• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊළඟ ජනාධිපතිගේ හඳහන හමුවෙයි! මේක කාටවත් නවත්වන්න බෑ! EXCLUSIVE I Sri Lanka Latest News

April 21, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

ප්‍රවීණ මාධ්‍ය පරිපාලකයෙකු ගත්කතුවරයෙකු ජ්‍යොතිර්වේදියකු සේම දේශපාලන නාමධාරී පෙළපතක පුරුකක් වූ ජනක මල්ලිමාරච්චි සමග කෙරෙන මේ සුවිශේෂ කතාබහ අප උපුටා ගත්තේ Kingsly Rathnayaka යූටියුබ් නාලිකාවෙනි.Sri Lanka Latest News

ඔබ පැවැත එන්නේ ප්‍රබල දේශපාලකයෙකුගේ පුතෙකු විදියට. ඔබේ සහෝදරයා දේශපාලනය කරනවා. ඔබේ පියා දේශපාලනය කරනවා ලංකාවේ ඉතා භයානක යුගයකදී. ඔබේ සහෝදරයා ජීවිතක්ෂයට පත්වෙනවා වෙඩි වැදීමෙන්. ඒ අත්දැකීම් ගැන සඳහන් කරන්න?

88-89 තමයි ඔය තත්ත්වය වැඩිපුර දැනුණේ. මගේ පියා කවදාකවත් කැමැත්තක් තිබුණේ නෑ තුවක්කු පිරිවරාගෙන එළියට බැහැලා යන්න. ඔහු ආරක්ෂකයන්ට කියලා තිබුණේ ආයුධයක් තියෙනවා නම් ඒක වාහනේ තියලා එන්න කියලා. ඔහුගේ ආරක්ෂක අංශයේ හිටපු අයට තිබුණු ලොකු ප්‍රශ්නයක් තමයි තමන්ගේ ස්වාමියාව ආරක්ෂා කරගන්න යනකොට පිස්තෝලේ තියෙන්නේ වාහනේ. ඒක කරදරයක් වෙලා තිබුණා ඒ අයට. අපි ඒ පැත්තට ගිහින් තිබුණේ නෑ. නමුත් ඒ කාලේ වෙනකොට රටේ පාතාලය හිස ඔසවනවා. විශේෂයෙන්ම කොලොන්නාවේ, මැදකොළඹ, උතුරු කොළඹ, කෝට්ටේ බැලුවොත් එහෙම පාතාලේ විවිධ පුද්ගලයන්ගේ නම් කියැවෙනවා. සමහරු ඉන්නවා කොලොන්නාවේ. ඔවුන්ගේ දෙමවුපියෝ බැලුවොත් එහෙම එක්සත් ජාතික පක්ෂයට, තාත්තට වැඩ කරපු අය. වැඩ කරන අය. ඒ පවුල්වලින් එන්නේ. එතකොට තමයි ලේබල් එකක් වදිනවා මේගොල්ලෝ පෝෂණය කෙරුවා කියලා. මම දන්න දෙයක් තමයි පාතාලය කවුරුවත් අපි පෝෂණය කළේ නෑ. මොකද මට තියෙනවා අවුරුදු 15ක දේශපාලන ජීවිතයක්. ඒ දේශපාලනය තුළ පළාත් සභා මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කළ කාලයේ සහ ඒ මැතිවරණ කාලවලදී කවදාකවත් මට ඇඟිල්ලක් දික්කළේ නෑ. මොකද මම කිසිම පාතාලයෙක්ව මගේ ගාවට දාගෙන හිටියේ නැහැ.

