• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොදිබඳින සාදුලා අස්සේ අතහරින කෝටිපතියෝ! Sri Lanka Latest News

April 20, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

ලස්සනට පිපෙන මල් දවසක පරවෙලා යනවා. අපේ ජීවිතත් හරියට ඒ වගෙයි. කෙටි ජීවිත කාලයක් තමයි අපි හැමෝටම ලැබෙන්නේ. ඒ කෙටි කාලය ඇතුළේ යහපත් විදියට, සුවඳ හමන මලක් වගේ ජීවත් වෙලා ලෝකයට යහපතක් කරලා ජීවිතයෙන් සමුගන්නවද, එහෙමත් නැත්නම් පින් පව්, හොඳ නරක ගැන නොහිතා හිතෙන හිතෙන හැම දේම කරලා මිනිසත්කම අමතක කරපු මනුෂ්‍යයෙක් විදියට ජීවිතයෙන් සමුගන්නවද කියන එක තීරණය කරන්න ඕනේ අපිමයි. ජීවිතයේ තණ්හාව ආශාව අඩුකරගන්න තරමට හිතේ සැනසීම වැඩියි. තණ්හාව ඉතුරු නැතිවම නිරුද්ධ කළ කෙනා තමයි රහතන්වහන්සේ කියන්නේ. ඒ තරම් කෙළෙස් ප්‍රහීණ කරගන්න ගිහියෝ වෙච්ච අපට බැරි වුණත්, යම් තරමකට හෝ කෙළෙස් දුරකගත්තොත් හිතට ලැබෙන සැනසීම අසීමිතයි. බුදුරදුන් දේශනා කළ දහමේ සර්වකාලීන ගුණය එයයි. (Sri Lanka Latest News)

සමාජයේ විවිධ ස්ථරවල මිනිසුන් සිටිනවා. ඔවුන්ට ඇති වත්කම්, උගත්කම් අනුව සමාජ විසින් ඔවුන්ට විවිධ නම්බු නාම ලබාදීලා තියෙනවා. වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, කෝටිපතියෙක්, ඉඩම් හිමියෙක්, ධනවතෙක් වගේ නම්බු නාම තානාන්තර හිමි අය දැක්කාම අපි හිතන්නේ අම්මෝ හරිම ආඩම්බරයි ගාම්භීරයි කියලා. ඒ අයට ලැබෙන පිළිගැනීම ඉහළයි. ඇතැම් අය අපිට ඕනෑ තරම් දේපළ තියෙනවා, අපේ නෑදෑයෝ ඇමෙරිකාවේ එංගලන්තයේ ඉන්නේ කියලා උජාරුවට පවසනවා. මේ සියල්ලේම ඇත්තේ තණ්හාවෙන් පිරුණු මමත්වයක් සහ නිස්සාරත්වයක් බව ඒ අයට තේරෙන්නේ නැහැ. පින නිසා ලැබුණු ඒ සමාජ තත්ත්වය, ධනවත්කම, සශ්‍රීක බව ඔවුන්ව අවසානයේ කැඳවාගෙන යන්නේ ප්‍රේත ලෝකයට වෙන්න පුළුවන්. මොකද තණ්හාවෙන් එක්රැස් කළ හැම දේම දුකට හේතුවෙන බව දහමේ සඳහන් වෙන නිසා. නමුත් කොයි තරම් ධනවත්කම්, සමාජ තත්ත්වයන් තිබුණත් ඒ සියල්ලම අනිත්‍ය වෙලා යන බවත්, තණ්හාවෙන් මිදුණු තැන සතුට උපදින බවත් තේරුම් ගත්තු අතළොස්සක් දෙනා මේ ලෝකයේ සැබෑම සැපය දෙසට පියනගනවා. එවැනි ප්‍රඥාවන්තයන් අතරින් අපට මුලින්ම මතකයට නැගෙන්නේ සිදුහත් කුමරාව. රජ පවුලකින් පැවැත ආවත්, කොයි තරම් ධනවත්කම් තිබුණත් ජීවිතයේ යථාර්ථය එය නොවන බව වටහාගන්න සිදුහත් කුමරා ඒ සියලු රජසැප අතහැරලා දැම්මා. ඒ මීට වසර 2,600කටත් පෙරදීයි. නමුත් ඒ උත්තම මඟ යන සත්පුරුෂයන් අදත් මේ ලෝකයේ නැතුවාම නෙවෙයි. අපි මේ කියන්න යන්නෙත් එවැනිම පුවතක්. එය අපට අසන්න ලැබුණේ ඉන්දියාවෙන්.

ලෝක වාසීන්ගෙන් බහුතරයක් ආර්ථික වශයෙන් පීඩා විඳින සමයක තමන් සතුව තිබූ කෝටි 200කට අධික ධනය දුප්පතුන්ට බෙදාදීලා ජීවිතේ සත්‍යය සොයා මහණදම් පුරන්නට යොමුවුණු යුවළක් පිළිබඳවයි එලෙස වාර්තා වුණේ. කෝටි 200කට අධික සුවිශාල ධනයක් බෙදාදීලා, ගිහි බැඳීම් සියල්ල අතහැරලා දාලා කෙනෙක්ට යන්න පුළුවන්ද කියන කාරණය එහිදී බොහෝ දෙනකුට අදහාගත නොහැකි වී තිබුණා.

