පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ ආබාධිත තත්ත්වයට පත්වූවන් සිහිකරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (21) දින සිය නිල නිවෙසේදී පහනක් දැල්වීමට පියවර ගෙන තිබිණ.
ඊට අගමැති බිරිය වූ ශිරන්ති රජපක්ෂ මහත්මියද එක්ව සිටියාය.
ඊයේ දින විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් අගමැතිවරයා කියා සිටියේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් සියලුම දෙනා පහනක් දල්වා පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පිරිස් සිහි කිරීමට කටයුතු කළ යුතු බවකි.