මම දැනගෙන හිටියා මේ අය ඇඟට දාගත්තාම මහා කරදරයකින් තමයි ඉවර වෙන්නේ කියලා. ගැළවීමක් නෑ. ඔවුන් එන්නේ ඉලෙක්ෂන් එක දවසට සර්ව ආරක්ෂා කරන්නම් කියාගෙන. නමුත් ඇවිල්ලා අවුරුදු පහම අපිව කනවා. ඒක තමයි දේශපාලනඥයන්ට වුණේ. එක අවස්ථාවක ‘කළු අජිත්’ කියන දැවැන්ත චරිතය හිටියා. ඔහු කොලොන්නාවේ. ඔහුගේ දෙමවුපියෝ කොලොන්නාවේ. නමුත් ඔහුත් එක්ක මගේ ආශ්‍රයක් නෑ. එක ඡන්දයකදී අපි වැඩ කළේ භාරත ලක්ෂ්මන් එක්ක. එතකොට භාරත ලක්ෂ්මන් කියන්නෙත් ඒ වෙනකොට හංවඩු ගහලා තිබුණා පාතාලය වටකරගෙන ඉන්න කෙනෙක් කියලා. මගේ තාත්තා එක්ක ඡන්දේ කාලේ වෙනකොට ගෝරි පටන්ගන්නවා. හැබැයි ඡන්දේ ඉවර වුණාම දෙන්නා හොඳ යාළුවෝ. මට වෙලා තියෙන්නේ ඔහුත් එක්ක තියෙන සම්බන්ධය නිසා ඔහු මට තමයි කතා කරලා කියන්නේ ‘තාත්තට කියන්නකො මෙහෙම කරන්න එපා, මට බණිනවනේ’ කියලා. තාත්තා මට කියනවා ‘අර ඔයාගේ යාළුවට කියන්නකො මට බණින්න එපා, මාව අවුස්සනවනේ’ කියලා. ඇත්තටම ඒක හරි සුන්දර දේශපාලනයක්. මගේ සහෝදරයා මැරුවේ ජේ.වී.පී. එකෙන්. සහෝදරයව මරපු කෙනාම තමයි විජය කුමාරතුංගටත් වෙඩිතියලා මරන්නේ. මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දරටත් වෙඩිතියලා මරන්නේ. ඒ වගේම ප්‍රා කියලා ඉන්නවා, තව එක එක කණ්ඩායම් ඉන්නවා.
මට මතකයි එක දවසක් වැල්ලම්පිටිය පොලිසිය ළඟින් එනකොට ජීප් එකක් හරස් කරලා නැවැත්තුවා. නවත්තලා සිවිල් පිට මිනිස්සු හතරදෙනෙක් බැස්සා. පොලිසිය ඉස්සරහා. ඒ අය කුණු හරුපෙන් බැණලා මාව වාහනෙන් බස්සලා කිව්වා ‘දණගහපං’ කියලා. මම කිව්වා දණගහන්න අවශ්‍ය නෑ කියලා. උඹ කවුද කියලා අපිට වැඩක් නෑ කිව්වා. මම මගේ නම කිව්වා. ඒ වෙලාවේ මීඩියා එකෙන් හිටපු හින්දා බේරුණා. මම ජනක මල්ලිමාරච්චි කිව්වාම, අපිට දේශපාලනය වැඩක් නෑ, වැඩ කරන්නේ කොහෙද කියලා ඇහුවා. මම කිව්වා රූපවාහිනී සංස්ථාවේ කියලා. ‘ආ රූපවාහිනියෙද වැඩකරන්නේ’ කියලා ළඟ ඉන්න එක්කෙනාට මොනවද කියලා ‘උඹ රූපවාහිනියේ වැඩකරන හින්දා උඹව යවනවා පලයං’ කියලා මාව යැව්වා. අපි දන්නේ නෑ කවුද මරන්නේ කියලා. ඒ වගේ භීෂණයක් තිබුණා හැම තැනම. ඒක අපි පිළිගන්න ඕනේ. මගේ ඔය කතාව ඒ කාලේ මගේ තාත්තට කිව්වාම තාත්තා බයවෙලා ප්‍රේමදාස මහත්තයට කතා කරනවා. කතාකරලා කිව්වා ‘සර්, මේ වගේ තත්ත්වයක් දැන් තියෙන්නේ’ කියලා. එතකොට ප්‍රේමදාස මහත්තයා තාත්තට කියලා තියෙනවා ‘වීරසිංහ ඔයත් පරිස්සම් වෙලා යන්න, මම දන්නේ නෑ කවුද මේවා කරන්නේ මොකක්ද වෙන්නේ කියලා. ඒක හින්දා අපි කවුරුත් පරිස්සම් වුණොත් හොඳයි’ කියලා. ඒ වගේ භීෂණ කාලෙදී පාතාලය හිස ඔසවනවා. මේ වගේ දරුණු විදියට ඒක හැම තැනම පැතිරුණා. ඒකට අපි මුහුණ දුන්නා.


ඔබේ එකම අයියා දේශපාලනයට යනවා. ඔහු දැන් කොලොන්නාවේ පාරක නමක බෝඩ් එකක් විතරයි. ඔබේ තාත්තා දැන් පිළිමයක් විතරයි. තාත්තව සහ සහෝදරයාව මරපු මිනිස්සු ගැන ඔබේ අදහස මොකක්ද?