එලෙස සියලු වස්තුව අතහැර මහණ දම් පුරන්නට යොමුවී තිබුණේ ඉන්දියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් හිමි යුවළක්. ඔවුන් ජෛන ආගම අදහන්නන් වුණා. මෙම යුවළගේ 19 හැවිරිදි දියණිය සහ 16 හැවිරිදි ප්‍රත්‍රයාද 2022 වර්ෂයේදී තපස් දිවියට පිවිස තිබුණා. එම පැවිදි පින්කම සිදුවූ දින මෙම ව්‍යාපාරික පියා වන භවේෂ් භණ්ඩාරි පවසා තිබුණේ කොවිඩ් වසංගත සමයේ තම දරුවන් ජෛන තාපසවරුන්ගේ අනුශාසනා මැද හැදීවැඩුණු නිසා ඔවුන් පැවිදි වීමට තීරණය කළ බවයි. දරුවන්ගේ එම තීරණය තමන්ටද පැවිදි වීමට අනුබලයක් වූ බවයි ඔහු පවසා තිබුණේ. ඒ අනුව පසුගිය පෙබරවාරියේදී ඔවුන් සතු සියලු ධනය උත්සවාකාරයෙන් ජනතාව අතර බෙදාදීමට භවේෂ් භණ්ඩාරි සහ ඔහුගේ බිරිය කටයුතු කරනු ලැබුවා.

ඔවුන්ගේ ආගම වන ජෛන ආගමේ හැටියට දික්ෂා ලබාගැනීමට ගැඹුරු කැපකිරීමක් සිදුකළ යුතුයි. ඒ අනුව, මෙම යුවළට ගෙන යා හැක්කේ සුදු ඇඳුම් දෙකක්, පාත්‍රයක් සහ රාජාරෝහණය පමණයි. රාජාරෝහණ යනු ජෛන භික්ෂුවක් බිම පිරිසිදු කිරීමට භාවිත කරන කොස්සයි. මේ කොස්ස නිසා කෘමීන්ට හානියක් නොවන ලෙස අතුගා දැමිය හැකි බව ජෛන ආගමේ කියැවෙනවා.

පසුගිය පෙබරවාරි මාසයේ 35 දෙනකුගෙන් යුතුව මෙම භණ්ඩාරි යුවළ කිලෝරීටර් 4ක දුරක් විථි සංචාරය කරනු ලැබුවේ ගුජරාට් ප්‍රාන්තයේ සබර්කාන්ත ප්‍රදේශයේදියි. එහිදී ඔවුන් පාවිච්චි කරන ලද ජංගම දුරකතන වායුසමීකරණ යන්ත්‍ර රෙදිපිළි ඇතුළු ඔවුන් පරිහරණය කරන ලද සියලු දේ පරිත්‍යාග කරන්නට වුණා. ඡායාරූපයෙන් දැක්වෙන්නේ මොවුන් අශ්ව රථයක නැගී සියලු වස්තුව පරිත්‍යාග කරන ආකාරයයි. මේ උත්සවය හඳුන්වනු ලබන්නේ ‘දික්ෂා උත්සවය’ ලෙසයි. ජනතාව මේ භාණ්ඩ ලබාගැනීමට පොරකමින් මහා මාර්ගවල රැඳී සිටියා. එලෙස භාණ්ඩ ලබාගත් පිරිස ඔවුන්ගේ ගමනට ආශීර්වාද කරන්නට වුණා.
වර්තමානය වන විට පැවිදි දිවියට ඇතුළත් වන පිරිස වැඩිවී ඇති බවත්, බොහෝ දෙනකුට මානසික පීඩනය දාරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් තරුණ වියේදීම පැවිදි ජීවිතය අත්හදා බැලීමට කටයුතු කරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

අතිවිශාල ධනයකට හිමිකම් කියන භණ්ඩාරි පවුලේ මෙම තීරණය ප්‍රාන්තයේ පමණක් නොව ලෝක වාසීන්ගේම කතාබහට ලක්ව තිබුණා. ඔවුන් අප්‍රේල් 22 වැනි දින පැවිදි දිවියට පත්වීමට නියමිතව සිටිනවා.

සිය සුවිශාල ධනය බෙදා දීමෙන් ඔවුන් සංකේතවත් කරනු ලැබුවේ ඒ සියලු සැප සම්පත් අත්හැරීමට තමන්ට හැකි බවයි. ඔවුන් උපයාගත් ධනය සිනා මුහුණෙන් යුතුව බෙදාදුන්නේ ඒ අතැහැරීමේ සතුට සිත්සේ භුක්ති විඳිමිනුයි.

