ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ, ධම්මික පෙරේරා මහතාගේ “පොහොසත් ගමක් – පොහොසත් රටක්” සංකල්පය අනුව දිළිඳුකම අවසන් කිරීමේ විසඳුම වශයෙන් ගම පොහොසත් කිරීමේ වැඩසටහන පළමු වරට ප්‍රායෝගිකව එළිදැක්වීම 2024, අප්‍රේල් 17 වන දින මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෑගම, ශ්‍රී සද්ධර්මාලංකාර විද්‍යායතනය කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරිණි.Sri Lanka Latest News
ධම්මික පෙරේරා මහතා විසින් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක පාදක කරගනිමින් සකස් කර ඇති පොහොසත් ගමක් – පොහොසත් රටක් සංකල්පය අනුව ගම පොහොසත් කිරීම සඳහා වන පියවර 18ක් මෙහිදී ක්‍රියාත්මක කෙරේ. එහිදි,
ප්‍රජා මුළුතැන්ගෙය
ඩීපී එඩියුකේෂන් පෙර පාසල
පාසල් අධ්‍යාපනය
පිරිවෙන්
භාෂා
ක්‍රීඩා
අයි.ටී. කැම්පස්
සෞඛ්‍ය අධ්‍යාපනය
ඩීපී සිලිකන් වැලී අයිටී ඔෆිස්
Free wifi කලාපය
තරුණ නායකත්ව සමාජය
සූර්ය කෝෂ බලශක්ති පද්ධතිය
ස්ථිර බෝග (දොඩම්)
අතිරේක බෝග
ආවේණික ශාක ගමේ පොදු ස්ථාන වල වගා කිරීම
වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
යන ආදිය විය.
ඊට අමතරව අස්වැන්නෙන් පොහොසත් රටක් බිහි කිරීමට අවශ්‍යය ගෙවතු වගාවත්, ආර්ථික සංවර්ධනයෙන් පොහොසත් රටක් බිහි කිරීමට එක් ගමකට එක් නිශ්පාදනයක් යන වැඩසටහන්ද ක්‍රියාත්මක කෙරේ.
ගම පොහොසත් කිරීම සම්බන්ධයෙන් මෙවැනි සංයුක්ත වැඩසටහනක් මේ ආකාරයෙන් ප්‍රායෝගිකව එළිදැක්වෙන්නේ ලෝකයේ පළමු අවස්ථාවට ය.