තාත්තා නැතිවෙන්නේ එල්.ටී.ටී.ඊ. එක හින්දා. මේ රටේ සිවිල් යුද්ධ දෙකක් තිබුණා. එකක් දෙමළ ත්‍රස්තවාදය. අනිත් එක ජේ.වී.පී. එක. මේ දෙකේදීම අපේ ගෙදරට තියෙනවා අත්දැකීම්. දෙකෙන්ම දෙන්නෙක් නැතිවුණා. පැහැදිලිවම කිව්වොත් එහෙම ඒ කාලේ වෙනකොට මගේ සහෝදරයා මරන්න කිසි හේතුවක් තිබුණේ නෑ. මගේ සහෝදරයා මරන්න තර්ජන තිබුණෙ නෑ, ලියුම් එවලා තිබුණේ නෑ. මගේ පියාට ලියුම් එවලා තිබුණේ නෑ. මොකද අපේ සහෝදරයා ජයන්ත මල්ලිමාරච්චි කියන පුද්ගලයා ඒ වෙනකොට කොටහේන පොලිසියේ, බ්ලූමැන්ඩල් පොලිසියෙන් ගෙනාපු අහිංසකයන් කියලා කියපු තරුණයෝ, ජේ.වී.පී. වැඩ කරපු නැති හුඟක් තරුණයෝ පොලිසිවලට ගෙනල්ලා දානවනේ. ජේ.වී.පී. එකට හිතවත් වුණත් මැරකම් නොකරපු මිනිස්සුන්ව බලහත්කාරයෙන්ම පොලිසියෙන් නිදහස් කරගෙන ආපු කෙනෙක් මගේ අයියා. ඒ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණෙත් තිබුණා අපි ඔවුන්ට හිතවත් කියලා මතයක්. එහෙම චෝදනාවකුත් තිබුණා. අපි ආණ්ඩුවේ ඉඳලම ජේ.වී.පී. කරනවද කියලා. තමන්ගේ ළඟ ඉන්න එක්කෙනෙක් එහෙම අරගෙන ගියාම ඔහු දන්නවා ජේ.වී.පී. කළේ නෑ කියලා. නමුත් පොලිසියෙන් අරගෙන යනවා. නැත්නම් වෙන කණ්ඩායමක් අරගෙන යනවා. ඒ කාලේ තිබුණු ප්‍රශ්නයක් තමයි මගේ සහෝදරයගෙයි තාත්තගෙයි ගෝරිය. තාත්තට ඇවිල්ලා කියනවා ‘ඔයා ඇමැතිවරයෙක්, මගේ කොල්ලෝ අරන් යනවා, මේක කොහෙන් හරි හොයලා දෙන්න’ කියලා. ලකී අල්ගමලා එහෙම බි්‍රගේඩියර්ලා හැටියට හිටියා ඒ කාලේ. තාත්තා ඒ අයට කතා කරලා මේ මිනිස්සු අරගෙන ඇවිල්ලා තියෙනවද කියලා අහනවා. ඒ වගේ හරි ප්‍රශ්න තියෙන කාලෙක තමයි මේ කනගාටුදායක සිදුවීම වුණේ.
මැතිවරණය දවසේ ඔහුව වෙඩිතියලා මරනවා. ඒ වෙඩිතියලා මරපු පුද්ගලයාව අත්අඩංගුවට ගත්තට පස්සේ මම යනවා ඔහුව මුණගැහෙන්න රන්ජන් විජේරත්න ඇමැතිතුමාගේ පණිවුඩයක් අනුව. මම ගිහින් ඔහුගෙන් අහනවා ‘ඇයි මගේ සහෝදරයාව මැරුවේ? මොකක්ද හේතුව? එයා අපේක්ෂකයෙක් නෙවෙයිනේ’ කියලා. මොකද ඔහු ගිය ගමන් කිව්වා ‘අපේක්ෂකයෙක් මරන්න කියලා මට කිව්වා, එදා දවසේදී කොහොම හරි, අපේක්ෂකයෙක් මරන්න ඕනේ හින්දා තමයි මැරුවේ’ කියලා. මම අහනවා ‘ඉතිං අපේක්ෂකයෙක් නෙවෙයිනේ මගේ අයියා’ කියලා. ඔහු කියනවා ‘ඒකේ පොඩි වැරැදීමක් වුණා’ කියලා. ඊට ඉස්සෙල්ලා දවසේ මගේ අයියා ගෙදර ඇවිල්ලා මට කියනවා ‘මල්ලි හෙට මම ජීප් එක ගෙනල්ලා දෙනවා, තාත්තා 12 වෙනකල් ඔය වාහනේ ගිහිල්ලා, මම තාත්තාගේ වාහනයයි අපේ වාහනයයි මාරු කරගන්නවා, මුං මොනවා කරයිද දන්නේ නෑ අපිට’ කියලා. තාත්තට වාහනේ දෙන්න ඕනේ හින්දා, අපේක්ෂකයෙක් හැටියට යනකොට කොඩියක් ගහගෙන යන්න පුළුවන් නේ වාහනේ. ඒක නිසා ඔහු කරන්නේ වාහනෙන් බැහැලා කොඩිය ගහගන්නවා ජීප් එකේ. එතකොට ඔහුව මරන්න එන ජේ.වී.පී. එකේ පුද්ගලයා හිතනවා මේ කොඩිය ගහගෙන යන්නේ අපේක්ෂකයෙක් කියලා. එතකොට ඔහු ඇත්තටම දන්නේ නෑ මේක ඇතුළේ යන්නේ ජයන්ත මල්ලිමාරච්චි කියලා. ඔහුව මරනවා. මගේ පියා ඉලක්කයක් වෙලා හිටියේ ඒ වෙනකොට. ඊට මැතිවරණයකට සති එකහමාරක විතර කලින් අපි වෙන්නවත්ත කියන ප්‍රදේශයේ රෑ 7ට විතර යනකොට පොලිසියේ එක්කෙනා කියනවා ‘යන්න එපා සර් දැන් මේ පාරේ. කරුවලයිනේ. අපි හෙට යමු’ කියලා. එතකොට තාත්තා කියනවා ‘අපි එනකල් ඒ පැත්තේ මිනිස්සු බලාගෙන ඉන්නවා හැන්දෑවේ තුනේ ඉඳලා. කමක් නෑ අපි පොඩ්ඩක් යමු’ කියලා.
තාත්තගේ සිකියුරිටි ඔෆිසර් අයිනේ ඉන්නවා, තාත්තා මැද්දේ ඉන්නවා, මම අනිත් පැත්තේ අයිනේ ඉන්නවා. පාරට බැහැලා පල්ලෙහාට යනකොට එකපාරටම ඔහු ඔළුව අල්ලගන්නවා, ගලකින් ගැහුවා කියලා. ඊට පස්සේ ඔහු නැවිලා ගන්නකොට ලොකු එස්ලෝන් බටයකින් හදපු බෝම්බයක්. ඒකේ වෙඩි නූල පත්තුවෙලා වීසි කරපු වෙලාවේ නිවිලා. හරියටම මගේ තාත්තගේ කකුල්දෙක ගාවට වැටිලා තිබුණේ. ඊට පහුවදා ආමි එකෙන් ඇවිල්ලා ඒක පුපුරුවනවා. ඒ අය පරීක්ෂා කරලා කිව්වා ඒක හරියට පිපිරුවා නම් 15 දෙනෙක් විතර මැරෙනවා කියලා. ඒ වගේ තර්ජන තිබුණා අපිට. අර වෙලාවේදී දැක්කාම මගේ අයියට වෙඩි තිබ්බා. ජේ.වී.පී. එකෙන් මල් වඩමක කොලයක් ලියලා දාලා තිබුණා ‘ජනතා විමුක්ති පෙරමුණේ ශෝකය’ කියලා. එතකොට වෙන්න ඕනේ දේ වෙලා ඉවරයි. කිසිම දේකට සම්බන්ධ නැති ඒ වෙනකොටත් ජේ.වී.පී. එකේ කියලා හංවඩු ගහලා හිටපු, නිරපරාදේ මරන්න ගෙනිච්ච තරුණ තරුණියෝ විශාල පිරිසක් බේරගත්ත මිනිහෙක් තමයි නැතිවුණේ.

