අද පෙරවරුවේ රැස්වී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් සිය පක්ෂයේ වැඩ බලන සභාපති ධූරය සදහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කොට ගෙන ඇත.Sri Lanka Latest News
මෙම යෝජනාව ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා විසින් සිදු කොට ඇති අතර සරත් ඒකනායක මහතා විසින් එය ස්ථිර කොට තිබේ.
අධිකරණ නියෝගයකින් පක්ෂ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වා ඇති මෛත්‍රීපාල සිරිසේන මහතාද රැස්වීමට සහභාගී වී සිට ඇති බව දැනගන්නට ඇත.










