ලබන ජුනි 02 දිනට පසු රටේ ව්‍යවස්ථා අර්බූදයක් නිර්මාණය වනු ඇති බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අවධාරණය කරයි.
එහි ජාතික සංවිධායක සජින් ද වාස් ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා පළමුව නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ජුනි 02 දින වනවිට නව පාර්ලිමේන්තුව රැස්විය යුතු බවත්, එසේ නොවන තත්ත්වයක් යටතේ ජුනි 02 සිට මැතිවරණය පැවැත්වෙන ජුනි 20 දක්වා කාලය තුළ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලෙයේ පිළිගැනීම නීත්‍යානුකූලද යන්නත්ය.
එමෙන්ම මැතිවරණ කොමිසම නිකුත් කළ නව ගැසට් පත්‍රයත් සමග ජනාධිපතිවරයා නිකුත් කළ පළමු ගැසට් පත්‍රයේ නෛතික තත්ත්වය කෙබදුද යන්න පිළිබදව ගැටලුවක් මතුවන බවද හෙතෙම පෙන්වා දී තිබේ.