ඒ වෙච්ච වැරැද්ද පස්සේ කාලෙක සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ආවට පස්සේ ඒ අදාළ දේශපාලන නායකයෝ කවදා හරි කතාකරලා කනස්සල්ල හෝ සමාව ඉල්ලලා තියෙනවද?
පස්සේ කාලෙකදී මේක වුණාට පස්සේ මට ගමනායක හම්බවෙනවා එක්තරා තැනකදී. ඒකත් මීඩියා එක හින්දයි. අන්න එතැනදී ඔහු කියනවා ‘ජනක සමාවෙන්න ඕනේ සහෝදරයගේ මරණෙට. ඒක අපේ අතින් වෙච්ච අත්වැරැද්දක්’ කියලා. ගමනායක මට කිව්වා. ඔහුගෙන් ඒ ගැන මම අහන්නෙත් නැතුවයි මට එහෙම කිව්වේ. මම කිව්වා ‘ඔය වගේ අත්වැරැදි කොච්චර වෙලා ඇද්ද මේ රටේ තරුණ තරුණියන්ට’ කියලා. ආණ්ඩුව පැත්තෙනුත් ඒ වගේ වැරැදි වෙන්න පුළුවන්. නමුත් ගමනායක විතරක් මට කනස්සල්ල පළකළා අයියගේ මරණය සම්බන්ධයෙන්. වෙන කවුරුවත් නෑ.
විජේවීරගේ අළු තියෙන්නේ කොහෙද කියන එක දන්නේ මම විතරයි. කනත්තේ එක්තරා ස්ථානයක තියෙනවා. ඒක දන්නේ මම විතරයි. ඒක වළලපු කෙනා මට පෙන්නලා කියලා තියෙනවා ‘මෙන්න මෙතැන තියෙනවා, මුට්ටියේ විජේවීර කියලා ලියලා තියෙනවා සර්’ කියලා.

