කරන ලෙස ද දැනුම් දුන්නේය.

විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනාක්‍රමයේ කාලය 2024 සැප්තැම්බර් 30 දක්වා දිගු කිරීම සදහා පළ කරන ලද අංක 2368/24 දරන ගැසට්පත්‍රය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා වූ අවස්ථාවේදී කාරක සභා සභාපතිවරයා මේ බව පැවසීය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනාක්‍රමය ක්‍රියාත්මක වූ අතර ඇ.ඩො 20000 ක් හෝ ඊට වැඩි මුදල් ප්‍රමාණයක් මෙරටට ප්‍රේෂණය කර ඇති ශ්‍රමිකයන්ට රු. මිලියන 12 දක්වා සුඛෝපභොගී මෝටර් රථ බදු සහනය ලබා දී ඇත. 2023 පෙබරවාරි 10 ගැසට් පත්‍රයෙන් මුල් වරට ක්‍රියාත්මක වූ මෙම යෝජනා ක්‍රමයේ කාලය 2023 මැයි 31දින නිකුත් කළ ගැසට් පත්‍රය මගින් දිගු කිරීමක් සිදු කර ඇති අතර නැවත 2024.01.24 ගැසට් පත්‍රය මගින් තවදුරටත් දිගු කර ඇත.

මෙම ක්‍රියාවලිය ආරම්භයේ සිට වාහන ගෙන්වන ලද පුද්ගලයන් ඇතුළු අදාළ සියලු තොරතුරු ලබා දෙන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයෙන් මුදල් අමාත්‍යාංශය ඉල්ලීමක් සිදුකර තිබුණද රහස්‍ය හා පෞද්ගලික තොරතුරු ලබාදීම පිළිබඳව නීතිපතිවරයාගෙන් විමසිය යුතු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය දන්වා ඇති බව ද කාරක සභා සභාපතිවරයා සදහන් කළේය. කෙසේ වෙතත් ඒ අනුව මෙහි කිසිදු විනිවිදභාවයක් හෝ නිසි නියාමනයක් නොමැති බව මෙහිදී කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.

මෙම තත්ත්වය තුළ මේ හරහා විවිධ අක්‍රමිකතා සිදුවන බවට චෝදනා රැසක් කාරක සභාවට වාර්තා වී ඇති බව සදහන් කළ සභාපතිවරයා පැවසුවේ මෙම බදු සහනය මගින් රු. මිලියන 100 සිට වාහන ගෙන්වා ඇති බවයි. මේ වන විට බලපත්‍ර 1019 ක් ලබා දී ඇති බවත් ඇ.ඩො මිලියන 109.8ක් මේ හරහා ප්‍රේෂණ ලැබී ඇති බවත් මෙහිදී අනාවරණය විය. එසේම මෙතෙක් ලබාදී ඇති බලපත්‍රවල වටිනාකම ඩො. මිලියන 46ක් බව ද නිලධාරීහු පැවසූහ.

මෙම ප්‍රේෂණ මුදල් එකවර ගිණුමට එක්වුවද විදෙස් ශ්‍රමිකයෙක් මෙම පහසුකම සදහා සුදුසුකම් ලැබීම තුළ මේ හරහා අක්‍රමිකතා සිදුවිය හැකි බවත් මෙම ක්‍රමය හරහා විවිධ ජාවාරම්කරුවන්ට මුදල් විශුද්ධිකරණය සදහා ද අවකාශය සැලසෙන බවත් කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය. එසේම බොහෝ සාමාන්‍ය රැකියාවල් කරන ශ්‍රමිකයන් මෙතරම් වටිනාකමක් සහිත වාහන ගෙන්වා ඇත්දැයි සැකයක් මතුවන බවත් කාරක සභාවේදී සාකච්ඡා විය. එසේම වාහන ආනයනය තහනම් කර ඇති පසුබිමක දැනට වාහන ආනයනය සදහා පවතින එකම අවස්ථාව මෙය බැවින් අක්‍රමිකතා සිදුවීමට ඉඩ නොතැබිය යුතු බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

එසේම මෙම ක්‍රියාවලියේ පහසුකම් සපයන්නා (Facilitator) නමින් පිරිසක් සිටින බවත් ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් ලබා දී නැති බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය. මේ අනුව එම තොරතුරු ද කඩිනමින් ලබා දෙන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයට උපදෙස් ලබා දෙන ලදී. ඒ අනුව එකී සියලු තොරතුරු ඉදිරියේදී සලකා බලා මෙම ගැසට් පත්‍රයට අනුමැතිය ලබාදීම පිළිබඳ තීරණයක් ගැනීමට සිදුවන බව කාරක සභා සභාපතිවරයා සඳහන් කළේය.

මීට අමතරව විදේශ විනිමය පනත යටතේ අංක 2371/48, 2371/49 සහ 2371/50 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති නියෝග ත්‍රිත්වයක්, 2003 අංක 25 දරන මුදල් පනත යටතේ අංක 2369/27 සහ 2374/19 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති නියෝග ද මෙහිදී සළකා බලා අනුමැතිය ලබා දීම සිදුවිය.

SendShareShare
Previous Post

‘සියලු දෙනාගේ දැනගැනීම පිණිසයි!’ ආණ්ඩුවේ ඇමැතිවරු පාර්ලිමේන්තුවේ කරපු ලොකු චෝදනාවකට කාදිනල් හිමියෝ එළිපිට උත්තර දෙයි! පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය සහ සාධාරණය ඉෂ්ට නොකළ පක්‍ෂවලට ඡන්දය දෙන්න එපා! වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ සජබ-මාලිමාව විතරයි! I Sri Lanka Latest News

Next Post

රනිල් එක්ක ගිහින් දිනන්න බෑ! හොරකම් කරපු අයත් එක්ක ගිහින් සිස්ටම් චේන්ජ් කරන්න පුළුවන්ද? අපේ කිසිකෙනෙක් රනිල් එක්ක යන්නේ නෑ! සජබ මහලේකම් මද්දුමබණ්ඩාරගෙන් විශේෂ ප්‍රකාශයක්! මම බාර් ලයිසන් එකක් ගත්තා කියපු හාමුදුරුවන්ට එරෙහිව නඩු දානවා! උන්වහන්සේ දැන් වැඩ කරන්නේ ජවිපෙට! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.