මේ ජෛන ආගමික පවුල භෞතික ජීවිතයේ හිස් බව වගේම අධ්‍යාත්මික ජීවිතයෙන් ලැබෙන සැනසීම මනාව හඳුනාගෙන ඇත. කෝටි ගණන් මිල මුදල් තිබුණත්, ඒ සියල්ල අතහැර අල්පේච්ඡ ජීවිතයක් ගතකිරීමට තමන්ට හැකි බව ඔවුන් ක්‍රියාවෙන්ම ඔප්පු කළා. මොවුන් තමයි ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගත් වීරයන් වශයෙන් ඇත්තටම හඳුන්වාදිය හැකි වන්නේ.

මේ අතර, පසුගිය වර්ෂයේ ගුජරාටයේ කෝටිපති දියමන්ති වෙළෙන්දකු සහ ඔහුගේ බිරියද මේ ආකාරයටම පැවිදි දිවියට පත්ව තිබුණා. ඔවුන්ගේ 12 හැවිරිදි පුතු පැවිදිව වසර 5කට පසුවයි ඔවුන් මෙම තීරණ ගෙන තිබුණේ. එසේම අපේ රටේද තරුණ යුවළක් ඇතුළු දහ දෙනකු සිය ධනය සසුනට පූජා කර පැවිදි දිවියට පත්වූ පුවතක් මාධ්‍ය වාර්තා කළා. ඔවුන් අතර ගුරුවරියක්, ඉන්ජිනේරුවරයෙක් ඇතුළු විවිධ කැපීපෙනෙන වෘත්තීන්හි නියැළි පුද්ගලයන් සිටියා. එම පිරිස පැවිදි දිවියට පත්ව තිබුණේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පිහිටි ගෝසිංග වන අරණ නම් ආරණ්‍ය සේනාසනයේයි.

‘අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ දුක්ඛාජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨෝසි පුන ගෙහං න කාහසී.
සබ්බා තේ ඵාසුකා භග්ගා ගහකූටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං තණ්හානං ඛයමජ්ඣගා’

‘නැවත නැවත ඉපදීම දුකකි. සසර නැවත නැවත ඉපදීම් වශයෙන් පඤ්චස්කන්ධ සංඛ්‍යාත ගෘහය නැවත නැවත තනන්නා වූ තෘෂ්ණා නමැති වඩුවා සොයමින් ඔහු අල්ලාගත නොහැකිව සිය දහස් ගණන් ජාතියෙහි සසර ඒ මේ අත දිවූයෙමි. ස්කන්ධ සංඛ්‍යාත ගෘහය තනන්නා වූ තෘෂ්ණා නමැති වඩුව, මම තා දුටුවෙමි. මින් මතු නුඹ මට ගෙවල් නොතනන්නෙහිය. තාගේ සහකාර කෙලෙස් නමැති පරාල සියල්ල මා විසින් සිඳින ලද්දේය. ස්කන්ධ ගෘහයා ගේ මුදුන වූ අවිද්‍යාව මා විසින් නසන ලද්දේය. මාගේ සිත අරමුණු කිරීම් වශයෙන් නිවනට පැමිණියේය. තෘෂ්ණාවන්ගේ ක්ෂය වූ අර්හත්වයට මම පැමිණියේ වෙමි’ යනු එහි අදහසයි.

මේ, බුදුරදුන් නිර්වාණ ධාතුව අවබෝධ කරගැනීමෙන් පසුව දේශනා කරනු ලැබූ උදාන වාක්‍යයයි.

අප ඉහත සඳහන් කළ ජෛන ආගමිකයන්ද තමන්ගේ දහමට අනුව සත්‍යය සොයා ගියා. සියලු සම්පත් දුප්පතුන්ට බෙදා දී ඉතා දුෂ්කර ප්‍රතිපදාවක් සහිත ජෛන දහම තුළින් සත්‍යය අවබෝධ කරගන්නට ඔවුන් උත්සාහ දරනවා ඇත. බුදු දහමට හාත්පසින්ම වෙනස් දහමක් වුවත් ඔවුන්ගේ අවබෝධයට අනුව ඔවුන් සිදුකළ අතහැරීම ඇත්තෙන්ම අගය කළ යුතුය. තෘෂ්ණාවෙන් තොරව තමන් සතු දේ අතහැරීමට හැකි නම් ඒ තැනැත්තාට සත්‍ය දහම නුදුරේදීම මුණගැසෙන බව ලෝක ධර්මතාවකි. ඒ නිසා ඔවුන්ටත් නුදුරේදීම සැබෑ දහම මුණගැසේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

රනිල් – මාලිමා ඩීල් එක අනුරාධපුරේ රෝහණ හෙළිකරයි! අනුර විවාදය කඩාකප්පල් කරපු බලවේගයත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සිංහල දෙමළ මුස්ලිම් කාන්තාවන්ගෙන් ක්‍රීඩාංගනය පිරී ඉතිරී යයි! සජිත්ගේ මඩකළපු කාන්තා රැස්වීමට මහා ජන ගඟක් ගලයි! මෙන්න සජීවීව බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.