ඔබ ජ්‍යොතිෂයට සම්බන්ධ කටයුතුත් කරන බව අපට දැනගන්න ලැබුණා. මොකක්ද ජ්‍යොතිෂය, කේන්දර එක්ක ජනක මල්ලිමාරච්චිට තියෙන සම්බන්ධය?

දවසක් මාව හම්බවෙන්න ආවා ප්‍රේමරත්න කළුආරච්චි කියලා කෙනෙක්. ඔහු ‘ආරාධනා’ පත්තරේට, ‘තිරතරු’ පත්තරේට ලියනවා නළු නිළියන්ගේ කේන්දර ගැන. කතාබහ කරලා ඔහුත් එක්ක මම මිත්‍රකමක් ඇතිකරගත්තා. එහෙම ඉන්නකොට ඔහු දවසක් කිව්වා ‘සර් විජය කුමාරතුංග කවදා හරි වෙඩි කාලා මැරෙන්නේ’ කියලා. ‘නිකන් නෙවෙයි මූණට වෙඩි තියලා මැරෙන්නේ’ කියලා. මම ඔහුව එක්කගෙන ගියා විජය කුමාරතුංග ගාවට. ඔහුව දැක්ක ගමන් විජය ඔළුවට අත ගහගෙන මගෙන් අහනවා ‘මෙයාව කොහෙන්ද හොයාගෙන ආවේ ජනක’ කියලා. මෙයා හැම තැනම කියනවනේ මගේ මූණට වෙඩිතියනවා කියලා. ඉතින් මේකව මට දැන් එපාවෙලා තියෙන්නේ දැක්කම’ කියලා. එතකොට ඔහු කියනවා ‘නෑ ඒක වෙනවා. ඔයා පරිස්සම් වෙන්න’ කියලා. ඔහු මට කියනවා ‘සර් මේක ටිකක් ඉගෙනගන්න, මම උගන්වන්නම්’ කියලා. මමත් කියනවා ‘ඉගෙනගන්න කැමැතියි’ කියලා. මම ඒක ඉගෙනගත්තා. ඔහු මට අත්දැකලා පෙන්නුවා. ඔහු මගේ ගුරුවරයා. විජය කුමාරතුංගගේ මූණට වෙඩි තිබ්බේ. රේඩියෝ එකේ නිවුස් එක ගියේ වෙඩි තිබ්බා කියලා විතරයි. ඔහුව මගේ වාහනේ දාගෙන මම ගියා ඉස්පිරිතාලෙට. යනකොට ඔහුගෙන් මම ඇහුවා ‘මොකද වෙලා තියෙන්නේ’ කියලා. ඔහු කියනවා ‘මැරිලා ඇති සර්’ කියලා. ඊට පස්සේ මම ඇහුවා ‘පපුවට වෙඩි තියලද?’ කියලා. ඔහු කියනවා ‘නෑ සර් මූණට වෙඩිතියලා ඇති’ කියලා. මිනිය ගාවට ගියාම ඔහු කියනවා ‘මෙන්න සර් මූණට වෙඩි තියලා තියෙන්නේ’ කියලා. මේ ජ්‍යොතිෂය බොරු කරන්න බෑ. හැබැයි මේක හරියට කරන්න ඕනේ. මම කල්පනා කළා මේ ගැන අධ්‍යයනයක් කරන්න ඕනේ කියලා. ඒ අනුව මම ජ්‍යොතිෂය ඉගෙනගත්තා. මට මේකෙන් සල්ලි හම්බකරන්න ඕනේ නෑ. මට ඕනේ තරම් යාන වාහන, කෑම බීම, ගෙවල් දොරවල් තියෙනවා.

ඔබේ ජ්‍යොතිෂ කටයුතුවලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ප්‍රතිචාර ඉතාම ඉහළයි. මම ජීවිතේටවත් දන්නේ නැති කෙනෙක්ගේ පහුගිය අවුරුදු 20ක විතර දේවල් කිව්වම, ඒ පුද්ගලයා කියනවා නම් හරියටම හරි ඔයා කියපු දේවල් කියලා මට ඔහුගේ අනාගතය ගැන කියන එක මහලොකු දෙයක් නෙවෙයි. උදාහරණයක් මම කියන්නම්. ලංකාවේ අනාගතය ගැන මිනිස්සු පලාපල කියනවා. ලෝකායත ජ්‍යොතිෂය අනුව ලංකාවට තියෙන්නේ කුම්භ ලග්නය කියලා කියනවා. සමහරු කියනවා 1948 කොඩිය උස්සපු වෙලාව තමයි හරි කියලා. තවත් අය කියනවා කොඩිය උස්සපු වෙලාව නෙවෙයි හරි, 1948 අපට නිදහස දෙන්න කියලා අස්සන් කරපු වෙලාවයි හරි කියලා. තවත් සමහරු කියනවා 1972 ජනරජ දිනය දවස කියලා. මේක මහ පටලැවිල්ලක්. සමහරු කතා කරලා කියනවා මැතිවරණයෙන් අහවලා පරදිනවා කියලා. අහවලා දිනනවා කියලා. දිනනවා කියන මිනිහා පරදිනවා, පරදිනවා කියන මිනිහා දිනනවා.
පහුගිය ප්‍රධාන මැතිවරණයකදී මම කියලා තිබුණා, මම හිතුවේ නෑ ඔහු ඒ මැතිවරණයට ඉදිරිපත් වෙයි කියලා. මම කිව්වා ඔහු ආවොත් පරදිනවා කියලා. එතකොට ජ්‍යොතිෂවේදියෝ ඔහු වටේ පොරකෑවා. සමහරු මාධ්‍ය සාකච්ඡා තියලා කිව්වා මේ පුද්ගලයා දිනුවේ නැත්නම් ජ්‍යොතිෂය කියන එක බොරු වෙනවා කියලා.

ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස කියන නම් හතර ඇතුළේ ඔබ ඔය කියන පුද්ගලයාගේ කේන්දරය තියෙනවද ඔබ ගාව?

තියෙනවා. මට ඒ පුද්ගලයගේ විතරක් නෙවෙයි, ඒ පුද්ගලයගේ තාත්තාගේ සහ පවුලේ සියලු දෙනාගේ කේන්දර ටික දුන්නා, කළුආරච්චිට දෙන්න කියලා. මට කිව්වා ඕක ලියාගන්න කියලා. මම දන්නවා ඒ කේන්දරේ තිබුණේ තාත්තා ගාවයි, මගේ ගාවයි විතරයි කියලා. නමුත් පුතා හැටියට ඔහු ගාව දැන් ඒක තියෙනවා ඇති. පසුගිය කාලේ ජ්‍යොතිෂ කරපු දෛවඥයන් සියලු දෙනාටම ඔහු දුන්නේ බොරු කේන්දරයක්. මම තර්ක කළා එක පුද්ගලයෙක් එක්ක ඔයා ගාව තියෙන කේන්දරේ බොරු එකක් කියලා. මගේ ගාව ඇත්ත කේන්දරේ තියෙනවා කියලා.

ඉදිරි අවුරුදු පහේදී මම මේ කියපු නම් හතර ආපහු කරළියට එනවා. එතකොට මේ අයගේ රාජකීය දෛවඥයෝ ඉන්නවා. එතකොට ඔබ මේ නොකියා කියන පුද්ගලයාගේ ඔරිජිනල් කේන්දරය නෙවෙයිද මේ කියන දෛවඥයෝ ගාව තියෙන්නේ?

නැහැ. මගේ ගාව තියෙනවා ඔරිජිනල් එක. ඒ විතරක් නෙවෙයි ඔහු ඒ කාලේ වෙලාවල් හදාගත්ත දෛවඥයට මම කිව්වා ඔයා ගිහිල්ලා ලොක්කගෙන් හරි කේන්දරේ ඉල්ලගන්න කියලා. ඔයා ගාව තියෙන්නේ බොරු කේන්දරයක් කියලා. මම මේ කියන්නේ ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් එකක්.

තව අවුරුදු 5කින් ඔබ ගාව තියෙන ඔය කේන්දරේ වෙන්නේ මොකක්ද කියලා කියන්න කැමැතිද?

ඔව්. ඔහුටත් ඒ ගැන දැනීමක් තියෙනවා කියලා මම අහලා තියෙනවා. හැබැයි ඔහු ඒ දැනීම උපයෝගී කරගත්තද දන්නේ නෑ ඔහු ගාව තියෙන කේන්දරයත් වැරැදිද දන්නේ නෑ. ඒක නිසා ඔහු ආවද දන්නේ නෑ. මොකද පොඩි මොළයක් තියෙනවා නම්, පොඩි සංඥාපනයක් තියෙනවා නම් කේන්දර ගැන, ඔහු කවදාකවත් ඒකට ඉදිරිපත් වෙන්නේ නෑ ඒ කේන්දරය අනුව. සියදිවි නසාගැනීමක් ඒක. වෙන එක්කෙනෙක් එන්න හිටපු එකකට බලපෑම් කරලා ඉල්ලගන්නවා කියලා කියන්නේ තමන්ම ගිහිල්ලා පෝරකයේ එල්ලුණා වගේ වැඩක්.

අවසාන වශයෙන් මම ඔබට එකක් කියන්නම්. මේ කේන්දරේ ගැන. ආණ්ඩු පක්ෂයේ ඉන්න ලොකුම අයගේ ඉඳලා විපක්ෂයේ ඉන්න අයටයි, දේශපාලන පක්ෂවල ඉන්න සියලු නායකයන්ට සහ පාක්ෂිකයන්ටයි මේ කියන්නේ.
කාලවකවානුවක් කියන්න පුළුවන්ද?

තව අවුරුදු පහකින්. ඔහුට ……..(බීප් නාදයක්)……. තියෙනවා. ඒක නැතිකරන්න හරි අමාරුයි.

(මෙහි හිස්තැනක් යොදා ඇති ස්ථානයේදී ජනක මල්ලිමාරච්චි මහත්මා විසින් ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරනු ලබන දේශපාලනඥයාගේ නම සඳහන් කරන අතර, කිංස්ලි රත්නායක මහතා විසින් පසුව එම නම නොඇසෙන පරිදි ‘බීප්’ නාදයක් යොදා ඇති ආකාරයක් දැකගන්නට ඇත. කෙසේ වෙතත් මෙම සම්මුඛ සාකච්ඡාව නරඹන ඕනෑම අයකුට එම දේශපාලනඥයා කවුරුන්ද යන්න වටහා ගැනීම අපහසු නැත.)

SendShareShare
Previous Post

චීනය දීපු සහන කාලය අප්‍රේල් 12න් ඉවරයි! 18 දා ගෙවන්න තිබුණු පළමු ණය වාරිකය ආණ්ඩුව ගෙවලා නෑ! 23 දා ලොකු පණිවුඩයක් අරන් චීන ප්‍රබලයෙක් ලංකාවට එනවා! I Sri Lanka Latest News

Next Post

සජිත්-අනුර විවාදය කඩාකප්පල් කළ රහස් හෙළිවෙයි! රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

MORE NEWS

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

Load More
මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

''මාළු හොයන ඇප් එක හදලා තියෙන්නේ'' ''අපි නෙමෙයි.. අපි ආණ්ඩුවට එන්න කළින් ඉඳන් තිබිච්ච එකක් අලුත් දෙයක් නෙමෙයි'' ධීවර නියෝජ්‍ය...

Read more
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.